The title of the page
Kluen CheeWit Sinhala Subtitles
Kluen CheeWit Sinhala Subtitles
92

Kluen CheeWit (2017) S01E01 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit (2017) S01E01 Sinhala Subtitles) (Kluen CheeWit 2017 Sinhala Subtitles)

කොහොම ද යාළුවනේ…

මේ තමයි සිනෙරූ වෙබ් අඩවියට මං මුලින්ම ලියන උපසිරැසිය… මං ගොඩක් කාලෙක ඉදන් උපසිරැසි ලියන එක විනෝදාංශයක් විදියට කරපු දෙයක්… හැබැයි මෙච්චර කාලෙකට චිත්‍රපටිවලට තමයි උපසිරැසි ලියලා තිබ්බේ… ඉතින් TV කතා මාලාවකට උපසිරැසි දෙන පළවෙනිම අවස්ථාව තමයි මේ… වැඩේ බාරගත්තා වගේ නෙමෙයි ඉතින් කරන්න ගියාම… ජොබ් එකකුත් කරන ගමන් තමයි උපසිරැසි දෙන්න වුණේ… ඒ නිසා ඉතින් ලොකු කාලයක් ගතවුණා… හරි, ඒවායින් වැඩක් නෑ… ප්‍රධාන ජීවිත කතා කිහිපයක් ඔස්සේ ගලාගෙන යන ඉහළින්ම recommend කරන්න පුලුවන් කතා මාලාවක් තමයි ඔයාලාට මේ අරගෙන ආවේ. මේක තායි Drama Series එකක්. මේ කතා මාලාව මට ගෙනත් දීපු මගේ හොඳම යාළුවො දෙන්නෙක්වත් මේ වෙලාවෙදි ආදරෙන් මතක් කරන්න ඕනේ… ඒ වගේම මං මගේ ජීවිතයේ දී බලපු ලස්සනම, ඒ වගේම හොඳම තායි ටෙලි සිනමා පටයත් මේක කියලා කියන්න පුලුවන්… මොක ද එක කොටසක් බලලා ඉවර කරලා අනිත් කොටස බලන්න පුදුම නොඉවසිල්ලකින් හිටපු කතා එහෙම අපිට හම්බෙන්නේ හරිම අහම්බෙන්… අන්න ඒ ගොඩට දාන්න පුලුවන් විදිහේ කතාවක් තමයි මේ… ගොඩක් අය මේක දැනටමත් බලලා ඇති… සමහර විට නැතුවත් ඇති… ඒ කොහොමහරි ඉතින් උපසිරැසිත් එක්ක ආපහු දැන් ඔයාලාට සිනෙරූ හරහාම නරඹන්න පුලුවන්.

Kluen Cheewit කියන්නේ කොටස් පහළොවකින් (15) කින් සමන්විත ලස්සන ටෙලි කතා මාලාවක්. ඒ නමින්ම රචනා කරනු ලැබූ නවකතාවක් පාදක කරගෙන තමයි මෙම ටෙලි නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ.  Aew Ampaiporn Jitmaingong විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2017-01-23 සිට 2017-03-13 දක්වා තායිලන්තයේ Channel 3 රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශනය කරලා තියෙනවා. එක කොටසක් පැය දෙකකට පමණ ආසන්න කාල පරාසයක දිවයනවා. Prin Suparat (තිට්) සහ Urassaya Sperbun (ජී) තමයි ප්‍රධානතම චරිත ද්විත්වය නිරූපනය කරන්නේ.

හොඳයි, අපි එහෙනම් පළවෙනි Episode එක ගැන බලමුකෝ…

කතා මාලාවේ ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් ජීරාවට් කියන්නේ දක්ෂ නිළියක්. ඒත් ඇය ජීවත් වෙන්නේ ගොඩාක් ප්‍රශ්න මැද්දේ. හැබැයි ජීරාවට් ට උදවු කරන ඇය ගොඩක් ආදරය කරන ඇයගේ මැනේජර් සුකී, හොඳම යෙහෙළිය ඩාඕ, පාසල් වියේ පටන් මිතුරෙක්ව සිටින සහ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන චියෑන් වගේ පිරිසකුත් හැමතිස්සෙම ඇය ළඟ ඉන්නවා. ඒ වගේම ඇයව කඩාකප්පල් කරන්න බලන නිතරම ඇයව ප්‍රශ්නවලට ඇදලා දාන්න බලාගෙන ඉන්න චියෑන් ගේ බිරිඳ පිඇක් සහ වෙනත් ප්‍රධාන නිළියක් වන පිම් වගේ පිරිසකුත් පළමු කතාංගයෙන්ම ඔයාලාට දැකගන්න පුලුවන් වෙයි.

