The title of the page
Hi Nanna (2023) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
8.4
100
98

Hi Nanna (2023) Sinhala Subtitles | “ වෙන්කල නොහැකි බැඳීම ” | සිංහල උපසිරැසි සමඟ

(Hi Nanna (2023) Sinhala Subtitles) (Hi Nanna (2023) Sinhala Sub) (Hi Nanna (2023) Sinhala Subtitle) (Hi Nanna Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම !

අදත් අරගෙන එන්නේ අලුතින්ම නිකුත් වුනු අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි. ඉතින් දැන් සබ් කරන්න තියෙන කාලය බොහොම අඩු නිසා ඉක්මනට සබ් ගේන්න වෙන්නෙත් නෑ ඉස්සර වගේ. ඉතින් කාර්යබහුල තත්වයත් එක්ක බොහොම කණගාටුවෙන් උනත් කියන්න ඕන මේ මම ආසම නලු නානි වෙනුවෙන් අරගෙන 11 වන සහ අවසාන සබ් එක කියල 😪 එහෙනම් යමු ෆිල්ම් එක පැත්තට.

මේ මාසේ මගේ most anticipate මුවී එක තමයි Hi Nanna.ඉතින් පහුගිය දෙසැම්බර් 07 රිලීස් උනා.දවස් තුන හතරකට කලින් මාත් බලා ගත්තා. ඇත්තටම මේ ෆිල්ම් එකේ පලවෙනි Glimpse එක බලපු වෙලේ ඉදන් ගොඩක් ආසාවෙන් හිටියේ වෙන මොකුත්ම නෙමේ සුපුරුදු නානිගෙ Emotional Vibe එක වීඩියෝ පුරාවටම දැනුන හින්දා. නැචුරල් ස්ටාර් නානි කිව්වට මමනම් පුද්ගලිකවම කැමති නානිගෙ මේ ශාරනයේ ෆිල්ම් වලට තමා වැඩියෙන්ම.

මේ ෆිල්ම් එක පටන් ගෙන්නෙම පොඩි අභියෝග කිහිපයක් එක්ක.මොකද ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Shouryav ගෙ පලවෙනි ෆිල්ම් එක මේක. ඒ වගේම මෘනාල් පලවෙනි වතාවට නානි එක්ක රගපාන්නේ. ඉතින් මේ Chemistry එක මැච් වෙයිද ? එතකොට ෆිල්ම් එකේ Main කැරැක්ටර් එකක් විදියට එකතු වෙන Kiara Khanna අවුරුදු හයක පුංචි හැඩකාරිය. එයාගෙ රංගනය අනිවාරෙන්ම මේ ෆිල්ම් එකට ලොකු බලපෑමක් කරනව. ඉතින් මේ හැමෝගෙම සාර්ථක වීම තමා ෆිල්ම් එකේ සාර්ථකත්වයට බලපාන්නෙ.

මුලින්ම ගත්තොත් මේ ෆිල්ම් එකේ අපේ අංක එක නානි ❤. සුපුරුදු පරිදිම තමා ආයි ඒ ඇක්ටින් ටොප් ලෙවල් එකේම තියාගෙන තමන් කව්ද කියන එක ආයිම සැරයක් ඔප්පු කරල තියෙනවා. Pure Natural 🥹👌 ඒ වගේම අධ්‍යක්ෂක Shouryav හොඳ ස්ක්‍රිප්ට් එකකට අපූරු Screenplay එකක් දාලා වැඩේ හොඳ මට්ටමක ගොඩ දාල තියෙනව. අඩුපාඩු නැතුවම නෙමේ නමුත් පොරගෙ පලවෙනි වැඩේ විදියට මේක හොඳ ආරම්භයක්. ඊලගට පුංචි Kiara හරි අපූරුවට මුල ඉදන්ම තමන්ගෙ කාර්යය හොඳට ඉෂ්ට කරල තිබුනා. ෆිල්ම් එකේ එයාව දකිනකොටයි ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් pre release event වල එහෙම එයාව දකිනකොටයි හරිම වෙනස්. ඉමෝෂනල් සීන් වල එහෙම අපිව අඬවන්න පුලුවන් තරමට එයා දක්ෂ වෙලා තියෙනවා.

ඊළඟට මේ ෆිල්ම් එකේ ස්පෙෂල්ම කැරැක්ටර් එක. තෙලිඟු සිනමාවේ තවත් Rising Star එකක් විදියට ඉස්සරහට එන මෘනාල් ඨාකූර් ❤ ඇත්තටම නානිගෙ ඇක්ටින් බලන්න , නානි බලන්න හිතම්ම ෆිල්ම් එක බලන්න ආව ඕඩියන්ස් එකව කරකවල අතෑරල මෘනාලුත් ඒ වගේම ලොකු අවධානයක් දිනාගෙන තියෙනව දැනටම කට්ටිය හිතුවටත් වඩා. පට්ටම Perfect ඇක්ටින් තියෙන්නෙ ෆිල්ම් එක පුරාවටම. ඉතින් අනිවාරෙන් සුපිරි Chemistry එකක් නානි එක්ක ගොඩනගල තියෙනවා කියන්න පුලුවන් මාරම matching couple 👩‍❤️‍👨 එකක්. විෂේශයෙන්ම second half එකේ අම්මොහ් මෘනාල් නම් පිස්සුවක්. මාරම Figure එකක් මාරම හැඩක්. ඒ කැරැක්ටර් එක නියමෙට සෙට්. විහින් හුරතල් වෙන්න දගල පතෝල කෑලි නැතුව නානි මේ වගේ කෙල්ලෙක් තෝරගත්ත එකනම් ෆට්ටම වටිනව 😁.

පොඩි රාවයක් ගියා ෆිල්ම් එක Dada ෆිල්ම් එකෙන් inspire වෙලා ඒකම කොපි කරල වගේ. නමුත් එහෙම එකක් කියනව ඇත්තෙ ගොඩක් වෙලාවට concept ටිකක් සේම් නිසා වෙන්නැති. එහෙම නැතුව මේක වෙනම ෆිල්ම් එකක් විදියට රසවිඳින්න එහෙම බාධාවක් නෑ. එහෙම නොවුනම් මේ වෙනකොටත් බොක්ස් ඔෆිස් කෝටි 75ක් උපයන්න තරම් හැකියාවක් එන්නෙත් නෑනෙ. නානිට සාර්ථක අවුරුද්දක් තමා මේ ඉවර වෙන්නෙ Mass Blockbuster එකකුයි Emotional Super Hit එකකිනුයි.

මං කියන්නෑ මේක තමා ලෝකේ හොඳම ඉමෝෂනල් වගේම මේ කන්සෙප්ට් එකෙන් හදපු හොඳම ෆිල්ම් එක කියල. ඒ වුනාට මේක නියමෙට රසවිඳින්න පුලුවන් ෆිල්ම් එකක්.සින්දු එහෙමත් සුපිරි ❤.

කතාව ගැන කියන්න යන්නෑ ඉතින් ඔයාලම බලන්න.. රස විඳින්න.. ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි මදු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. Peter Barthelot
    Cineru Family Member

    සබනම් පට්ට මධුවා තෑන්ක්ස්

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. මදුවා ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login