The title of the page
Spy X Family (2023) S02E09 Sinhala Subtitles
Spy X Family (2023) S02E09 Sinhala Subtitles

Spy X Family (2023) S02E09 Sinhala Subtitles | “මෙහෙයුමේ අවසානය කරා…” | සිංහල උපසිරැසි සමඟ

 2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්රාසයෙන් ක්රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 9 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. දැන් මේ කතාව දිග හැරෙන විදිහ හරිම ත්රාසජනක විදිහට ගලාගෙන යන බව අපිට දකින්න ලැබුනා. පසුගිය 6,7,8 කොටස් තුන වගේම මේකත් ඒ වගේම ත්රාසජනක කොටසක්. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

මාෆියා කල්ලියේ සාමාජිකයින් තුන් දෙනාට ආරක්ෂාව සැලසීම වෙනුවෙන් යෝර් ෆෝජර්ට පැවරුනු මෙහෙයුම අනුව, දිගින් දිගටම මුණ ගැහුණු නොයෙක් කුලී ඝාතකයින්ව පරද්දමින් නැවේ ඇතිවුනු සටන තවත් දික් ගැස්සෙමින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම සිත් කියවීමෙන් දැනගන්න ආන්යා තමන්ගේ අම්මාට උදව් කරන වැඩේ නවත්තලා නෑ. මේ සටනට පවා අම්මට උදව් කරල අම්මව බේරගන්නයි ආන්යා උත්සහ කරන්නේ. ඒ අතරෙ රාජ්ය ආරක්ෂක සේවයේ නිළධාරීනුත් නැවේ එහෙ මෙහෙ සැරිසරන විත්තිය ලොයිඩ් දැනගන්නවා. ඒත් ලොයිඩ් නිසා ආන්යාට හරිහමන් උදව්වක් අම්මා වෙනුවෙන් කරගන්න ලැබෙන්නෙ නෑ.

නැවේ ඉහල කොටසේ ඝාතකයින්ට එරෙහිව අවසාන සටනේ යෝර් නියැලෙමින් ඉන්නවා. මේ කිසි දෙයක් නොදන්න ලොයිඩ්ට, නැවේ බෝම්බයක් අටවලා තියෙන විත්තියක් දැනගන්න ලැබෙනවා. පැත්තකින් ඝාතකයො ගුටි බැට බෙදාගන්න අතරෙ තවත් පැත්තකින් දැන් බෝම්බයකුත් ඇවිත්. ඒ වගේම ඒ සටනේ අවසාන මොහොතයි ගෙවෙන්නෙ. මේ කිසි දෙයක් නොදන්න ලොයිඩ්, බෝම්බය වෙනුවෙන් මොකක් කරාවිද? එතකොට ආන්යාට අම්මට උදව් කරන්න පුලුවන් වේවිද? යෝර්ට මාෆියා පවුල ආරක්ෂා කරගෙන තමන්ගෙ මෙහෙයුම සම්පූර්ණ කරගන්න පුලුවන් වේවිද?

මේ කොටසත් සටන් වලින් පිරුනු හරිම උද්වේගකර, චමත්කාරජනක, වර්ණවත් කොටසක්. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට

Spy x Family Season 2 Episode 10 තුළින් මුණ ගැහෙමු.

Episode Name : The Hand That Connects to the Future

Aired Date : 2023.12.02

IMDB Rating : 8.6

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login