The title of the page
Salem S01E10 (2014) Sinhala Subtitles
Salem S01E10 (2014) Sinhala Subtitles
7.5

Salem S01E10 (2014) Sinhala Subtitles | වීරයා, දුෂ්ටයෙක් බවට….. | සිංහල උපසිරැසි සමග (18+)

ඔයාලා දන්නවනේ ඉතින්, මං පොරොන්දු උනානේ සාලෙම් ඉවර කරනවා කියලා. ඉතින් ඔන්න ඒ පොරොන්දු උන විදිහටම සාලෙම් අවසන් වේගෙන එන්නේ. අද මේ ගේන 10වෙනි එපියෙන් පස්සේ තව එපි 3යි තියෙන්නේ. ඒවත් ඉක්මනින්ම දෙන්නම්. සතියට එක එපිය ගානේ දෙන්නම්.

ඉතින් ඔන්න එහෙනම් අද සබ් එක ගේන්නේ “Salem S01E10 HDTV x264 AAC E-Subs [GWC]” කියන පිටපතට. අපේ අය වීඩියෝව දෙනවානේ. ඉතින් වටේ යන්න ඕනේ නෑ. අනික තමා කමෙන්ට් එකක් ලියන් යන්න. මොකද මේ සබක් ගහන්න මාරම කට්ටක් කනවා. සබ් එකක් ඩවුන්ලෝඩ් කරන් බලනවා වගේ සරල නෑ, සබ් එකක් හදන එක. ඒ වගේම කියන්නම ඕනේ දෙයක් තියෙයි, මං දැක්කා එක්කෙනෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා “අහවල් සයිට් එකේ සබ් නම් මරු” කියලා. ඉතින් දෙයියනේ මගේ සබ් එකකුයි, එයාලගේ එකකුයි පොඩ්ඩක් සසඳලා බලන්නකෝ. අපේ සයිට් එකෙත් දෙන්නේ හොඳම උපසිරැසි විතරයි. කොහොම හරි අද කතාව මෙහෙමයි, වෙස්මූනක් දාගත්තගමන් ඈන්ව කැලේකට යැවෙනවා. ඈන්ට තේරෙනවා තාත්තා මායාකාරයෙක් කියලා. එයාව බේරගන්න එන්නේ ජෝන් ඇල්ඩන් ලොක්කා. ඒ වෙද්දී පොඩි මාදර් පිස්සෙක් වෙලා ආතල් දෙනවා. ටයිටූබා කෙල්ල බොරුවක් ගහලා අපේ හොඳම කෙනෙක්ව ලොකු මාදර්ට අල්ලලා දෙනවා. ඉතින් සම්පූර්ණ විස්තරේ එපියෙන්ම බලන්න.
ආ තව දෙයක්, ඔයාලා යාලුවොන්ට කියන්න ඉතින් අපේ සයිට් එක ගැන. “අපි තමයි හොඳටම කරන්නේ, හිං, හිහ්, හී” කියලා. මගේ ලෝකේ, මගේ දුල්නෙත් සදහම් පුතා නිසයි මෙහෙම අදටත් සයිට් එකේ සබ් ලිස්ට් එකේ අංක 01 ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඉතින් එයාට ආදරෙයි ගොඩාරියක්ම මං. ඒ වගේම මගේ බිරිඳවත් ආදරෙන් මතක් කරන්න ඕනේ.  සමිතේ ලොක්කා, අසේන්, සෙහාන්, නිත්‍යා, විසූ වගේම අපේ අනංග චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා ඕං. එහෙනම් හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා! ඊලඟ උපසිරැසියත් අරන් ඉක්මනින්ම එන්නාම්…..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. thank you ayye,the expense tv series ekt sub denwada ayye me wage

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Ayan සහෝ, එක්ස්පන්ස් සීසන් 02 කම්ප්ලීට් දෙන්නයි ලෑස්තිය. බාගෙට ඉවර වෙච්ච සීරීස් ටිකෙන් පස්සේ දෙන්නම්. එ වගේම Supun Kaushalya බොහොම ස්තූතියි

  4. niyamai macho

  5. මග බලාගන උන්නේ

  6. ane ithuru titkath denna

  7. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සීසන් 01 කම්ප්ලීට් කරලා යවලා තියෙන්නේ සහෝ. ඇඩ්මින් එකෙන් ලබාදෙයි ඉක්මනින්ම.

  8. කනිශ්ක

    බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login