The title of the page
Percy Jackson and the Olympians (2023) E03 Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) E03 Sinhala Subtitles
7.7
96
77

Percy Jackson and the Olympians (2023) E03 Sinhala Subtitles | “අපි බහිරව උද්‍යාන වෙළඳපොළට ගොඩ වැදුනා” | සිංහල උපසිරැසි සමඟ

අද මම අරන් ආපු, මේ සීරීස් එකේ තුන්වෙනි එපියේ නම තමයි, We Visit the Garden Gnome Emporium (අපි බහිරව උද්‍යාන වෙළඳපොළට ගොඩ වැදුනා). කලින් එපියෙදි පර්සිට, තමන්ගේ තාත්තව බේරගන්න, සියුස්ගෙ අකුණ හොයන්න, ගවේෂණයකට යන්න නියම වෙනවා. මේ එපියෙදි අපිට බලන්න පුලුවන් වෙන්නේ ඒ ගවේෂණයෙදි එයාට මුහුණ දෙන්න වෙන පළවෙනි අභියෝගය ගැන. 

කලින් එපිය ගැන සාරාශයක් ගත්තොත්: අර්ධ ලෝහිත කඳවුරට යන පර්සිට, ලූක්, ඇනබෙත්, ක්ලැරිස් වගේම තව ගොඩක්, එයා වගේම අර්ධ ලෝහිතයෝ මුණ ගැහෙනවා. ඒ වගේම එයා අර්ධ ලෝහිත කඳවුරේ දේවල්, දෙවියෝ ගැන වගේම රාක්ශයෝ ගැනත් තව ගොඩක් දේවල් ගැනත් ඉගන ගන්නවා. ඔය අතරේ කඳවුරේ අර්ධ ලෝහිතයෝ කණ්ඩායම් දෙකකට බෙදිලා පවත්වන කොඩිය අල්ලන තරඟෙදි පර්සි පොඩි කරදරයකටත් මූණ දෙනවා. හැබෙයි අවසානෙට එයා තමන්ගෙ තාත්තා කවුද කියලා දැනගන්නවා. මොකද පර්සි-ඇනබෙත්-ලූක් ගේ කණ්ඩායම තරඟය ජය ගන්නවාත් එක්කම වගේ පොසයිඩන්, මුහුදට අදිපති දෙවියෝ, පර්සිට හිමිකම් කියන නිසා. ඒකත් එක්ක, පර්සි, කයිරොන් කලින් ඇනබෙත්ට කියලා තිබුණ විදිහට දෛවයෙන්ම ගවේෂණයකට යන්න නියම වුණ අර්ධ ලෝහිතයා කියලා එලි වෙනවා. තමන්ගේ තාත්තාව සියුස් එක්ක යුධ වදින එකෙන් බේරගන්න, සියුස්ගේ අකුණ හොයන්න ගවේෂණයකට යන්න පර්සිට නියම වෙද්දි එයා ඒක ප්‍රතික්ෂේප කරන්නේ, තමන්ගේ තාත්තා මේ තරම් කාලෙකට එයා ගැන වද වෙලා නෑ කියලයි. ඒත් පර්සි දැනගන්නවා එයාගෙ අම්මා තාමත් ජීවතුන් අතර කියලා. ඉතින් තමන්ගෙ අම්මව බේරගෙන ආපහු අරගෙන එන්නත් එයාට මේ ගවේෂණයෙන් අවස්ථාවක් ලැබෙන නිසාම, එයා මේ ගවේෂණය යන්න එකඟ වෙනවා. එතනින් පස්සේ ඉතුරු ටික, පර්සි ගවේෂණයට යන්නෙ කොහොමද, කාත් එක්කද කියලා අද එපියෙන් ඔයාලට බලා ගන්න පුලුවන්. 

ඉතින් සහෝදර උපදෙවිවරුනි, පර්සි මේ එපියේ මුහුණදෙන අභියෝග වලට වඩා අභියෝග ටිකක් එක්ක මම ඊළඟ එපියත් අරන් එනකල් පරිස්සමීන් ඉන්න! ආයුබෝවන්!. කතාව බලලා සබ් එක ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. 

මම නෙත්සඳූ..🌙❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

4 comments

  1. E4 තාම නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login