The title of the page
Salem S01E09 (2014) Sinhala Subtitles
Salem S01E09 (2014) Sinhala Subtitles
7.5

Salem S01E09 (2014) Sinhala Subtitles | යහපත්බවේ කෲරත්වය……. | සිංහල උපසිරැසි සමග (18+)

කොහොමෙයි යාලුවනේ? ඉතින් ඔන්න මං තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඉතින් මං දැන් සයිට් එකේ වසරක පමණ කාලයක් තිස්සේ අංක එකේ ඉන්නවා. තව කොච්චරකල් එහෙම ඉන්න ලැබෙයිද දන්නේ නෑ. කොහොම උනත් දැනට කරගෙන එන, අතරමඟ නැවතුනු සීරීස් ඔක්කොම ඉවර කරන්න තමයි මේ වසරේ මගේ බලාපොරොත්තුව. ඒ අතරතුරේ ඩොකියුමන්ට්‍රි ෆිල්ම් ටිකකුයි, The Master 2012 ෆිල්ම් එකයි දෙන්නත් සූදානම්. ඒවා දැන් ලෑස්තියි. ඒත් අඩුපාඩු බලලා හදන්න ඕනේ. ඒ නිසා තව දින කීපයක් යයි. සාලෙම් සීසන් 01 ඉවර උනාම මං ෆිල්ම් ටික දෙන්නම්. හරිනේ? ඔන්න එහෙනම් පූර්විකාව හරි!

ආ ඒ වගේම මං හිතන් ඉන්නේ සාලෙම් සීසන් 01 එකෙන් පස්සේ Batman – Beyond S01 ඉවර කරලා ඉන්න. මොකද ඒකේ තියෙන්නේ හරි ලස්සන, වෙනස්ම විදිහේ කතාවක්. අනික තමා ඒක ඉවර වෙද්දී මාර්තු 04 එන්න තියෙන බැට් මෑන් 2022 ෆිලුම උණු උණුවේම ගේන්න පුලුවන් වේවි. කැම් කොපියක් හරි ආව ගමන් සබ උස්සන් එන්නම්කෝ. DC ලා කාලෙකට පස්සේ, ඒ කියන්නේ Snyder Cut එකෙන් පස්සේ ටිකක් දැනෙන්න ගේන හොඳ ෆිලුමක් කියලා දූසමාන ආරංචි එනවා. දරුණු බැට් මෑන් කෙනෙක් තමා එන්න නියමිත වෙලා ඉන්නේ. බැට්මෑන් – බෙයෝන්ඩ් සීසන් 01 ඊලඟට ඉවර කරන්න ප්‍රධානම හේතුව තමා මං කැමතිම කොමික් වීරයා තමා බැට්මෑන්! මං කැමතිම කොමික් සෙට් එක තමා “මාර්වල්”. ඒත් චරිතයක් විදිහට ගත්තාම බැටා පට්ට.

අද අරන් එන්නේ සාලෙම් සීසන් 01 එකේ “Salem S01E09 HDTV x264 AAC E-Subs [GWC]” කියන පිටපතට අදාල කොටස. දැන් ඉතින් එන්න එන්න කුතුහලය වැඩි වෙලා. කතාවේ හොඳ අය, නරක අය පැටලෙන ගානටම ඇවිල්ලා. අද කොටසත් ඉතින් මරු. දැන් හැමදාම සාලෙම්වල කෲරත්වය වැඩි වෙනවා. මායාකාරියෝ වැඩ වැඩි කරගෙන යනකොට, ලොකු මාදර් ඊට වඩා තමන්ගේ ක්‍රියා වැඩි කරනවා. එයා පට්ට කෲර වැඩ කරනවා. ඒ යහපත වෙනුවෙන්. ඉතින් කොහොම උනත් අද කොටසේ පොඩි මාදර් නම් මානසිකව ඩවුන් වෙලා ඉන්නේ. අපේ ඇල්ඩන් ලොක්කාව මේරි දකිනවා. එවේලේ ඉඳන් මේරි ඉරිසියාවෙන් පුපුරන්න යන සීන් එකක් තියෙන්නේ. ඒ වගේම මේ එපියේදී ජෝර්ජ් සිබ්ලිට වහ දෙන්න හදන මායාකාරිව අල්ලගන්න ලොකු මාදර් ලඟටම එනවා. ඉතින් මේරි අහුවෙයිද? නැද්ද බලන්න වෙන්නේ ඔයාලට මේ එපියෙන්. හරිනේ, අරන් බලන්න එහෙනම්

ඉතින් මං මේ ටිකෙන් ටික ලං වෙන්නේ 300 කඩයිමට. මං බලාපොරොත්තු වෙනවා 300ටත් සුපිරි ෆිලිමක් දෙන්න. ලොකු ඉල්ලුමක් තියෙන එකක්. කොහොමින් හරි මේ උපසිරැසි ගහන්න යොමු උනේ මගේ පණ, සදහම් පුතා නිසා. එයා නිසයි සයිට් එකේ අංක එකේ රැඳිලා ඉන්න හයිය ලැබෙන්නේ. මගේ බිරිඳ ලක්ෂ්මී දෙන සහයෝගෙත් මතක් කරන්න ඕනේ මං. සයිට් එකේ මහා ලොක්කා, සමිතේ රමේෂ් මල්ලිවත්, අසේන්, අංජුල, ශෙහාන්, උදය සමන්, පීටර් අයියා, සංදීප, නිත්‍යා, උචිනි, විසූ ඇතුලු සියලුම සිනෙරූ සාමාජිකයින්වත් සහ මගේ හැම රෙද්දකටම ඔලුව දාලා මගේ එකකුස උපන් සහෝදරයා වගේ ඉන්න අනංගයා, චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! අලුත් උපසිරැසියකින් හමුවෙමු. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

2 comments

  1. Devindu Randeepa Gamage

    The fallout 2021 Sinhala Sub Oniii

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login