The title of the page
Percy Jackson and the Olympians (2023) E04 Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) E04 Sinhala Subtitles
7.7
96
77

Percy Jackson and the Olympians (2023) E04 Sinhala Subtitles | “මම මාරක පිම්මක් පැන්නා” | සිංහල උපසිරැසි සමඟ

මේ එපිය නම් කරලා තියෙන්නේ I Plunge to My Death (මම මාරක පිම්මක් පැන්නා) විදිහට. ඔන්න මේ වෙනකම් කතාව ඔයාලා බැලුවා නම් දන්නවා පර්සි මේ වෙද්දි ප්‍රධාන අකුණ හොයාගන්න ගවේෂණයක ඉන්නෙ කියලා. කලින් එපියේ සිද්ධ වෙච්ච දේවල් සාරාංශගත කළොත්, පර්සි තමන්ගේ තාත්තා එහෙමත් නැත්තම් මුහුදේ දෙවියා වෙච්ච පොසයිඩන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න ගවේෂණයක් භාර ගන්නවා. හැබෙයි මේ ගවේෂණයෙදි පර්සිගෙ ප්‍රධානතම අරමුණ වෙන්නේ හේඩීස් පැහැර ගෙන ගියපු තමන්ගේ අම්මව බේර ගන්න එක. ඔයාලට මතක නම්, කතාව පටන් ගත්තේ පර්සි ඔරැකල් ළඟට ගිහින්, එහෙමත් නැත්තම් කඳවුරේ ගවේෂණ ගැන වගේම ඔලිම්පස් වල සිද්ධ වෙන්න පුලුවන් දේවල් ගැනත් අනාවැකි කියන මමිය ළඟට ගිහින් තමන්ට නියම වුණු ගවේෂණය ගැන අනාවැකියක් අරගන්න එකෙන්.

“ඔබට බටහිර දෙසට ගොස්, වෙනතක හැරුණු දෙවියන්ට මුහුණ දීමට සිදු වේවි.

සොරකම් කරන ලද දේ නුඹ විසින් සොයාගෙන, ආරක්ෂිතව නැවත ගෙනවිත් දේවි.

නුඹට යහළුවා යැයි අමතන අයෙකු නුඹට ද්‍රෝහි වේවි.

අවසානයේදි, වඩාත්ම වැදගත් දේ බේරා ගැනීමට නුඹ අපොහොසත් වේවි.”

ඕක තමයි ඔරැකල් පර්සිට දෙන අනාවැකිය වුණේ. අනාවැකියේ තුන්වෙනි පේළිය: තමන්ගේ යාලුවෙක් තමන්ට ද්‍රෝහි වෙනවා කියන කියමන පර්සිගේ හිතේ ගොඩක් වද දෙන කාරණාවක් වෙනවා. ඔරැකල්ගෙන් අනාවැකියක් ගත්තට පස්සේ, එයත් එක්ක ගවේෂණයට යන්න තවත් කඳවුරුකාරයෝ දෙනෙක්ව තෝරගන්න පර්සිට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට එයා ඇනබෙත්ව වගේම ග්‍රෝවර්ව තමන්ගේ ගවේෂණ සගයෝ විදිහට තෝරගත්තත් කතාව පුරාම අපිට දකින්න ලැබෙන්නේ, පර්සි තමන්ට ද්‍රෝහි වෙන්නේ කවුද කියන එක ගැන ගොඩාක් හිතින් වද වෙනවා කියලයි. කොහොමහරි ඇනබෙත්-පර්සි-ග්‍රෝවර් තුන්දෙනා කඳවුරෙන් පිටත් වෙනවා තමන්ගේ ගවේෂණය ආරම්භ කරන්න. මෙහෙම ගියත් මග දිගට පර්සි-ඇනබෙත් අතර සෑහෙන වාද විවාද ඇති වෙනවා. ඒකට එක හේතුවක්, පර්සිට ලැබුණු අනාවැකියේ ඒ තුන්වෙනි වාක්‍යය. ග්‍රෝවර් කොච්චර උත්සහ කළත් එයාලව සමගි කරන්න ඇනබෙත්වත් පර්සිවත් ඒකට ලෑස්ති නැහැ.

ඉතින් කොහොම හරි මේ ගමන අතරවාරයේ මෙයාලට, කලින් පර්සිට පහර දුන්න එයාලගෙ ගණිත ගුරුතුමිය, මිස් ඩොඩ්ස් විදිහට වෙස්වලාගෙන හිටපු ඇල්ක්ටෝ කියන ෆියුරිව හම්බෙනවා. එයා ඇනබෙත්ට යෝජනාවක් කරනවා පර්සිව එයාට ගෙනත් බාර දුන්නොත් එයාලගෙ මෙහෙයුම සාර්ථක කරගන්න උදව් කරන්නම් කියලා. ඒත් ඇනබෙත් ඒ යෝජනාව ප්‍රතික්ශේප කරලා ඇලෙක්ටෝගෙ සහෝදරියව මරලා දානවා. ඒකෙන් තවත් තරහා ගන්න ඇලෙක්ටෝ මේ තුන්දෙනා පස්සෙන් පන්නද්දි එයාලට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ මෙඩූසා. මෙඩූසා කියන්නේ, කවුරු නමුත් එයාගෙ ඇස්දෙක දිහා කෙලින් බැලුවොතින් එයාලා ගල් පිළිම බවට පත් කරන්න පුලුවන් විදිහට සාපයක් ලබපු කෙනෙක්. එක්තරා අතකට, රාක්ශයෙක්. ඉතින්, මෙඩූසා පර්සිට යෝජනාවක් කරනවා ඇනබෙත්ව වගේම ග්‍රෝවර්ව එයාට භාර දුන්නොත් එයාගෙ අම්මාව බේර ගන්න උදව් කරන්නම් කියලා. ඒත් පර්සි මෙඩූසාව මරලා දානවා. ඉතින් අන්තිමට, ඔය විදිහට එයාලා එකිනෙකා අනිත් කෙනාට උදව් කරගත්තා මිසක් ද්‍රෝහි වුණේ නැහැ කියලා තේරුම් ගත්තට පස්සෙ ඇනබෙත් වගේම පර්සි දෙන්නා සමතයකට එනවා.

ඉතින් එහෙනම්, මෙතනින් පස්සේ ගවේෂණයේ ඉතුරු ටික, මේ තුන්දෙනා මුහුණ දෙන ඊළඟ අභියෝගය එක්ක ඔන්න හතරවෙනි එපිය මම ඔයාලාට බාර කරනවා. ගිහින් එන්නම්. පරිස්සමීන් ඉන්න! ආයුබෝවන්!.

මම නෙත්සඳූ..🌙❤

PERCY JACKSON & THE OLYMPIANS CAST

Main

Percy Jackson ලෙස Walker Scobell          

Annabeth Chase ලෙස Leah Jeffries

Grover Underwood ලෙස Aryan Simhadri

Other

Luke Castellan ලෙස Charlie Bushnell

Chiron ලෙස Glynn Turman

Dionysus ලෙස Jason Mantzoukas

Sally Jackson ලෙස Virginia Kull

Gabe Ugliano ලෙස Timm Sharp

Ares ලෙස Adam Copeland

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login