The title of the page
Arcane Sinhala Subtitles
Arcane Sinhala Subtitles
9.4
100
97

Arcane (2021) S01E01 Sinhala Subtitle | “සටන් බිමට සාදරයෙන් පිළිගනිමු” | සිංහල උපසිරැසි සමඟ

(Arcane (2021) S01E01 Sinhala Subtitle) (Arcane 2021  Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්!

Arcane කියන්නෙ League of Legends විශ්වයේ සිදු වන කාටූන් කතා මාලාවක්. League of Legends ලාගේ 10 වෙනි සංවත්සරයේදි තමයි මේ කතා මාලාව ගැන මුළින්ම ප්‍රකාශයට පත් කෙරුණේ. ඒකේ දැනට සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු Riot Games Inc. සමාගම විසින් සිදු කරනවා. ඒ වගේම ඒකෙ කාටුන් නිර්මාණය කරන්නෙ ප්‍රංශයේ, පැරිස්වල තියෙන Fortiche Productions සමාගම විසින්. පළවෙනි කතා සමය විකාශය වෙන්න නියම වෙලා තිබුණේ 2020 අවුරුද්දෙදි, නමුත් COVID-19 වසංගතය හින්දා ඒක 2021 වෙනකන් කල් දාන්න සිද්ධ වුණා. 2021 මැයි 3 වෙනිදා Netflix සමාගම නිවේදනය කරලා තිබුණා, එන දෙසැම්බර් කිට්ටුව Netflix වල විශේෂිත දර්ශන වාරයකින් මේ කතා මාලාවේ විකාශය ආරම්භ කරනවා කියලා. ඒ අනුව, 2021 සැප්තැම්බර් 25 වෙනිදා ඔවුන් ප්‍රකාශ කරා පළවෙනි Episode 03, 2021 නොවැම්බර් 03 වෙනිදා විකාශය වෙනවා කියලා. කතාවේ Episode නිකුත් වෙන්නෙ අංග 03 ක් හැටියටයි. මේ එක අංගයක්, Episode 03 කින් සමන්විත වෙනවා. Episode එකක් දළ වශයෙන් මිනිත්තු 40 ක් තරම් දිගයි.

League of Legends ලෝකයේ තිරයේ පිටුපස කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාවෙදි පුරවර දෙකක සියුම් සමබරතාවය ගැන ගැඹුරෙන් පෙන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ පොහොසත් යූටෝපියානු නගරයක් වන, පිල්ටෝවර් පුරවරය සහ පීඩිත උමං නගරයක් වන, ෂෝන් පුරවරයයි. ෂෝන් පුරවරය රුන්ටේරාව පුරාම හැඳුන්වූවේ “දියුණු වෙන පුරවරය” කියලයි. ගොඩක් බුද්ධිමත් අය බෙහෝ දෙනෙක් මේ නගර, තමන්ගේ ගෙවල් කියලා හඳුන්වාගත්තා. ඒත්, ඕනෑම කෙනෙකුට මායා ශක්තිය පාලනය කරන්න පුළුවන් “හෙක්ස්ටෙක්” නිර්මාණය කරපු එකෙන් ඒ සමබරතාවයට තර්ජනයක් වෙනවා. විරුවන් කණ්ඩායමක ඉන්න සංකේතාමත් විරුවන් දෙදෙනෙකුගේ නිදන් කතාව සහ ඔවුන් දෙකඩ කරවන බලය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. මේ කතා මාලාව පාදක කරගනිපු පරිගණක ක්‍රීඩාව වගේම මේකත් “14+” ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. නමුත්, ගොඩක් දුරට වැඩිහිටි මාතෘකා ගැනත් කතාවට බාජනය වෙනවා.

විරුවන්ගේ කල්ලියේ විරුවන් :-

“අපිට මේක අමාරු විදිහට කරන්න පුළුවන්, නැත්නම්… ආ, නෑ, ඉන්න, අමාරු විදිහ විතරයි තියෙන්නෙ.” – වයි.

ෂෝන් පුරවරයේ නපුරු වීදිවල කාලයක් අපරාධකාරියක්ව ඉඳපු වයි, මුරණ්ඩු ගති තියෙන ආවේගකාරී බිහිසුණු කාන්තාවක්. බලධාරින්ට කිසිම ගෞරවයක් නොදක්වන ඇය තනිව හැදී වැඩුණු කෙනෙක්. වයි පණපිටින් සිටිමේ කුසලතා හොඳට මුවහත් කරගනිපු කෙනෙක්. ඒ අතරේ දුෂ්ට විදිහේ විහිළු කතා කීමේ හැකියාවත් තියෙනවා. ඇය මේ වෙනකොට පිල්ටෝවර් පුරවරයේ සාමය පවත්වාගන්න ආරක්ෂකයින්ට උදව් වෙනවා. ඇය ආයුධය විදිහට පාවිච්චි කරන හෙක්ස්ටෙක් අත්වැසුම්වලට බිත්ති පවා කඩා බිඳ දැමීමේ හැකියාව තියෙනවා.

 

එහෙනම්, විරුවන්ගේ කල්ලියත් එක්ක එකතු වෙන්න.

ඊළඟ එපියෙන් මුණගැහෙනකන් ඔයාලට සුබ දවසක්…!

 

(Arcane S01 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

14 comments

  1. meka nm niyamai thank you so much

  2. බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. දිගටම genna bro thank 🙏 ❤

  5. අනික් ටික දෙන්නකො බලන් ඉන්නො

  6. enakan balan idapu sub ekak. 😍❤

  7. Thanks Sub eka.ithuru tikath ikamanata one.❤🔥😍

  8. අයියෙ සබ් එක දෙක තුන දාන්නො

  9. Hasitha Madhushanka

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  10. Patta Sub tikak Brooo

  11. good luck. thanks for sub.

  12. Amila Tech
    Cineru_users

    thanks bro sub ekata

  13. Bohoma Sthuthi Saho Sub ekata

  14. සබ් එකට ගොඩක් තෑන්ක්ස් අනේ පුලුවන් නම් beauty and the beast tv series එකේ සබ් දෙන්ඩකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login