The title of the page
Percy Jackson and the Olympians (2023) E01 Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) E01 Sinhala Subtitles
7.7
96
77

Percy Jackson and the Olympians (2023) E01 Sinhala Subtitles | “මම අහම්බයෙන් මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ළමායි අද අරගෙන ආවේ අපි ගොඩ දෙනෙක් ආදරේ කරන, රිලීස් වෙනකම් ගොඩක් අය ඇඟිලි ගැන ගැන මග බලන් හිටපු ටීවී සීරීස් එකක සබ් අරගෙන. දන්නෝ දනිති ඉතිම් මේ පිස්සුව ගැන.

Percy Jackson & the Olympians කියන්නෙ ඇමරිකානු ලේඛක Rick Riordan විසින්, ග්‍රීක දෙවිවරු, ග්‍රීක මිත්‍යා මත සහ කතන්දර පදනම් කරගෙන රචනා කරපු හරිම ලස්සන ෆැන්ටසි නවල් සීරීස් එකක්

පොත් 5 කින් සමන්විත මේ සීරීස් එකේ සිංහල පරිවර්තනය නිකුත් වීමත් එක්ක මේ නව කතා සීරීස් එක ලංකාව ඇතුළෙත් නව යොවුන් පරපුරේ ගොඩක් දෙනෙක් අතරේ හරි ඉක්මනට ජනප්‍රිය වෙන්න ගත්තා. අද වෙනකොට මේ පොත් සීරීස් එක නොකියවපු කෙනෙක් නැති තරම්. දැන් මේක කියවන ඔයත් අනිවාරෙන්ම PJO සීරීස් එකේ රසිකයෙක් වෙන්න ඇති.

මේ විදිහට Rick Riordan ගෙ මේ කතා පොත ලෝකෙ පුරා ලොකු පොඩි හැමෝම අතරේ ජනප්‍රිය වෙද්දි මේ නවල් සීරීස් එකේ පළවෙනි පොත පාදක කරගෙන 2010 දි 20th Century Fox ආයතනය විසින් ෆිල්ම් එකක් රිලීස් කරනවා Percy Jackson & the Olympians: The Lightning Thief විදිහට. ඊට පස්සේ ඒ ෆිල්ම් එකේම 2වෙනි කොටස විදිහට මේ සීරීස් එකේ දෙවෙනි පොත පාදක කරගෙන 2013 දි නැවතත් 20th Century Fox ආයතනය ෆිල්ම් එකක් රිලීස් කරනවා Percy Jackson & the Olympians: Percy Jackson: Sea of Monsters නමින්. පර්සි ජැක්සන් විදිහට Logan Lerman ත් ඇනබෙත් චේස් විදිහට Alexandra Daddario ත් ග්‍රෝවර් අන්ඩර්වුඩ් විදිහට Brandon T. Jackson ත් රඟපාන මේ ෆිල්ම් දෙක, බලපු අය දන්නවා, කතා පොතට වඩා සෑහෙන වෙනස්කම් කරලා නිශ්පාදනය කරලා තියෙන්නේ. ඒ හේතුව නිසාම Rick Riordan ගෙ ගොඩක් රසිකයෝ අතරේ මේ ෆිල්ම් දෙක විවේචනයට භාජනය වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. අවසානයේ මේ ෆිල්ම් දෙකේ අසාර්ථකත්වයත් එක්ක සීරීස් එකක් විදිහට කරගෙන යන්න හිටපු ඉතුරු කතා ටික අතරමග නතර කරන්න නිශ්පාදකයන්ට සිද්දවෙනවා.

 

 

 

ඔන්න ඉතිම් PJO පික්කොන්ට මේ සීරීස් එකේ පළවෙනි එපියේ සබ් අරගෙනයි මං අද ආවේ. කොහොමද උණු උණු නත්තල් තෑගි!!? ඉතිම් ඔන්න මේ පළවෙනි එපිය ගැන කිව්වොත් බලාපොරොත්තු වුනා වගේම කතා පොත හා සමානවම කතාව ගලාගෙන යනවා. ඉතාමත් සුළු වෙනස්කම් ටිකක් තිබුණත් දි ඒවා සිනමා නිර්මාණයේදි ප්‍රේක්ශකයන් ඇඳ බැඳ තබාගන්න සිදුකරපු සාමාන්‍ය වෙනස්කම් විදිහට සලකන්න පුලුවන්. සමස්ත වශයෙන්, කතාවේ සැකිල්ල සමානයි. ඒ වගේම තමයි කතාවට තෝරාගෙන තියන ළමා නලු නිලි පිරිසත් කතාවේ චරිත වලට බොහෝ සෙයින් ගලපලා තියනවා. දැනට බැලුවම නම් මේ සීරීස් එක කලින් එකට වඩා ප්‍රේක්ශකයෝ වැළඳ ගන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඔයාලාත් මුලින් කතාව බලලා ඉන්නකෝ කොහොමද දැනෙන්නෙ කියලා. ඉක්මනටම ඊළඟ එපියත් දාන්නම්. එතකම් පරිස්සමින් ඉන්න! හැමෝටම ආයුබෝවන්!

මම නෙත්සඳූ..🌙❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login