The title of the page
Spy X Family (2023) S02E11 Sinhala Subtitles
Spy X Family (2023) S02E11 Sinhala Subtitles

Spy X Family (2023) S02E11 Sinhala Subtitles | “මෙහෙයුම සහ රොමාන්විතය” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 11 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. දැන් මේ කතාව හරිම ත්‍රාසජනක හැරිල දැන් අයෙමත් සුපුරුදු wholesome ගතියට ඇවිත් තියෙන බව අපිට දකින්න ලැබුනා. ඒ වගේම අපි Spy x Family Season 2 හි අවසානයට හුඟක්ම ළං වෙලයි ඉන්නෙ. තව එක කොටසකින් ඒ කියන්නෙ 12 වෙනි කොටසින් Spy x Family Season 2 නිමාවට පත් වෙනවා. දැන් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

යෝර්ගේ මෙහෙයුම වගේම නැවේ බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ ලොයිඩ්ගේ මෙහෙයුමත් සහ අන්යාගේ අම්මට උදව් කරන වැඩෙත් ඉවර වුනායින් පස්සෙ දැන් ආයෙමත් මුළු ෆෝජර් පවුලටම නිවාඩුව ගත කරන්න අවස්ථාව ලැබෙනවා. මේ තුන් දෙනාම රහසින් කරපු දේවල් තුන් දෙනාම දන්නෙ නැති වුනත් හිත් කියවන ආන්යා නම් හැමදෙයක්ම දැනන් හිටියා. සතුටින් සෙල්ලම් කරමින් සැහැල්ලුවෙන් සුඛෝපභෝගි නැවේ නිවාඩුව ඉවර කරලා ෆෝජර් පවුල ආපහු ගෙදරට එනවා. ඊට පස්සෙ ආපහු ආන්යාට ස්කෝලෙත් පටන් ගන්නවා. බලද්දි ආන්යාගේ යාලුවො නිවාඩුව ගත කරල තියෙන්නෙ හරිම සුඛෝපභෝගි විදිහටයි. හැමෝටම තමන් කරපු කියපු දේවල් කියවන්නෙ හරිම ආඩම්බරයෙන්. ආන්යා ගියපු සුඛෝපභෝගි නැවේ කතාවත් ආන්යා යාළුවන්ට කියන්න පටන් ගන්නවා. ඇත්තටම බැලුවොත් ඒ නැවේ සිද්ධ වුනු ත්‍රාසජනක දේවල් හරියටම දන්නේ ආන්යා විතරයි. ඒත් හරි හැටියට ඒ කිසි දෙයක් කියාගන්න බැරුව ආන්යා හැමෝගෙම ඉස්සරහ බොරු කාරියක් වෙනවා. නිවාඩුවෙන් පස්සෙ පළවෙනි දවසෙම එපා වෙලා තමයි ආන්යා ගෙදර එන්නේ.

ඒ වගේම ලොයිඩ් ෆෝජර්ගේ රෝහලේ රැකියාවත් නිවාඩුවෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. හැබැයි ලොයිඩ්ට පවරන්න හිටපු මෙහෙයුම් ඔක්කොම වෙන කෙනෙක් සම්පූර්ණ කරලා. ඒ කවුද? ඒ වගේම ලොයිඩ්ව ඩේට් එකකට අරන් ගිහින් යෝජනා කරන්නත් තව කෙනෙක් බලන් ඉන්නවා. ඒ කවුද? මේ කොටස හරිම ආසාවෙන් බලන්න පුලුවන් කොටසක්. නරඹන්න එහෙනම් මේ කොටස. අපි දැන් Spy x Family Season 2 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නෙ. මීළඟ කොටසින් Spy x Family Season 2 නිමාවට පත් වෙනවා. එහෙනම් මීළඟට Spy x Family Season 2 Episode 12 හෙවත් අවසාන කොටස තුළින් මුණ ගැසෙමු.

Episode Name : Berlint in Love/Nightfall’s Daily Life
Aired Date : 2023.12.16
IMDB Rating : 7.4

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login