The title of the page
8.8
97

Happiness E03 – E04 (2021) Sinhala Subtitles | “සතුට” | සිංහල උපසිරැසි සමඟ

(Happiness 2021 Sinhala Subtitles)

Native Title: 해피니스
Also Known As: Haepiniseu
Director: Ahn Gil Ho
Screenwriter: Han Sang Woon
Genres: Action, Thriller, Drama, Fantasy
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Nov 5, 2021 – Dec 11, 2021
Aired On: Friday, Saturday
Original Network: tvN
Duration: 60 min.
ImbD: 8.8/10
Google Users: 97%
Content Rating: 15+ – Teens 15 or older

ඔක්තෝබර් 5 වෙනි සිකුරාදා දින tvN නාලිකාව හරහා විකාශය වූ නවතම කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආවේ මමයි හංසන මල්ලියි. ඉතින් මේ අලුත් කතාවේ විස්තර ටිකක් අපි දැනගෙන ඉමු.

ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට ඔයාලා ගොඩක් ආස කරන චරිත තුනක් ඉන්නේ. ඒ අය තමා,

W (2016), iljimae (2008), Dong Yi (2010, අභීත දියණිය නමින් ශ්‍රී ලංකාවේ විකාශය විය.) වැනි ජනප්‍රිය කතාමාලාවන් හැඩ කල, 

●Han Hyo Joo – යුන් සේ-බොම්

The Heirs (2013, උරුමක්කාරයෝ නමින් ශ්‍රී ලංකාවේ විකාශය විය.), Hwarang (2016), Strong Woman Do Bong Soon (2017), Suits (2018) වැනි කොරියානු නාට්‍ය වලට රංගනයෙන් දායක වූ,

●Park Hyung Shik – ජුන්ග් යී-හියුන්

Rampant(2018), Collectors(2020), Hard hit (2021) වැනි කොරියානු සිනමාපටයන්ට දායක වූ,

●Jo Woo Jin – හන් ටේ-සොක්.

“Happiness” එහෙමත් නැතිනම් මේ “සතුට” කොරියානු කතාමාලාව සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින කොරියානු වේලාවෙන් 22.40ට විකාශය වන අතර මෙය කොටස් 12කින් යුක්තයි. තවද මෙහි එක් කොටසක ධාවන කාලය මිනිත්තු 60 ක් වනවා. මෙම කතාමාලාව Ahn Gil Ho අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර මෙහි තිර රචනය Han Sang Woon විසින් සිදු කර ඇත. මෙය  Action/Thriller/Drama/Fantasy යන කාණ්ඩ වලට අයත් වේ. ඒ වගේම මේ Happiness කතාමාලාව 8.8/10ImbD අගයකුත් ගූගල් පරිශීලකයින්ගේ 97% ක කැමැත්ත ලබාගැනීමට සමත්ව තිබෙනවා.

ඉතින් මේ විදිහට අපි අතරට ආපු මේ Happiness කතාව මොන වගේද කියලා පොඩ්ඩක් බලලා ඉමු.

නගරය පුරාම මාරාන්තික වෛරසයක් පැතිර යනවා. මේ නිසා නගරයම වසද්දි  එක්තරා නිවාස සංකීර්ණයක් වටා තමා මේ කතාව ගෙතෙන්නේ. මොකද මේ නිවාස සංකීර්ණයේ ජීවත් වන්නේ විවිධ තරාතිරම් වලට අයත් මිනිසුන්. වෛරසයට ඇති බියත් සමග සහ විවිධාකාර තරාතිරම් නිසා ඇතිවන ගැටලු වලට මැදිව මේ නිවාස සංකීර්ණයේ වැසියන්ට නව පරිසයරට හුරුවී ජීවිතේ බේරගෙන ඉන්න සිද්ධවෙනවා. යුන් සේ-බොම් කියන්නේ තීන්දු තීරණ ගැනීමේදී කඩිසර තරුණියක්. ඇය හොඳ වටපිටාවක හැදුනු වැඩුනු තැනැතියක් නෙමෙයි. ඇයට උවමනා කරන්නේ මේ සංකීර්ණ ලෝකයේ සැප පහසුව ජීවත් වෙන්න නමුත් ඇයට අසාධාරණය කියන දේ නම් පේන්නම බෑ. ජුන්ග් යී-හියුන් කියන්නේ ප්‍රධාන වශයෙන් අපරාධ අංශය භාරව ඉන්න පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු කලින් බේස්බෝල් ක්‍රීඩකයෙක්ව සිටියත් දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට ක්‍රීඩාවට සමු දෙන්න වෙනවා. ඔහු නිවාස සංකීර්ණයේ වැසියන් මේ දරුණු ව්‍යසනයෙන් බේරගන්න අරගල කරනවා. හන් ටේ-සොක් හිටපු හමුදා රහස් නියෝජිතයෙක්. ඔහු දැන් ඖෂධ සමාගමක විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කරන කරනවා. මේ මාරාන්තික වෛරසයත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් තත්වයක ඉන්න එකම පුද්ගලයා මොහු.

 
ඉතින් ඔන්න ඕක තමයි කතාව, කතාව බලලා ඔයාලට කොහොමද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමා අපේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙන යන්න අමතක කරන්න එපා.

උචිනි පෙරේරා සමඟින් හංසන හෙට්‌ටිආරච්චි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

14 comments

  1. Thsnk you bn. Subtitle eka dankn bln hitiye. Adrey macho❤

  2. ඕගොල්ලන්ට ගොඩක් ස්තූතියි.
    the red sleeve cuff එකේ දෙවන එපිසොඩ් එකේ සිංහල උපසිරැසි අද දාන්න අමතක කරන්න එපා.

  3. 😊😊👍👍👍👍

  4. WOW Maru Niyamai..
    Digatama Demu..
    Thank You..

  5. උපසිරැසියට ගොඩාක් ස්තූතියි 😀❤️

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට….❤️👌

  7. Thanx for sub

  8. සුපිරියට සබ් කරනවා ඔයාලා. THANKS…

  9. Sub ekata thanx

  10. Hospital playlist k drama eketa subtitles dennako

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  12. බොහෝම ස්තූතියි

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login