ජීරාවට් තමන්ගේ රූපගත කිරීමක් අවසන් කරලා ගෙදර යමින් ඉන්න වෙලාවෙදි ඇයගේ සුළු පියා (මවගේ දෙවන විවාහයේ සැමියා) විසින් ඇයට මත් බෙහෙත් එන්නත් කර බලහත්කාරකම් කිරීමට තැත් කරනවා. ඒත් ජීරාවට් එතනින් කොහොමහරි පැනලා යනවා. හැබැයි ඇයගේ සිහි මද ගතිය නිසාම අවාසනාවන්ත විදිහට ඇය අතින් තරුණියක් (ටිව්) ඇයගේ කාර් එකට හැප්පිලා මිය යනවා. මේ තරුණිය තමයි කතා මාලාවේ අනෙක් ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් තිට් ගේ පෙම්වතිය. තිට් කියන්නේ වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඒ වගේම හැමතිස්සෙම යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්. ඒ නිසාම ඔහු තමන්ගේ පෙම්වතියටත් උපරිම සාධාරණය අරගෙන දෙන්න තමයි කටයුතු කරන්නේ.

තිට්, පිඇක් ගේ ඥාති සොහොයුරෙක් නිසා පිඇක් බලන්නෙත් තිට් ගේ පෙම්වතිය ටිව් ට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න… ඒ නිසා ඉතින් පිඇක් සහ චියෑන් දෙන්නා අතරත් බහින්බස්වීම් නිතරම සිද්ධවෙනවා… ඔන්න ඔය විදියට තමයි ඉතින් පළවෙනි කතාංගය ගලාගෙන යන්නේ…

එහෙනම් පළවෙනි කොටස බලලා ඔයාලාගේ අදහස් එහෙමත් දන්වන්නකෝ… ඒ වගේම ඉක්මනින්ම දෙවන කොටසින් හම්බවෙන්නම්…

***මේ ටෙලි කතා මාලාවේ හමුවෙන කුන්, නොන්ග්, නන්, පී වැනි ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීමට යොදාගන්නා වචන (සිංහල භාෂාවෙන් සර්, මිස්, මිස්ටර් වැනි යෙදුම්…) කතා මාලාවට බාධාවක් නොවන ලෙසට ඒ අයුරින්ම උපසිරැසි ගන්වලා තියෙනවා. ඒ වගේම සිනමා කර්මාන්තය පාදක කරගෙන ගලායන කතා මාලාවක් බැවින් එහිදී භාවිතා වන නවීන පන්නයේ ඉංග්‍රීසි යෙදුම් ද ඒ අයුරින්ම උපසිරැසි ගන්වා තිබෙනවා…***

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

15 comments

  1. පළවෙනි සබ් එකට සුබ පැතුම්.. 💗
    සිනෙරූ කණ්ඩායමට ආදරයෙන් පිළිගන්නවා 😍

  2. Shehan Sachintha
    Cineru Family Member

    පලවෙනි එකට සුභ පැතුම් සිස්..

    සිනෙරු ටීම් එකට සාද⁣රයෙන් පිලි ගන්නවා❤️💜️💚

  3. video eka dennako

  4. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් 🎀✨️

  5. ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  6. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Sub ekata thanx

  9. Suba pathum digatama karagena yanna subapathum

  10. Harshi Gangodawilage

    suba pathum upasirasiyata. e wagema godak sthuthi. math Subtitles hadala thiyenawa e nisa dannawa me wade anith wadath balance karan karaddi kochchara amaruda kiyala.

    Ane meke video eka download karaganne kohomada kiyannako?

    • සයිට් එකේම ඩවුන්ලෝඩ් ලින්ක් දීලා තියෙන්නේ..සබ් එක ඩවුන්ලෝඩ් කරන තැනට පහලින් තියන වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න…VPN use කරනවනම් off කරලා සයිට් එකට ලොග් වෙන්න…එතකොට වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් පෙන්නයි..

  11. Harshi Gangodawilage

    ගොඩක් ස්තුතියි පිළිතුරට. මන් VPN පාවිච්චි කරන්නේ නැ.හැබැයි මන් ඉන්නේ Canada වල. ඒක නිසාද පෙන්නන්නේ නැත්තේ?

    • ඔව්..ඒ නිසා වෙන්න තමයි..එහෙනම් VPN එකක් යූස් කරලා USA වගේ දාලා ලොග් වෙලා බලන්න…හරි යයි..

  12. Harshi Gangodawilage

    හරි.ගොඩක් ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login