The title of the page
Mangalavaaram Sinhala Subtitle
Mangalavaaram Sinhala Subtitle
7
71
93

Mangalavaaram (2023) Sinhala Subtitles | “මරණ වරෙන්තුව ලියවෙන අඟහරුවාදා” | සිංහල උපසිරැසි සමඟ

(Mangalavaaram (2023) Sinhala Subtitles) (Mangalavaaram (2023) Sinhala Subtitle) (Mangalavaaram (2023) Sinhala Sub) (Mangalavaaram Sinhala Subtitle) (Mangalavaaram Sinhala Sub) (Mangalavaaram 2023 Sinhala Subtitle) (Mangalavaram Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවේ..කලින් ආව Tantiram (2023) තෙළිඟු ෆිල්ම් එකට පස්සේ තවත් තෙළිඟු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ..ෆිල්ම් එකේ නම Mangalavaaram (2023) කියන තෙළිඟු ෆිල්ම් එක..Mangalavaaram කියලා තෙළිඟු භාෂාවෙන් හඳුන්වන්නේ අඟහරුවාදා දවස..2023 නොවැම්බර් 17 සිනමාශාලවල් වලට නිකුත් වෙලා ඊයේ දිනයේ තමයි OTT වෙත මුදාහැරුණේ.

Mangalavaaram To Stream From This Date | cinejosh.com

මේ ෆිල්ම් එක තෙළිඟු සිනමාව තුළ කවුරුත් දන්න අධ්‍යක්ෂක කෙනෙක් වෙන Ajay Bhupathi ගේ වැඩක්..ඔයාල RX 100 එහෙම බැලුවනම් Ajay Bhupathi ගැන දන්නවා ඇතිනේ..ඒ වගේම මේක Swathi Reddy, Gunupati, Suresh Varma M. සහ Ajay Bhupathi කියන හතර දෙනාගේ නිෂ්පාදනයක්..ඒ වගේ මේ චිත්‍රපටයට ලොකුවට පිටුවහලක් වෙලා තියන සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. Ajaneesh Loknath විසින්..මම කිව්වා වගේම මෙ ෆිල්ම් එකේ BGM නිසා ෆිල්ම් එකේ ත්‍රිල් එක දෙගුණ තෙගුණ වෙන හැටි ඔයාලටම අත්විඳින්න පුලුවන් වෙයි..මේක අයිති වෙන්නේ Psychological, Mystery සහ Thriller කියන ශාරණයන් වලට..ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වෙනුවෙන් RX 100 වලින්ම ඔයාලා වෙත ආව Payal Rajput විසින් ඉදිරිපත් කරනවා..ඊට අමතරව Divya Pillai, Shravan Reddy,Ravindra Vijay, Priyadarshi Pulikonda වගේ ගොඩක් අය මේ චිත්‍රපටයත් එක්ක එකතු වෙලා තියනවා..රේටින්ග්ස් පැත්ත බැලුවොත් IMDb දර්ශකයේ 7/10 ක අගයකුත් 71% ක ⁣Rotten Tomatoes දර්ශක අගයකුත් වගේම 93%ගූගල් පරිශීලක මනාප අගයකුත් ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

'Mangalavaaram' reminded me of 'Anveshana' first. It reminded me of 'Arundhati' as I watched it: Ace producer Dil Raju at Success Meet

කතාව පැත්තට හැරිලා බැලුවොත් මේකේ නම ප්‍රධාන චරිතේ වෙන්නේ සයිලජා..එහෙමත් නැත්තන් සයිලු..සයිලුයි රවීයි කියන්නේ පොඩිකාලේ ඉඳන්ම හොඳම යාලුවෝ..ඒත් දවසක් රවීගේ ගෙදර ගින්නක් නිසා රවී වගේම රවීගේ තාත්තත් මැරුණා කියලා ගම්මු හිතනවා..ඉතින් සයිලුත් හැදිලා වැඩුණේ තමන්ගේ ආච්චිත් එක්ක..එයාටත් අම්මා නෑ..තාත්තා එයාව හදාගන්න කැමති නිසා..ඉතින් තනියම තමයි සයිලු හැදි වැඩිලා ලොකු වෙන්නේ..ඉතින් මේ අතරම මහාලක්ෂ්මිපුරම් කියන මේ ගමේ දවසක් උදේ එක බිත්තියක ගමේ දෙන්නෙක්ගේ අනියම් සම්බන්ධයක් ගැන ලියවිලා තියනවා..ඉතින් ඒ ලියවිලා තිබ්බ නම් දෙක අයිති දෙන්නා ඊට ටික වෙලාවකට පස්සේ මැරිලා ඉන්නවා ගම්මුන්ට හම්බවෙනවා…ගමේ හැමෝම හිතන්නේ ලැජ්ජාව නිසා මේ දෙන්නා දිවි නසා ගත්තා කියලා..ඒත් ඉතින් ගමට අලුතින් ආව SI නෝනනම් ඒක පිළිගන්නෑ..ඉතින් ඔහොම යද්දි තවත් දවසක කලින් විදියටම බිත්තියක අනියම් සම්බන්ධයක් ගැන ලියවිලා තියනවා..ඒ නම් අයිති දෙන්නත් කලින් විදියට තමන්ගේ ජීවිතේ නැති කරගෙන තිබ්බා..ඉතින් මෙහෙම වෙද්දි ගමේ අයට තේරෙනවා මේ සිද්ධි වෙන්නේ අඟහරුවාදා දවසට විතරයි කියලා..අඟහරුවාදා කියන්නේ තමන්ගේ ගමේ අදහන මාලච්චම්මා (මහා ලක්ෂ්මි) මෑණියන්ගේ කැමතිම දවස..ඉතින් ගම්මු හිතන්නේ දේව කෝපයක් නිසා මෙහෙම මිනිස්සුන්ව බිලිගන්නවා කියලා..ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ඉතින් මේකත් තෙළිඟු සිනමාව තුළ ඔයාලට හම්බවුණ වෙනස්ම කතාවක් වෙයි මම හිතනවා..මොකද මේකෙදි අපිට මේ ෆිල්ම් එකේදි මුණ ගැහෙන දෙවල් වලට වැරදිකාරයා වෙන චරිතේ කවුද කියලා සැක කරන්න ලොකු ගේමක් දෙන්න වෙනවා..😁 ඉතින් එහෙනම් ඔයාලත් මේ චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරලා යන්න..

තවත් උපසිරැසියකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..⁣එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. ayyala godak thank you……

    pirates of the caribean movie searies ekath denna puluwanda
    puluwannam godak thanks😘

  4. saho apita Matrix Movie set eka dennako ayeth! Sub ekata godak thanks sago!

  5. ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද

    • Video Copy කියන තැනින් ගන්න..VPN on කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..

  6. Irugapatru film එකට Subtitles දෙන්නකො pleasee! හරිම ලස්සන film එකක්

  7. Thank u subtitles akata

  8. hi nanna dannko

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. Chanaka Sangeeth

    Thank you ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login