The title of the page
8
100
96

Squid Game (2021) E07 Sinhala Subtitles | “VIP” | සිංහල උපසිරැසි සමඟ

(Squid Game 2021 Sinhala Subtitles)

විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්) සාඩම්බර 50 වැනි උපසිරැසිය…

ගිය 2020 අවුරුද්දේ සැප්තැම්බර් 01 වෙනිදාවක පලවෙනි උපසිරැසිය ලබා දීලා සිනෙරු එකට එකතු වුණ මම, අද 50 වෙනි උපසිරැසිය මේ විදියට Squid Game කතා මාලාවේ 07 වන කොටස විදියට ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.. අවුරුද්දක් වගේ කාලයක් ගිහිල්ලත් තවමත් 50 වන උපසිරැසිය කියද්දී මදි වගේ දැනුනත්, 50 කියන්නේ ලොකු ඉලක්කමක් කියලා අද මට තේරුම් ගියා.. නිතරම නිවැරදි, උසස් උපසිරැසියක්‌ දෙන එක මගේ ඉලක්කය වුණා.ඒත් සෑහෙන්න පොඩි පොඩි අඩුපාඩු තිබුණා කියන එක බොරු නෙමෙයි.. සත පහකවත් ලාබයක් නොලැබුනත් මෙහෙම කැප කිරීමක් කරන්න ශක්තිය නිතරම ලැබුනේ ආදරණීය ඔයාලගේ feedback වලින්.. ඒ වගේම මුලින්ම අක්කා සබ් එකක් කරමුද කියලා මාව අමාරුවේ දාපු 😅 අශේන්ට (චූටියාට) ආයේ ස්තුති කරනවා මේ වගේ අත්දැකීමක්‌ ලබාගන්න අවස්ථාවක් දුන්න එක ගැන. ඒ වගේම සමිත අයියා ඇතුලු ඇඩ්මින්ලා හැමෝටමත් කිසි ලොකු කමක් නැතුව මාව පිළිගන්නවට ස්තුති කරන්නත් ඕනේ.. යාලුවෝ ගොඩාක් මෙතනින් හම්බවුනා.. ඉස්සරහටත් ඔයාලා හැමෝගෙම ආදරණීය දිරිගැන්වීම බලාපොරොත්තු වෙනවා.. 100 වෙනි උපසිරැසිය.. 150ස් වෙනි.. 1000ස් වෙනි දක්වා දිග ගමනක් යන්න පුළුවන වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. ❤️

Squid Game Overview

• Drama name – Squid Game/ Round six/Oejing Geim,..

• IMDb – 8.2/10

• Rotten Tomatoes – 100% 🌟

• Google Ratings – 96%

• Genre – Action /Adventure

• No. Of Episodes – 09

• Original Language – Korean

• Network – Netflix 🌟

• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

Cast

• Lee Jung Jae 🌟

• Park Hae Soo 🌟

• Tripathi Anupam (ඉන්දීය නළු) 🌟

• Ho Yeon Jung 🌟

• Oh Young Soo 🌟

• Kim Joo Ryung

• Jo A In

• Kang Mai Geum

• Wi Ha Joon

• Heo Sung Tae

• Lee Yoo Mi

• Kim Young Ok

• Gong Yoo

• John D. Michaels. (ඇමෙරිකානු නළු)

ඇතුළු රංගන ශිල්පීන් රාශියක්… හත්වන කොටසින්.. සංවේදීම කොටසක් අවසාන වුණා මතක ඇති. අපි හොදයි කියලා හිතාගෙන හිටිය සන්ග් වූගේ බොරු මූණත් ඊයේ ගැලවුනා. අලී කියන්නේ අහිංසක මනුස්සයෙක්, මට හරි දුකක් දැනුනා ඔහු වගේම සේ බ්යොක්‌ හා ජී යොන්ග් අතර දෙබස් ටික තමයි මගේ හෙලවුණු කඳුළු ටික පහළට ගලන්න සැලැස්සුවේ.. ඒ වගේම වයසක සීයා.. ඉල් නම්.. ගී හුන් ගැන තරහක් වගේම දුකකුත් දැනුනා. මොකද ඔහුටත් මග නවතින්න බැරි මොහොතක් නිසා.. අන්තිමට තරගකරුවෝ 16ක්‌ ඉතුරු වුණා. ගොඩාක් දෙනා තමන්ගේ මිතුරන්ගේ වියෝව ගැන කනස්සල්ලෙන් ඉන්න මොහොතක, සමහරුන්ට නම් ගාණක් වත් නෑ.. ඒ වගේම නොහිතපු කෙනෙක් තාමත් ඉන්නවා ඔන්න.. අද විශේෂිතම දේ තමයි පළමු වතාවට VIP ලා කවුද කියලා අපිට දැක බලාගන්න පුළුවන්.. දැක බලා කිව්වට මුහුණු නම් දකින්න වෙන්නේ නෑ.. කතා විලාසය, බාෂාව අනුවනම් බටහිර ජාතිකයන් කියලා තේරුම් ගන්න පුළුවන්.. ඒ එක්කම ප්‍රධානියා (front man) තාමත් අනවසරෙන් ආපු Hwang Jun Ho පොලිස් නිලධාරීයව හොයනවා.. ඒ එක්කම 5 වෙනි “ගේම්” එක අද ආරම්භ වෙනවා.. ඒක මොකක් වෙයිද?? VIP ලා කියන්නේ ඇත්තටම කවුද?? හ්වනග් ජුන් හෝ පොලිස් පරීක්ෂකව කොටු වෙයිද? නැත්නම් ඔහුගේ බුද්දියෙන් අද මොන වගේ දෙයක් හෙළිදරව් කරගනීද? අද තරගයෙන් පසු ඉතිරි වන ක්‍රීඩකයන් කවුරු වේවිද??

එහෙනම් නරඹන්න ආරාධනා කරනවා!

8 වෙනි කොටසෙන් හමුවෙමු..

– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

15 comments

  1. Ithiru 2th ikmanatama demu. Congratulations for 50.

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    50* ට සුභ පැතුම් බං , ඊලඟට 100 ගහමු.

  3. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    50 ට සුබ පැතුම් අක්කේ😍,ඉස්සරහට ත් මේ වගේ හොඳ සබ් කරන්න,ජය වේවා! 👍

  4. Congtzzzzzzzz

  5. අනිත් ටිකත් අදම දාන්නකෝ

  6. Sahan Sulakkhana Subasinghe

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් අක්කේ, තව තවත් ඉදිරියට යන්න දිගටම.

  7. 50ට සුබ පැතුම් අක්කේ.❤

  8. 50 වෙනි උපසිරැසියට සුබ පැතුම්❤️
    දිගටම මේ වගේ සුපිරි ඩ්‍රාමා වලට සබ් දෙමු. ❤️

  9. 50 ට සුබ පැතුම් සිස්…දිගටම සබ් දෙමු

  10. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සිස්…🤗
    ඉතුරු එපිසෝඩ් දෙකටත් ඉක්මනින් සබ් දෙමු😺

  11. Shan Shenow
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් !! 👌
    100 ත් ගහමු ! 💥

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 50වෙනි සබ් එකට සුබ පැතුම්

  13. Sub ekata thanx

  14. Krishani
    Cineru_users

    Thank you 💐💖

  15. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login