The title of the page
Spy X Family (2023) S02E07 Sinhala Subtitles
Spy X Family (2023) S02E07 Sinhala Subtitles

Spy X Family (2023) S02E07 Sinhala Subtitles | “බිහිසුණු නැවේ වික්‍රමාන්විතය” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 7 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

යෝර් ෆෝජර් හෙවත් කටු කුමරියට ලැබුනු අලුත් මෙහෙයුම අනුව මාෆියා කල්ලියේ ඉතුරු සාමාජිකයින් තුන්දෙනාව ආරක්ෂිතව දේශ සීමාවකට අරන් යන වැඩේට මුළු ෆෝජර් පවුලම සම්බන්ධ වෙනවා. හැබැයි ලොයිඩ් ෆෝජර් මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ වගේම ලොයිඩ්, ආන්යා දෙන්නට මේ මෙහෙයුම සිද්ධ වෙන අහලකටවත් යන්න වෙන්නෙ නෑ. ඒ අතරෙ මාෆියා කල්ලියේ දෙන්නව මරන්නත් කුලී ඝාතකයො පස්සෙන් එනවා. අතරින් පතර වෙන සටන් කිහිපයකින් පස්සෙ කල්ලියේ තුන් දෙනාවත් ආරක්ෂා කරගෙන ඝාතකයන්ව මඟ ඇරගන්න කටු කුමරියට පුලුවන් වෙනවා. මේ රාජකාරිය නිසා යෝර්ට තමන්ගෙ පවුලෙ දෙන්නව මුණ ගැහෙන්න වෙන්නෙත් නෑ. ආන්යා සුපුරුදු විදිහට නැවේ එක එක විදිහට විනෝද වෙමින් ඉන්නවා.

ඒත් කුලී ඝාතකයෛන්ගෙ දඩයම තාම ඉවර වෙලා නෑ. මේ හැම දෙයක්ම හිත් කියවල දැනගන්න ආන්යාට තමන්ගෙ අම්මා වෙන යෝර්ට කොහොම හරි උදව් කරන්න ඕනි වෙනවා. ඒත් ආන්යාට ලොයිඩ්ගෙන් බේරිලා යන්න කොහොමවත්ම ඉඩක් ලැබෙන්නෙ නෑ. මාෆියා කල්ලියේ අයගෙ ගමන් සීමාවත් ටිකෙන් ටික ළං වෙනවා. ඝාතකයින් පවා දැන් ඉන්නෙ හොඳ සෝදිසියෙන්. ආන්යාගේ වික්‍රමාන්විත ගමන අතරෙ මේ මෙහෙයුම සිද්ධ වෙන්නෙ කොහොමද? අම්මට උදව් කරන්න ආන්යාට පුලුවන් වේවිද? ඝාතකයින්ගෙ මීළඟ පියවර මොකක්ද? තවත් වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 8 තුළින් මුණ ගැහෙමු.

Episode Name : Who Is This Mission For?
Aired Date : 2023.11.18
IMDB Rating : 8.0

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login