The title of the page
Percy Jackson and the Olympians (2023) E04 Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) E04 Sinhala Subtitles
7.7
96
77

Percy Jackson and the Olympians (2023) E05 Sinhala Subtitles | “දෙවියෙක් අපිට චීස් බර්ගර් අරන් දුන්නා” | සිංහල උපසිරැසි සමඟ

මේ සීරීස් එකේ පස් වෙනි එපිය තමයි, A God Buys Us Cheeseburgers එහෙමත් නැත්තම් ‘දෙවියෙක් අපිට චීස් බර්ගර් අරන් දුන්නා’ කියන්නේ. දන්නවනේ කලින් එපියේ, පර්සිට, කයිමේරා කියලා රාක්ශපැටියෙක් (හහ්, මරු පැටියා..) දශ්ට කරලා මැරෙන්න වැටිලා ඉද්දි තව මාරක පිම්මකුත් පනින්න වුනා කියලා. පොසයිඩන් එයාව බේරගන්න ඉදිරිපත් වුණේ නැත්තම් ඉතින් බඩු බනිස් තමයි. එහෙනම් පර්සිගෙ කෑලි ටික තමයි අහුලන්න වෙන්නේ. ඉතින් ඔය විදිහට යාන්තමින් වතුරට වැටිලා පණ බේරගත්ත පර්සිගෙ ඊළඟ අභියෝගය තමයි මේ එපියේ අපිට දකින්න ලැබෙන්නේ.

කලින් එපිය ගොඩක් වැදගත් එපියක්. මොකද ඒ එපියේ වතුරට වැටුණු තැනේ ඉඳන් තමයි පර්සි තමන්ට තියන හැකියාව, තමන්ට තියන බලය අඳුර ගන්න පටන් ගන්නේ. වතුර ඇතුළේ හුස්ම ගන්න එක. වතුර කැඳවලා එයාට ඕනම දෙයක් කරගන්න පුලුවන් එක. වතුරෙන් වැඩකිඩ දාන ඒවා ඇතුළු තව ගොඩක් ජාති තියනවා. ඒත් ඉතින් පටන් ගන්න වෙන්නේ වතුර අස්සේ ඉඳන් හුස්ම ගන්න පුලුවන් කියලා දැනගෙනනේ. ඒ වගේම අනිත් දේ මේ සිද්දියෙන් තමයි පර්සි තේරුම් ගන්නේ එයා තනිවෙලා නෑ කියන එක. එයාව රාක්ශයෙක්ගෙන් බේරගන්න ගිහින් එයා වැඩියෙන්ම ආදරේ කරපු එයාගෙ අම්මට මේ ලෝකේ කොහෙවත් නැති තැනක හිරවෙලා ඉන්න වෙද්දි, නොදන්න මිත්‍යා ලෝකෙක එයා වගේම ඒත්, කවදාවත් දැකලාවත් නැති තවත් කොල්ලො කෙල්ලො රෑනක් විතරක් එයා වටේට ඉතුරු වෙද්දි, එයාගෙ තාත්තා දෙවි කෙනෙක් වෙලත් ඒතාක් කාලෙකට එයා වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ කියලා හිත අස්සෙන් පසු තැවෙද්දි, හරිම වෙලාවේ පොසයිඩන් එයා වෙනුවෙන් උදව් එවලා එයා තනිවෙලා නෑ, ළඟින් නොහිටියත්, හැමවෙලේම පේන්න එන්න බැරි වුනත් තමන් එයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක කලින් එපියෙන් හොඳාකාරවම පර්සිට එයාගේ තාත්තා පෙන්නුම් කරලා දෙනවා.

ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේවත් පර්සි හිතන විදිහ වෙනස් වෙයිද, එයා එයාගෙ තාත්තා වෙනුවෙන් මොනවාහරි කරයිද කියලා බලන්න මේ එපියත් බලලම ඉන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක්! පරිස්සමින් ඉන්න.

මම නෙත්සඳූ..🌙❤

PERCY JACKSON & THE OLYMPIANS CAST

Main

Percy Jackson ලෙස Walker Scobell          

Annabeth Chase ලෙස Leah Jeffries

Grover Underwood ලෙස Aryan Simhadri

Other

Luke Castellan ලෙස Charlie Bushnell

Chiron ලෙස Glynn Turman

Dionysus ලෙස Jason Mantzoukas

Sally Jackson ලෙස Virginia Kull

Gabe Ugliano ලෙස Timm Sharp

Ares ලෙස Adam Copeland

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

One comment

  1. කෝ අනේ අනිත් ඒවට සබ් නැද්ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login