The title of the page
Spy X Family (2023) S02E10 Sinhala Subtitles
Spy X Family (2023) S02E10 Sinhala Subtitles

Spy X Family (2023) S02E10 Sinhala Subtitles | “ත්‍රාසය මුසු විනෝදයෙන් ගෙවුනු නිවාඩුව” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 10 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. දැන් මේ කතාව හරිම ත්‍රාසජනක විදිහට ගලාගෙන යන බව අපිට දකින්න ලැබුනා. ඒ වගේම අපි Spy x Family Season 2 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ. දැන් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

යෝර් ෆෝජර්ට පැවරුනු මෙහෙයුම අනුව මාෆියා පවුල ආරක්ෂා කරද්දි ඝාතක කණ්ඩායමකට මැදි වෙන්න යෝර්ට සිද්ධ වුනා. අන්තිමේදී එකාට පස්සෙ ඒකා ආපු හැම ඝාතකයෙක්ම මරල දාලා මාෆියා පවුල ආරක්ෂිතව ගමනාන්තයට අරන් යන්න යෝර්ට පුලුවන් වෙනවා. ඒ අතරෙ මේ ඝාතක කණ්ඩායම් මෙහෙයවීම් පස්සෙ ඉන්න කෙනාත් මුළු නැවටම බෝම්බ අටවපු බවක් ලොයිඩ් දැනගන්නවා. වෙස් වළාගැනීමේ දක්ෂයෙක් වුනු ටුවිලයිට් හෙවත් ලොයිඩ් ෆෝජර්, තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා මේ හැම බෝම්බයක්ම නිශ්ක්‍රිය කරන්න සමත් වෙනවා. මේ හැම දෙයක්ම දන්න ආන්යා දෙන්නාටම උදව්වක් වෙන විදිහට තමන්ගේ උපරිමය කරල දෙන්නටම උදව් කරනවා. ඒ විදිහට යෝර්ගේ මාෆියා පවුලේ මෙහෙයුමත්, ලොයිඩ්ගේ බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ මෙහෙයුමත් සාර්ථකව නිම වෙනවා.

හැම කරදරයකටම පස්සෙ යෝර් තමන්ගේ පවුල මුණ ගැහෙන්න බලාගෙනයි ඉන්නෙ. ඒ වගේම ලොයිඩ් ප්‍රමුඛ ආන්යාත් මීළඟට දූපතේ ගොඩ බැහැලා නිවාඩුව ගෙවන්නයි හිතාගෙන ඉන්නේ. දැන් මුළු පවුලම නිවාඩුව විඳින්නයි සූදානම් වෙන්නෙ. බලන්න එහෙනම් මේ පවුල කොහොමද නිවාඩුවෙන් විනෝද වෙන්නෙ කියලා. මේ කොටස හරිම චමත්කාරජනක, වර්ණවත් කොටසක්. නරඹන්න එහෙනම් මේ කොටස. අපි දැන් Spy x Family Season 2 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. තව කොටස් දෙකකින් Season 2 නිමාවට පත් වෙනවා. එහෙනම් මීළඟට Spy x Family Season 2 Episode 11 තුළින් මුණ ගැසෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login