The title of the page
Percy Jackson and the Olympians (2023) E02 Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) E02 Sinhala Subtitles
7.7
96
77

Percy Jackson and the Olympians (2023) E02 Sinhala Subtitles | “මම නානකාමරයේ උත්තරීතර අධිපති බවට පත් වුණා” | සිංහල උපසිරැසි සමඟ

ගෙනාවා ගෙනාවා!! ඔන්න පර්සි ජැක්සන් සීරීස් එකේ දෙවනි එපියටත් සබ් අරන් ආවා. සීරීස් එකේ මේ දෙවනි එපිය නම් කරලා තියෙන්නේ, I Become Supreme Lord of the Bathroom (මම නානකාමරයේ උත්තරීතර අධිපති බවට පත් වුණා) විදිහට.

 කලින් එපිය ගැන සාරාශයක් ගත්තොත්: පර්සි කියන්නේ අවුරුදු දොළහක විශේෂ අවශ්‍යතා තියන ළමයෙක්. විවිධ විකාර මනෝ පරිකල්පන තියන, ඒවත් එක්ක ජීවත් වෙන ළමයෙක් විදිහට තමයි ලෝකයා එයාව දකින්නේ. ඒත් එයාගෙ පැත්තෙන් එයා ඒ දකින්නේ ඇත්තම දේවල්. ඒත් අනිත් මිනිස්සුන්ට ඒවා පේන්නෙ නෑ. ඒ නිසාම පර්සි මානසිකව වැටිලා ඉන්නෙ, තමන්ට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් කියලා. මේ අතර වාරයේදි පර්සිගෙ ගණිත ගුරුතුමිය විදිහට වෙස් වලාගෙන ඉන්න අමුතු රාක්ශයෙක්, එයාට පාසල් ක්ෂේත්‍ර චාරිකාවෙදි පහර දෙනවා. පර්සි ඇයගෙන් තමන්ගෙ දිවි ගලව ගත්තත් එයාට සිද්ධ වෙච්ච දේ ඉස්කෝලේ කිසිම කෙනෙක් දකින්නෙ නැහැ. ඒ වගේම ඒ පහර දීමෙන් පස්සේ, පර්සිට සිහිය එනකොට, තමන්ගෙ ඉස්කෝලේ, ඒ නමින් ගුරුවරියක් කවදාවත්ම ඉඳලා නැති වෙනවා. පර්සි මේ නිසා තවත් මානසිකව වැටෙනවා. ඒත් එක්කම පර්සිව ඉස්කෝලෙන් අස් කරනවා තවත් ළමයෙක්ට පහර දුන්නා කියලා එයාට එල්ල වෙන චෝදනාවකින්. මේ හැමදේම නිසා බලාපොරොත්තු කඩවෙලා තමන්ගේ අම්මා ළඟට යන පර්සිට අම්මා හෙලි කරන්නෙ එයාට විශ්වාස කරන්න බැරි රහසක්. ඒ එයාගෙ තාත්තා බලවත් දෙවි කෙනෙක් කියන එක. 

එයාගේ අම්මා එයාට කියනවා ඒ විදිහට දෙවියන්ට සහ මනුෂ්‍යයින්ට දාව ඉපදෙන ළමයින්ට කියන්නෙ, උප දෙවිවරු නැත්තම් අර්ධ ලෝහිතයෝ කියලා, බව, අර්ධ ලෝහිතයන්ට සාමාන්‍ය මිනිස්සුන්ට පේනවාට වඩා දේවල් මේ ලෝකය තුළ පේන බව වගේම, එයාලට පහර දෙන්න බලාගෙන මේ ලෝකය තුළ රාක්ශයන් ගොඩක් මගබලාගෙන ඉන්න බව. ඔය අතරේ පර්සිගෙ හොඳම යාලුවා වගේම එයාගෙ ආරක්ෂකයා වෙච්ච ග්‍රෝවර් එතනට එනවා තවත් රාක්ශයෙක් පර්සිව හොයාගෙන එනවා කියලා දැනුම් දෙන්න. ග්‍රෝවර් කියන්නෙ රාක්ශයන්ගේ ඉව දුර තියාම අඳුරගන්න පුලුවන් සැටර් කෙනෙක්, එහෙමත් නැත්තම් බාගයක් මිනිස්- බාගයක් එළු කොල්ලෙක්. ඉතින් මේ තුන්දෙනා රාක්ශයාගෙන් පර්සිව ආරක්ෂා කරන්න, එයාව අර්ධ ලෝහිත කඳවුරට අරන් යනවා. එතන තමයි උපදෙවිවරුන්ට ලෝකයෙන් හැංඟිලා ආරක්ෂිතව ඉන්න පුලුවන් එකම තැන. මේ ගමනෙදි පර්සි, එයාගෙ පස්සෙන් හඹාගෙන එන ඒ රාක්ශයා: මිනටෝර්ව විනාශ කරලා දැම්මත්, ඒ රාක්ශයත් එක්ක සටන් කරන්න ගිහින් පර්සිගෙ අම්මා මැරෙනවා. ඒ වගේම සිහිසුන් වෙලා ඉන්න පර්සිව කඳවුරට ආරක්ෂිතව එක්කන් යන්න ග්‍රෝවර්ට පුලුවන් වෙනවා. 

අර්ධ ලෝහිත කඳවුරට ගියපු පර්සිට කඳවුර ඇතුලෙදි මොකද වෙන්නේ බලන්න නම් ඉතින් දෙවනි එපියත් බලන්න වෙනවා. බලලාම ඉන්නකො කතාව හොඳද නරකද කියලා. එහෙනම් මගේ සහෝදර අර්ධ ලෝහිතවරුනි, තුන් වෙනි එපියෙන් හම්බෙනකල් මම සමුගන්නවා. කතාව බලලා සබ් එක ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. පරිස්සමීන් ඉන්න! ආයුබෝවන්!

මම නෙත්සඳූ..🌙❤

PERCY JACKSON & THE OLYMPIANS CAST Main


Percy Jackson ලෙස Walker Scobell  

 

Annabeth Chase ලෙස Leah Jeffries

Grover Underwood ලෙස Aryan Simhadri

Other

Luke Castellan ලෙස Charlie Bushnell

Chiron ලෙස Glynn Turman

Dionysus ලෙස Jason Mantzoukas

Sally Jackson ලෙස Virginia Kull

Gabe Ugliano ලෙස Timm Sharp

Ares ලෙස Adam Copeland

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login