The title of the page
Classroom of the Elite (2024) S03 E032 Sinhala Su
Classroom of the Elite (2024) S03 E032 Sinhala Su
7.4
94

Classroom of the Elite (2024) S03 E03 Sinhala Subtitles | “කටකතා පතුරුවන සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ —

2024 Winter Season එකේ ආරම්භයෙන් තවත් ඇනිමෙ එකක සිංහල උපසිරැසි මාලාවයි මේ ඇරඹෙන්නේ. “අයනොකෝජි කියොතකා” කියන නම ඇසූ පමණින් මේ කතාව මොකක්ද මොන වගේද කියල බොහෝ දෙනෙක් මේ වෙද්දි දන්නවා. High School එකක අනිත් ශිෂ්‍යයින්වත් ඉත්තො ගානට දාගෙන, එක්තරා Manipulator කෙනෙක් පරික්ෂණ අභියෝග එක්ක තමන්ගේ ගමන යන විදිහ තමයි අපිට කතාවේ මුල ඉඳන්ම බලාගන්න ලැබුනෙ.

අන්න ඒ විදිහක High School Psychological ඇනිමෙ සීරීස් එකක තුන් වෙනි කතා සමය මේ විදිහට ඇරඹෙනවා.

     

𝗬𝗼𝘂𝗸𝗼𝘀𝗼 𝗝𝗶𝘁𝘀𝘂𝗿𝘆𝗼𝗸𝘂 𝗦𝗵𝗶𝗷𝗼𝘂 𝗦𝗵𝘂𝗴𝗶 𝗻𝗼 𝗞𝘆𝗼𝘂𝘀𝗵𝗶𝘁𝘀𝘂 𝗲 හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 ඇනිමෙ සීරීස් එක Syougo Kinugasa ගේ Classroom of the Elite Light Novel එක ආශ්‍රයෙන්, Animation production එක කරන්නෙ සුපුරුදු පරිදි Lerch Studio එක විසිනුයි. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙන මේ ඇනිමෙ එක Season 3 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස 13 කින් සමන්විත වෙනවා. මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි Season 3 එක MyAnimeList දර්ශකයේ 8.14 ක අගයක් ලබා ගෙන තියෙනවා. Season 3 හි Theme එක වෙන “Minor Piece” ගීතය ZAQ විසින් ගායනා කරනවා. පසුගිය සීසන් දෙකේදිම themes ගායනා කළේ ZAQ ම තමයි.

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 3 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

කතා මාලාව ආරම්භයෙදීම ඇරඹුනු “මිශ්‍ර පුහුණු කඳවුර” කියන පරික්ෂණය සතියක් පුරාවට පවත්වලා අවසාන දවසෙදි පවත්වපු විශේෂ පරික්ෂණ හතරත් එක්කම අවසන් වුනා. ඒ පරික්ෂණය අවසානයෙදි අලුත් ශිෂ්‍ය සංගම් සභාපති වෙන නගුමො මියාබිගේ ද්වේශ සහගත සැලැස්මක් නිසා එක ශිෂ්‍යයෙකුට නෙරපෙන්න සිද්ධ වෙනවා. ඒ අතරෙදි A පන්තියේ සකයනගිගෙන් අයනොකෝජිට තර්ජන එල්ල වෙනවා. මොකද දැන් අයනොකෝජි ප්‍රමුඛ මුළු පන්තියම දැන් C පන්තිය දක්වා ඉහළට ඇවිල්ලයි ඉන්නේ. ඒ අනුව B පන්තියත් ලොකු තර්ජනයක් කියල සකයනගි තීරණය කරනවා.

ඉචිනොසේ ප්‍රමුඛ B පන්තිය වැට්ටවීමේ සැලැස්ම A පන්තියේ සකයනගි අරඹනවා. ඉතින් ඒකට මුලින්ම කරන්න හදන්නෙ ඉචිනොසේව වට්ටලා ස්කෝලෙන් නෙරපලා දාන එක. සකයනගි ඒක කොහොමද කරන්න හදන්නෙ? අයනොකෝජි ඇතුළු C පන්තියටත් මේ සකයනගි පහර දේවිද? නොයෙක් කූට සැලැස්මවල් මේ කොටසින් ඇරඹෙනවා. නරඹන්න මේ කොටස. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා.  මීළඟට Classroom of the Elite Season 3 හි 4 වෙනි කොටස තුළින් මුණ ගැසෙමු.

Episode Name : We never forget what we endeavor to forget.
Aired Date : 2024.01.17
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

5 comments

  1. thank you 😘

  2. episode 4th one

  3. ilaga epiyath onw 😊

  4. anith episode ekath one

  5. Anith episode ekatath sub denna ko 😔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login