The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E04 Sinhala Subtitles | “මිතුරාගේ ජීවිතය අවසන්???” | සිංහල උපසිරැසි සමඟ

හලෝ හලෝ! ඉතින් කොහොමද කට්ටිය? ඔන්න ඉතින් කාලෙකින් ආවා සබ් එකක් අරගෙන. කට්ටියම මට පලු යන්න බැන බැන හිටපු සබක් ගෙනාවේ ඕං. ශෙහාන් මල්ලී පුපුර පුපුරා ඇති. එහෙම තමයි සහෝලා, නො සිතූ කරදර රාශියක් ජීවිතේ සිද්ධ උනා. ඒ නිසයි පරක්කු උනේ. සමාවෙන්න. 

 

අද එපිය මරු. කලින් එකේ සෙහාන් මලේ කිව්වා වගේ “හෙන්රි” ව ආයේ DC යුනිවර්ස් එකේ සුපී විදිහට දකින්න බැරි වේවි. අපේ මේ සීරීස් එකේ සුපියා තමා දිගටම එන්න ඉන්නේ. මෙයා මරුහැබැයි. සෑහෙන්න බුද්ධිමත්. අවුලක් නම් නැති වෙයි මං හිතන්නේ. ඒත් ස්නයිඩර් මහත්තයා නම් අරයව අතාරින එකක් නෑ. එයාගේ ජස්ටිස් ලීග් එකේ දෙවනි කොටසත් ඒවි කියලා දූසමාන ආරංචියකුත් මේ වෙද්දී ආවා ඕං. අද එපිසෝඩයේදී අපේ අලුත් ජෙනරාල් ට සුපී පොඩි සාක්ෂියක් දෙනවා. යකඩ ඇඳුමේ ජෝනා තමා ඒක දෙන්නේ සුපියට. එතකොට අපේ වීරයා දුරදිග බලලා ජෙනරාල්ට කියනවා “අලුත් කණ්ඩායම යවන්න එපා බිසාරෝ එක්ක සටනට. උන් පොඩි උන්. මං යන්නම්” කියලා. ඒත් ඉතින් හමුදා මානසිකත්වයෙන් ඉන්න ලොක්කා ඒක අහන්නේ නෑ. මේ බිසාරෝ සුපීට වඩා ශක්තිමත්. බලවත්. ක්‍රිප්ටොනයිට් එහෙමත් මිනිහට අවුලක්නෑ මං හිතන්නේ. ඒ තියෙද්දී අර පොඩි උන් ටිකක් යවලා උන්ගෙන් දෙන්නෙක්ම ඩවුන් යනවා. එකෙක් යාන්තමින් බේරෙනවා. ජෝන් සුපියව බේරගන්න ඇවිල්ලා මිනිහගේ පණ කෙන්දට කෙලවෙනවා!!! ඉතින් ඔන්න ඔහොමයි කතාව වෙන්නේ. ඉතින් ඒක මේක කොහොම උනත් එපිය බලාගෙන යන්නලාකෝ.
#මෙන්න මෙතනින් ගිහින් අද එපියේ ස්ක්‍රීන් ශොට්ස් ටික බලන් එන්න. එන ගමන් කමෙන්ට් එකකුත් ලියන් එන්න. #මෙතනින් ගිහිල්ලා ට්‍රේලර් බලන් එන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තාම සීසන් 02 එකේ ට්‍රේලරයක් නම්දැම්මේ නෑ හොඳේ😬. ඒ ඔක්කොමත් හරි, සබ් එක බාගෙන යනකොට හිස් අතින් නොයා “කමෙන්ට්” එකක් ලියන්ගියා නම් අපිටත් සතුටුයිනේ. 
අද මං මේ උපසිරැසි කෙරුවාවේ අංක 01ට එන්න එකම හේතුව තමා මගේ සදහම් පුතා. එයා නිසයි මං කාලය නිකරුනේ විනාශ නොකර වැදගත් විදිහට සබ් එකක් ගහගෙන ඉන්නේ. ඉතින් බොහොම පිං සදහම් පුතේ. මගේ බිරිඳවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මහ රෑටත් තේ එකක් දීලා නිදිමත නැති කරන්නේ එයා. ඊලඟට, මගේ සබ් කෙරුවාවේ මුල්ම ගුරුතුමා, සමිත රමේෂ් බොස්ව ආදරෙන් මතක් කරනවා. අංජුල, අශේන්, ෂෙහාන්, දරේ, විසූ, නිත්‍යා, සංදීප , උදය සමන් ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඇයි අර මෙලෝ රහක්නැති පිස්සු “චානක තිලංක”වත් මතක් කරන්න ඕනේ. සහෝදරයා වගේ ඉන්නේ ඌ තමා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. අනිත් එපි දෙකටත් සබ් දෙන්ඩකො

  4. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login