The title of the page
Classroom of the Elite (2024) S03 E05 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E05 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E05 Sinhala Subtitles | “පාපොච්චාරණය” | සිංහල උපසිරැසි සමඟ —

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 5 සහ 6 වෙනි කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

වැලන්ටයින් දිනය එක පැත්තකින් ගෙවීගෙන යද්දි C පන්තියෙ සිසුන් අතරෙත් කලින් B පන්තියෙ සිද්ධ වුනා වගේ කටකතා පැතිරෙන්න පටන් ගන්නවා. මේ කටකතා නිකන් සාමාන්‍ය ආකාරයේ ඒවා නම් නෙමෙයි, වර්තමාන චරිතය පවා නැති වෙන ජාතියෙ කටකතා. අයනොකෝජි ගැනත් මේ කටකතාවල කියවෙනවා. මේ කටකතා පතුරුවන්න මුල් වුනේ කවුද කියල නම් අපිට තාම හරියටම හිතා ගන්න අමාරුයි. B පන්තියේ කටකතාවලින් ඉලක්ක වුනු ඉචිනොසේ හොනමි අසනීප වීම නිසා පාසල් එන්නේ නෑ. A පන්තියේ සකයනගි මේ ඉචිනොසේ එනකල් මඟ බලාගෙනමයි ඉන්නෙ. මොකද සකයනගි ඉන්නේ B පන්තිය සුනුවිසුනු කරන අදහසින්මයි.

මේ වතාවෙ අපිට ඉචිනොසේ ගැන සැඟවුනු ඇත්තක් දැනගන්න ලැබෙනවා. සකයනගිගේ තල්ලු කිරීම නිසා ඒක හැමෝම ඉස්සරහ පාපොච්චාරණය කරන්න ඉචිනොසේට සිද්ධ වෙනවා. ඒ සැඟවුනු ඇත්ත මොකක්ද? පාපොච්චාරණයෙන් මොනව වේවිද? ඒ වගේම වසර අවසාන විභාගයත් පවත්වනවා. ඒකෙන් පස්සෙ මීළඟට මොකක් වේවිද? පන්ති අතර සීතල යුද්ධයට මොකක් වේවිද? බලන්න එහෙනම් මේ කොටස් දෙකෙන් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. හමුවෙමු එහෙනම් මීළඟ කොටස් තුළින්.

Episode Name : Fortune Favors the Bold (Episode 5) 

Aired Date : 2024.01.31 (Episode 5) 

IMDB Rating : 8.1 (Episode 5) 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login