The title of the page
Spy X Family (2023) S02E08 Sinhala Sub
Spy X Family (2023) S02E08 Sinhala Sub

Spy X Family (2023) S02E08 Sinhala Subtitles | “ගිණිකෙළි මැද නිහඬ සටන” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 8 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. දැන් මේ කතාව දිග හැරෙන විදිහ හරිම ත්‍රාසජනක විදිහට ගලාගෙන යන බව අපිට දකින්න ලැබුනා. පසුගිය 6,7 කොටස් දෙක වගේම මේකත් ඒ වගේම ත්‍රාසජනක කොටසක්. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

මාෆියා කල්ලියේ තුන්දෙනාව මරන්න එක එක කුලී ඝාතකයො එනවා. ඒත් කටු කුමරිය හෙවත් යෝර් ෆෝජර්ගේ දක්ෂතාවය නිසා මේ තුන් දෙනාට පුංචි අනතුරක් වත් වෙන්නෙ නෑ. යෝර් වැඩ කරන්නෙ “ගාර්ඩන්” කියල හඳුන්වන සංවිධානයට කියල අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම ගාර්ඩන් එකේ තවත් අයගේ සහයත් මාෆියා පවුලේ බොඩිගාඩ් විදිහට ඉන්න කටු කුමරියට ලැබෙනවා. මේ පවුලේ නැවේ ගමන් අවසානයත් ළං වෙලයි තියෙන්නෙ. ඒ වගේම තමන්ගේ අම්මාට උදව් කරන අදහසින් මොන සැලැස්ම ගහන් ආවත් ඒ එකක්වත් කරගන්න ආන්යාට බැරි වෙනවා. කුලී ඝාතකයොත් වයර්ටැප් වල උදව්වෙන් මාෆියා පවුල ගැන හැමදේම දන්නවා වගේම පවුල ගැන හොඳ සෝදිසියෙන් ඉන්නවා.

නැව් ගමනේ අවසානයට ළං වෙලා ඉන්න මාෆියා පවුල ගැන හොඳින් දන්න කෙනෙක් මේ නැවේ ඉන්නවා. ඒ වගේම එයත් මේ කුලී ඝාතකයෛන්ගේ සංවිධායකයෙක්. ඝාතකයන් තවමත් පසුපස එනවා වගේම කලින්ට වඩා දැන් හුඟක් පවුලේ ළඟටම ඇවිල්ලයි ඉන්නෙ. යෝර් ෆෝජර් හෙවත් ගාර්ඩන් එකේ කටු කුමරියට මෙහෙයුමේ අවසාන කොටස සම්පූර්ණ කරන්න පුලුවන් වේවිද? ඒ කියන්නෙ මේ කොටසත් සටන් වලින් පිරුනු හරිම උද්වේගකර, චමත්කාරජනක වර්ණවත් කොටසක්. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 9 තුළින් මුණ ගැහෙමු.

Episode Name : The Symphony Upon The Ship/Sister’s Herbal Tea
Aired Date : 2023.11.25
IMDB Rating : 8.9

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login