The title of the page
Taxi Driver (2021) E08 Sinhala Sub
Taxi Driver (2021) E08 Sinhala Sub
8.3
97

Taxi Driver (2021) E08 Sinhala Subtitles | ඩේටා පතල සොයා | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

       ඔන්න මම අද කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ හතර වන කොටසේ සිංහල උපසිරස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ කතා ගැන මම පොඩි හැදින්වීමක් කරන්නම්,

         කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS TV ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • මෙහි ප්‍රධාන නළුවා ලෙස Lee Je-hoon (Signal, Move to Haven වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ Kim Do-gi චරිතයට පණ පොවනවා. Kim Do-gi කියන්නේ පළිගැනීමේ සේවාවේ සාමාජිකයෙක් මෙන්ම  ඩිලක්ස් ටැක්සියේ රියදුරා ලෙස පෙනී ඉන්නවා.
  • මෙහි ප්‍රධාන නිළිය ලෙස Esom (Scarlet innocence චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ අභිචෝදක Kang Ha-na චරිතයට පණ පොවනවා.
  • Kim Ui-Seong ( Train to Busan වැනි චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) සහය නළුවෙක් ලෙස රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ නිල් කුරුලු පදනමේ අධ්‍යක්ෂවරයා හා දේදුනු ප්‍රවාහන කුළීරථ සේවයේ අයිතිකරු වශයෙන් ද පෙනී ඉන්නවා. මීට අමතරව මොහු “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා.
  • තවද සහය නිළියක් ලෙස Pyo Ye-Jin (what’s wrong with the secretary kim?, Love Returns වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ Ahn Go-eun චරිතයට පණ පොවනවා. Ahn Go-eun කියන්නේ “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ කම්පියුටර් හැකර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ.
  • තවද සහය නළුවන් වන Bae yoon-ran හා Jang Hyeok-jin යන දෙපල පිළිවලින් Park Jin-eon හා Choi Gyeong-gu යන චරිතයන්ට පණ පොවනවා. මොවුන් දෙදෙනා “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ සාමාජිකයන් වන අතර එහිදී ඔවුන් කාර් ඉංජිනේරුවන් ලෙස තමයි ඉන්නේ.
  • මෙහි තවත් එක් චරිතයක් වන සභාපති Beak Sung-mi රඟනයෙන් යෙදෙන්නේ Cha Ji-Yeon ය. (ඇය Actor මෙන්ම singer ද වෙයි. මේ කතාවේ All Day…කියන ost song එක ඇය තමයි ගායනා කරලා තියෙන්නේ.)

පසුගිය කොටසේ,

ඔයාලා දකින්න ඇති උපාය මාර්ග සැලසුම් කණ්ඩායම මගින් කාමුක දර්ශන සහිත වීඩියෝ මුදල් උපයා ගැනීමේ අරමුණෙන් තම සමාගමේ වෙබ් අඩවියට මුදවා හරිනවා. ඉතිං මේ වීඩියෝ අතරේ Ahn Go-eun ගේ සහෝදරියගේ වීඩියෝ එකක් තියෙනවා Kim Do-gi මෙන්ම Ahn Go- eun දකිනවා. පසුව Ahn Go- eun ට තමන්ගේ සහෝදරියට වූ සිද්ධිය නැවතත් සිහි වෙනවා. පසුව ඇය කම්පනයට පත් වෙනවා. Ahn Go- eun ගේ සහෝදරිය වූ සිද්ධිය Jang Sung-chul, Kim Do-giට පවසනවා. එනම් Ahn Go- eun සහෝදරියගේ පෙම්වතා රවටා ඇයත් සමග සිටි කාමුක වීඩියෝවක් යූ ඩේටා සමාගමත්   එකතුව අන්තර්ජාලයට මුදා හරිනවා. Jang Sung-chul, Kim Do-giට පවසනවා උපාය මාර්ග සැලසුම් කණ්ඩායමේ තියෙන දත්ත සියල්ල මකා දමන්න කියලා. ඒත් Kim Do-gi දත්ත සියල්ල මකා දමන්න අපොහොසත් වෙනවා.

අට වන කොටසේ,

Kim Do-gi හා අභිචෝදක Kang Ha-na සොයා ගන්නවා උපාය මාර්ග සැලසුම් කණ්ඩායමේ තිබෙන දත්ත වෙනත් ස්ථානයක සඟවා තිබෙන බව. ඉතිං මේ දත්ත සඟවා තිබෙන්නේ කොහේද?අභිචෝදක Kang Ha-naට යූ ඩේටා සමාගමේ සභාපති ඇතුළු ඔහුගේ සගයන්ව අත්තඩංගුවට ගන්න හැකි වේවිද? Cho Do-chul ගේ ඊලඟ ඉලක්ක කුමක්ද? එහෙනම් අපි නවවෙනි කොටසෙන් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


98
Total Subtitles

9 comments

  1. ගොඩක් ස්තූතියි සහෝදරියනි.😊❤❤❤
    ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙන්න.
    වැඩෙ අතාරින්න එපා.😊

  2. WOW NIyamai Maru..
    Digatama ikmanata demu..
    Thank You..

  3. Thank You 👍❤️

  4. Thnx for sub

  5. සුපිරියි… දිගටම සබ් දෙන්න.

  6. Sub ekata thanx

  7. Thank you😍👌

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login