The title of the page
Freelance (2023) Sinhala Subtitles
Freelance (2023) Sinhala Subtitles
5.4
7
85

Freelance (2023) Sinhala Subtitles | මේසන් | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම..ඉතින් අද මම අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන..

IMDB Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peppermint (2018 Action movie – IMDB 6.5) වගේම Taken(2008 Action movie IMDB 7.8) කියන සුපිරිම ෆිල්ම් ඩිරෙක්ට් කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා..

කතාව ගැන කියනවා නම් John Cena එහෙම නැත්තං කතාවේ විදිහට මේසන් පෙට්ටිස් හමුදා විශේෂ බලකායේ සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා..එයාගේ අන්තිම මෙහෙයුමේදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා මෙයාලගේ හෙලිකොප්ටර් එකට වෙඩි වැදිලා කඩාගෙන වැටිලා සොල්දාදුවන්ගේ බාගෙට බාගයක් ම මැරෙනවා..මේකෙන් මේසන් සෑහෙන්න මානසිකව වැටෙනවා..ඊටපස්සේ එයා ගොඩක් උත්සාහ කරලා නීති විද්‍යාලයට ගිහින් නීතීඥයෙක් වෙනවා..

පස්සේ මේසන් ට එයා එක්ක අන්තිම මෙහෙයුමේ හිටිය යාළු සොල්දාදුවෙක් එක්ක වැඩක් කරන්න හම්බෙනවා…ඒ පැල්ඩෝනියාවේ ඒකාධිපතියෙක් වෙච්ච ජුවාන් අර්තුරෝ වෙනිගාස් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සම්මුඛ සාකච්ඡාවක් කරනකොට ඇයට ආරක්ෂාව සපයන එක..මේ මාධ්‍යවේදිනිය තමයි මිස් ක්ලෙයාර් වෙලින්ටන්..කොහොම උනත් මේසන් මේ වැඩේ අකමැත්තෙන් බාර ගන්නේ..ඒ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

අකමැත්තෙන් උනත් මේ වැඩේ බාරගෙන පැල්ඩෝනියාවට ගියාට පස්සේ හමුදා කුමන්ත්‍රණයක් නිසා මේසන්, ක්ලෙයාර් වගේම වෙනිගාස් කියන තුන් දෙනාම කැලයක් අස්සේ හිරවෙනවා..ඉතින් මෙයාලා මෙතනින් බේරෙන්නේ කොහොමද..මොකක්ද මේ කුමන්ත්‍රණය, මේකේ යටි අරමුණ මොකක්ද, මේසන් ගේ යාළුවා මේසන් ව පැල්ඩෝනියාවට යැව්වේ මාධ්‍යවේදිනිය ට ආරක්ෂාව සපයන්න විතරම ද නැත්තං වෙන යටි අරමුණු තියෙනවද කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

20 comments

  1. Thank u sinhala subtitles akata සුපිරි

  2. thankyou bro

  3. Banuka wijerathne
    Cineru_users

    Mata danaganna puluwanda Cineru eken movies wala video clip eka download karanne kohomada kiyala. App eken witharada balanna puluwan?

    • samitha
      Cineru Family Member

      naha site eken puluan

      • site tikk kiynawada

        • මේ සයිට් එකෙන්ම ගන්න පුලුවන්..Video Copy කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN on කරගෙන ඉන්නවනම් off කරලා සයිට් එකට ලොග් වෙන්න.

          • A. Jinuka Senhiru De Fonseka

            wean rataka idan site ekata awata film daganna bahane. Ai e

          • Peter Barthelot
            Cineru Family Member

            කොපි රයිට්ස් වදින නිසා ඩවුන්ලෝඩ් ලංකාවට විතරයි.

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. sub eka dunnata godak ithuthi saho superb…..

  7. vid ekemula sub nene mokuth online balana eketh nee

  8. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. මම I phone xr phone එකක් භාවිතා කරන්නේ මෙම ගෲප් එකට මම නවකයෙක් ..මෙහි පලවු එක් චිත්‍රපටයක් මා download කල පසු telegram හරහා එය play නොවේ‍.. මෙයට තව app එකක් භාවිතා කල යුතුද ?
    මට මේ‍ සමිබන්දයෙන් අවබෝධයක් ලබාදෙන්න ….

  10. Dilan prasanna
    Cineru Family Member

    අපේ සබ් ටිමි එක තවම යනවා නේද.well done boys

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. thanks machan

  13. Jude Dilshan
    Cineru_users

    Thanks for the Sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login