The title of the page
Annapoorani Sinhala Subtitle
Annapoorani Sinhala Subtitle
5
81

Annapoorani – The Goddess of Food (2023) Sinhala Subtitles | “බාධක මැදින් සිහිනයට” | සිංහල උපසිරැසි සමඟ

(Annapoorani – The Goddess of Food (2023) Sinhala Subtitles) (Annapoorani – The Goddess of Food (2023) Sinhala Sub) (Annapoorani (2023) Sinhala Subtitle) (Annapoorani Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම ❤️

ඉතින් කොහොමද කට්ටියට.. ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි අවුරුද්දේ අගටත් ආව… සුපුරුදු විදිහට 31st Special ෆිලුමත් අරගෙනම ආව ඔන්න… යන්කෝ එහෙනම් හෑල්ල දිහාට..

මේ 2023 අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදා රිලීස් වෙච්ච මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ culinary drama කියන Category එකට… ඉවුම් පිහුම් කලාවත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.. හැබැයි කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට නිදහසේ බලන්න පුළුවන් ෆිලුමක් මේක..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ අපේ ඉන්දියන් ලේඩි සුපර් ස්ටාර් “නයන්තාරා“.. ඇක්ටින් ගැන නම් මං ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මොකද මෙයාගෙ ෆිල්ම් නිකන් පුරුදු වෙන්න බලනව නෙවෙයිනෙ.. ගින්දරට තිබුනා..එතකොට අනික් චරිතෙ සදහා රංගනයෙන් දායක වෙන්නෙ ලොකූ බ්ලොක් බාස්ටර් පස්සෙ එලවන්නෙ නැතුව ෆිලුමක් සෙට් උනොත් කරගෙන පාඩුවේ ඉන්න ඔයාල කවුරුත් දන්න “Jai” රාජා රාණි බලපු අයට මෙයාගෙ ඇක්ටින් ගැනත් කියන්න ඕනෙ නෑ..

ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්කො..

Cast

Nayanthara as Annapoorani Rangarajan
Ovi Bhandarkar as young Annapoorani
Sathyaraj as Chef Anand Sundarajan
Jai as Farhaan, Annapoorani’s classmate and love interest
Achyuth Kumar as Rangarajan, Annapoorani’s father
K. S. Ravikumar as ‘Arusuvai’ Annamalai
Karthik Kumar as Chef Ashwin Sundarrajan, Anand’s son

විස්තරේ පොඩ්ඩක් කියන්නම්…

අන්නපූරනී.. එහෙමත් නැත්තම් පූර්නි කියන්නෙ පොඩි කාලෙ ඉදන් ඉවුම් පිහුම් කලාවට හුගක් දක්ෂ ගැහැණු ලමයෙක්.. මෙයාගෙ තාත්ත තමයි කෝවිලේ දෙවියන්ගෙ ප්‍රසාද හදන කෝකියා..එතකොට ඉවුම් පිහුම් කලාවත් උපතින්ම ආපු එකක් කියල තේරෙනවනේ..

පූර්නිගෙ හීනෙ තමයි දවසක ඉන්දියාවෙ ඉන්න හොදම චෙෆ් වෙන එක.. මෙයා ලොකු වෙලා ඒ හීනෙ වෙනුවෙන් ඉගෙනගන්න හදනකොට, මෙයාගෙ තාත්තයි ගෙදරිනුයි ඒකට උදැල්ලක් දානව.. ඒ ආගම් කේස් එක නිසා මස් මාංශ උයන්න වෙයි කියල චෙෆ් කෙනෙක් වෙන්න එපා කියලා..කෙල්ල කොහොමහරි මේ ගැන අහන්නෙ නැතුව ගෙදරින් ගිහින් තැන් තැන් වල චාටර් වෙවී පට්ට කට්ටක් කාල වැඩ පෙන්නල කොහොම හරි හෝටලයක් සෙට් කරගන්නව… හැබැයි හෝටලේ ඇතුලේ වෙන ගේමක් නිසා අවන් බ්ලාස්ට් එකක් වෙලා පූර්නිට ලොකු අනතුරක් වෙනව..

මේකෙන් මෙයාගෙ “රහ දැනීමේ ගුණය” නැතුව යනවා.. චෙෆ් කෙනෙක්ට රහ දැනීම කියන්නෙ අංක 1නේ.. එතකොට අන්නපූර්නිගේ හීනෙට මොකද වෙන්නෙ.? මෙයා හීනෙ අතාරියිද.? නැත්තම් අලුත් මුහුණු වරකින් ගේමට බහීද.?

සේරම දැනගන්න මේ සුපිරිය ඔයාලට බලන්න කියල ආදරෙන් ආරාධනා කරනවා..

2023 පුරාවටම සිනෙරූ අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි!. 2024දි සෙට් වෙමු!

ලබන්නා වූ 2024 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභ වෙන්න, ජය වෙන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!

කොමෙන්ට් එකක් කොටාගෙනම යං එහෙනම්.! අපි කැපුනා..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

6 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. laKMal
    Cineru_users

    සුබ අලුත් අවුරැද්දක් ශානා…. මේ අවුරුද්දෙ සබ් ගෙනාව වගේම 2024දිත් අලුත්ම පට්ට මූවි වලට සබ් ඕනේ මචෝ….
    බොහෝම ස්තූතියි සබට…

  3. Thank u brother subtitles akata

  4. Tiger 3 film ඒක dennko

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Geethanjana perera

    බොහොම ස්තූතියි උපසිරසට ගොඩක් ස්තුතියි👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login