The title of the page
Spy X Family (2023) S02E12 (END) Sinhala Subtitles
Spy X Family (2023) S02E12 (END) Sinhala Subtitles

Spy X Family (2023) S02E12 (END) Sinhala Subtitles | “තවත් වික්‍රමාන්විතයක අවසානය…” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 12 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. දැන් මේ කතාව හරිම ත්‍රාසජනක හැරිල දැන් අයෙමත් සුපුරුදු wholesome ගතියට ඇවිත් තියෙන බව අපිට දකින්න ලැබුනා. මේ කොටසින් ඒ කියන්නෙ 12 වෙනි කොටසින් Spy x Family Season 2 නිමාවට පත් වෙනවා. දැන් මේ අලුත් කොටසට යන්න කලින් මේ season 2 හි සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

ලොයිඩ් ෆෝජර් හෙවත් ටුවිලයිට් සුපුරුදු විදිහට තමන්ගේ රහස් මෙහෙයුම් කරගෙන ඉන්න අතරේ, යෝර් ෆෝජර් හෙවත් කටු කුමරිය තමන්ගෙ කුලී ඝාතනයන් රහසේ කරගෙන යන අතරේ, යෝර්ගෙ මල්ලි වෙන යූරි බ්‍රයර් මෙහෙයවන ආරක්ෂක මෙහෙයුම් ගැන පවා පුංචි ආන්යා ෆෝජර් මේ හැමෝගේම හිත් කියවමින් හැම දෙයක්ම දැනගත්තා. ඒ වගේම ආන්යාගේ පාසල් ඉගෙනීම් කටයුතුවලදීත් ඒ හිත් කියවන පුරුද්ද නම් නැවැත්තුවේ නෑ. ඒ විදිහට දිග හැරුනු කතාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් ආන්යා දිනන නිසා, මුළු ෆෝජර් පවුලටම සුඛෝපභෝගි නැවක චාරිකාවක් යන්න ඉඩ ලැබෙනවා.

ඒ අතරෙදි කටු කුමරියට විශේෂ මෙහෙයුම ලැබෙනවා. ඒ තමයි මාෆියා කල්ලියක පවුලක් ආරක්ෂිතව දේශ සීමාවෙන් පිට මං කරන එක. මේ මෙහෙයුම ලැබෙන්නෙත් ආන්යා චාරිකාවක් දිනපු නැවේමයි. කටු කුමරියක් ගැනවත් මාෆියාවක් ගැන වත් නොදන්න ලොයිඩ්, ආන්යා දෙන්නගෙන් කිසි කරදරයක් නැතුව මෙහෙයුම සම්පූර්ණ කරගන්න ඉඩකඩ යෝර්ට ලැබෙනවා. මාෆියා පවුල පස්සෙන් එන කුලී ඝාතකයො මරල මෙහෙයුම සම්පූර්ණ කරන්න යෝර්ට සිද්ධ වෙනවා. හැම දෙයක්ම හිත් කියවලා දැනගන්න ආන්යා, කොහොමහරි තමන්ගෙ අම්මට උදව් කරන්න උත්සහ කරනවා.

කොහොමහරි සුඛෝපභෝගි නැවේ වික්‍රමාන්විත චාරිකාව ඒ විදිහට නිමා වෙද්දි, නොදැනීම ෆෝජර් පවුලට හොඳ නිවාඩුවක් ගත කරන්නත් ඉඩ ලැබෙනවා. ආන්යාගේ පාසල් කාලයත් ආපහු පටන් ගන්නවා. ඒ විදිහට කොටස් 11 ක් පුරාවට ආපු කතාවේ මේ අවසාන කොටසින් ගේන්නේ තවත් වීරයෙක්ගෙ කතාවක්. වැඩිය කතා බහට ලක් වෙන්නෙ නැති කෙනෙක්ගෙ කතාවක්. ඒ වීරයා කවුද? එහෙනම් නරඹන්න මේ අවසාන කොටස. මේ කොටසින් පෙර සඳහන් කරපු විදිහට Spy x Family Season 2 නිමාවට පත් වෙනවා. හැබැයි Season 3 ගැන කිසිම තොරතුරක් තවම නිවේදනය කරල නෑ. හැබැයි Spy x Family ඇනිමෙ කතා මාලාවේ Sequel චිත්‍රපටය වෙන Spy x Family: Code White චිත්‍රපටය මේ වෙද්දි ජපානයේ ප්‍රදර්ශනය වෙන ගමන් තියෙන්නෙ. හොඳ වීඩියෝ පිටපතක් නිකුත් වුනු දවසක ඒ චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරන් එන්නම්. එතෙක් හැමෝටම ජය වේවා, Happy Anime!✌️

Episode Name : Part of the Family
Aired Date : 2023.12.23
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

4 comments

  1. Sub ekata thanks bosa.
    Solo leveling ekatath sub denna

  2. lassanayi

  3. tnx sudda sub wlt

  4. Hunter x Hunter ekatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login