The title of the page
9.4
100
97

Arcane (2021) S01E02 Sinhala Subtitles | “සමහර අබිරහස් නොවිසඳෙන තරමට හොඳයි” | සිංහල උපසිරැසි සමඟ

(Arcane (2021) S01E012 Sinhala Subtitle) (Arcane 2021  Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්!

Arcane කියන්නෙ League of Legends විශ්ව⁣යේ සිදු වන කාටූන් කතා මාලාවක්. League of Legends ලාගේ 10 වෙනි සංවත්සරයේදි තමයි මේ කතා මාලාව ගැන මුළින්ම ප්‍රකාශයට පත් කෙරුණේ. ඒකේ දැනට සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු Riot Games Inc. සමාගම විසින් සිදු කරනවා. ඒ වගේම ඒකෙ කාටුන් නිර්මාණය කරන්නෙ ප්‍රංශයේ, පැරිස්වල තියෙන Fortiche Productions සමාගම විසින්. පළවෙනි කතා සමය විකාශය වෙන්න නියම වෙලා තිබුණේ 2020 අවුරුද්දෙදි, නමුත් COVID-19 වසංගතය හින්දා ඒක 2021 වෙනකන් කල් දාන්න සිද්ධ වුණා. 2021 මැයි 3 වෙනිදා Netflix සමාගම නිවේදනය කරලා තිබුණා, එන දෙසැම්බර් කිට්ටුව Netflix වල විශේෂිත දර්ශන වාරයකින් මේ කතා මාලාවේ විකාශය ආරම්භ කරනවා කියලා. ඒ අනුව, 2021 සැප්තැම්බර් 25 වෙනිදා ඔවුන් ප්‍රකාශ කරා පළවෙනි Episode 03, 2021 නොවැම්බර් 03 වෙනිදා විකාශය වෙනවා කියලා. කතාවේ Episode නිකුත් වෙන්නෙ අංග 03 ක් හැටියටයි. මේ එක අංගයක්, Episode 03 කින් සමන්විත වෙනවා. Episode එකක් දළ වශයෙන් මිනිත්තු 40 ක් තරම් දිගයි.

League of Legends ලෝකයේ තිරයේ පිටුපස කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාවෙදි පුරවර දෙකක සියුම් සමබරතාවය ගැන ගැඹුරෙන් පෙන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ පොහොසත් යූටෝපියානු නගරයක් වන, පිල්ටෝවර් පුරවරය සහ පීඩිත උමං නගරයක් වන, ෂෝන් පුරවරයයි. ෂෝන් පුරවරය රුන්ටේරාව පුරාම හැඳුන්වූවේ “දියුණු වෙන පුරවරය” කියලයි. ගොඩක් බුද්ධිමත් අය බෙහෝ දෙනෙක් මේ නගර, තමන්ගේ ගෙවල් කියලා හඳුන්වාගත්තා. ඒත්, ඕනෑම කෙනෙකුට මායා ශක්තිය පාලනය කරන්න පුළුවන් “හෙක්ස්ටෙක්” නිර්මාණය කරපු එකෙන් ඒ සමබරතාවයට තර්ජනයක් වෙනවා. විරුවන් කණ්ඩායමක ඉන්න සංකේතාමත් විරුවන් දෙදෙනෙකුගේ නිදන් කතාව සහ ඔවුන් දෙකඩ කරවන බලය වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. මේ කතා මාලාව පාදක කරගනිපු පරිගණක ක්‍රීඩාව වගේම මේකත් “14+” ප්‍රේක්ෂක පිරිස ඉලක්ක කරගෙන නිර්මාණය වුණු එකක්. නමුත්, ගොඩක් දුරට වැඩිහිටි මාතෘකා ගැනත් කතාවට බාජනය වෙනවා.

විරුවන්ගේ කල්ලියේ විරුවන් :-

“කරන්න බැහැ කියලද කියන්නෙ? විකාර​. ඔහොම ඉන්නකෝ, මගේ ගණනය කිරීම් දකිනකම්.”

                                                 – හයිමර්ඩින්ජ​.

අතිදක්ෂ, ඒ වගේම විකාරරූපි යෝර්ඩල් විද්‍යාඥයෙක්. මහාචාර්ය, සිසිල් බී. හයිමර්ඩින්ජ කියන්නෙ පිල්ටෝවර් මෙච්චර කාලේකට දැකපු නවීන පන්නයේ වගේම ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙක්. නියුරෝසික රෝගය සෑදෙනකන් වැඩවලට කෑදරව​ ඇබ්බැහි වෙලා ඉන්න ඔහු, විශ්වයේ ගොඩක් අපාරගම්‍ය ප්‍රශ්නවලට පිලිතුරු හොයමින් තෘප්තියක් ලබනවා. ඔහුගේ සිද්ධාන්ත පාරන්ධ, ගුපත් විදිහේ ඒවා වූවත්, හයිමර්ඩින්ජ පිල්ටෝවර්වල තිබෙන ගොඩක් ආශ්චර්යමත් – මාරාන්තික කියන එකත් නොකියම බැහැ..– යන්ත්‍රසූත්‍ර නිපදවලා තිබෙනවා. ඔහු හැමවෙලාවකම ඔහුගේ නිපැයුම් සමඟ අත්හදාබැලීම් කරමින් ඒවා කාර්යක්ෂම කිරීමට උත්සාහ ගන්නවා.

එහෙනම්, විරුවන්ගේ කල්ලියත් එක්ක එකතු වෙන්න.

ඊළඟ එපියෙන් මුණගැහෙනකන් ඔයාලට සුබ දවසක්…!

(Arcane S01 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. සබ් එකට තැන්ක් උදීත අයියෙ ඔයාලා හැමොටම අනික් ටිකත් එනකන් බලන් ඉන්නො

  2. Adow thanks a lot mchn. enakanma hitiya ekak.. meka supiri kathawak, supiri storiya

  3. Thank you bn digtma oni ❤

  4. digatama oni machn nawaththnna epa😍💖

  5. තුන දාන්නකො

  6. thanks bro

  7. tamil sub ille???

  8. සබ් එකට ගොඩක් තෑන්ක්ස් අනේ පුලුවන් නම් beauty and the beast tv series එකේ සබ් දෙනවද

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login