The title of the page
Our Planet S01E03 (2019) Sinhala Sub
Our Planet S01E03 (2019) Sinhala Sub
9.3
97

Our Planet S01E03 (2019) Sinhala Subtitles |අපට පණ දෙන වනස්පතියෝ| සිංහල උපසිරැසි සමග

(Our Planet S01E03 (2019) Sinhala Sub)එහෙනම් කට්ටියටම ආයුබෝවන්. මම සබ් කරන සීරීස් අතරින් වැඩිම රේටින් ප්‍රමාණයක් හිමි සීරීස් එක අරන් ආවා ආයෙමත් ඔන්න. අර ප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවටත් 9.3 සමස්ත රේටින් එක. මේකෙත් ඒ ගානමයි. ඉතින් හිතා ගන්නකෝ මේකේ කොලිටිය. ඒ වගේම අර කතා මාලාවේ තිබ්බේ වැඩිපුර කල්පිත හා ඇනිමේශන් නිර්මාණ. මේක එහෙම නෑ, සම්පූර්ණයෙන්ම මේක වීඩියෝ ගත කරපු එකක්. ඒකයි විශේශත්වය. කොහොම හරි අද කතාව මෙහෙමයි ඔන්න.

කැලෑ සහ වැසි වනාන්තර, කුරුල්ලන්, බුද්ධිමත් බවින් යුතු ඔරංඔටන් සහ කැපී පෙනෙන අභිලාෂක කුහුඹුවන් වැනි ඇදහිය නොහැකි විවිධ විශේෂවල වාසස්ථානයක් කියලා පෙන්නන කොටස තමයි මේ. ඒ කියන්නේ කැලෑ ගැන තියෙන කොටස. ලස්සන අවස්තා රාශියක් මේකේ තියෙයි. බලලා කමෙන්ට් පාරක් දාන්නකෝ.

අපේ මේ පණ ටික තියෙන්නේ හුස්ම ටික රැඳිලා තියෙන්නේ ලෝක බලවතෙක් අතේ කියලද හිතන් ඉන්නේ? නැත්නම් හොඳම අවි ආයුධ හිමි අය අතේ කියලාද? එහෙමත් නැත්නම් මැවුම්කාර දෙවියෙක් අතේ කියලාද? එහෙනම් ඒ හැමදේම අමතක කරන්න. මේ ලෝකයේ බලවත්ම මැවුම්කරුවා තමයි සොබාදහම ! ඒකෙත් ගහකොළ හා සතා සීපාවා කියන්නේ අපිට නොදැනීම අපිව රකින දෙවිවරු පිරිසක්. මේක බැලුවාම තේරේවි ඇත්තටම සත්තු කියන වචනේ ගැලපෙන්නේ කොයි කාටද කියලා.

මට මේක බැලුවාම හිතුනේ මෙච්චරයි, “මට නම් ජලාශ ගොඩකරලා පිට්ටනි එපා. මට කැලෑ කපලා උස බිල්ඩින් එපා. මගෙ දරුවට, මට ලෝකේ ලොකුම කොන්ක්‍රීට් නිර්මාන එපා, ලොකුම වාහන එපා. ලොකුම ගුවන් යානා එපා. අපිට අපේ අවශ්‍යතා සපුරාගෙන සරලව ජීවත් වෙන්න තිබ්බොත් ඒ ඇති.” මේ සීරීස් එක බැලුවාම හරිම දුකයි මට. අපේ රටෙත් ඉන්නවානේ ඔක්සිජන් කන්නද කියලා අහන ජාතියේ එවුනුත්. කැලෑ කපලා තමන්ගේ ජාතිය විතරක් පදිංචි කරවන එවුන්. ඇත්තු මරලා කෙඳි, ඇත් දල ගන්න එවුන්. සංවර්දනය මුවාවෙන් නිදන් හාරන එවුන්. අපේ රටේ තියෙන පුංචි කැලෑ ටික, ලස්සන මුහුදු තීරය විදේශීය පරයන්ට විකුණන එවුන්. ඉතින් අපිට විශ්වාසයි, 2040 විතර වෙනකොට මේ සොබාදහමට අභියෝග කරන හැමෝටම පිළිතුරු ලැබේවි. ඒ වෙලාවේදී මිනිස්සු කියන කොටසට කට උත්තර නැති වේවි. අර 2004 ආව සුනාමියෙන් උනා වගේ දහස් ගුණයක් බලවත් දේවල් වේවි. දැන් ඔය රජවෙන්න බලන් ඉන්න පුත්තුන්ටයි, රජ කරවන්න ලැස්තිකරවන පුත්තුන්ටයි රජකම් කරන්න ලැබේවිද කියලා බලන් ඉමු අපි.

මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි, අපේ රට රැකගන්න. ඒ කියන්නේ මේ රටේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියන මොකෙක් රජ උනත් ඒ ජාතිය පවතින්න නම්, අපි සොබාදහම රැකිය යුතුමයි. ගහක් යට ඉපදිලා, ගහක් යට බුදු වෙලා, ගහක් යටම පිරිනිවන් පෑව තුන් ලෝකයේම ශ්‍රේෂ්ට මගේ බුදු හාමුදුරුවෝ කිව්වා වගේම ධර්මය රැක්කොත් අපි නිකන්ම රැකේවි. ගව මඩුවක සත්තු එක්ක උපත ලබපු ජේසුතුමා ඒ දීපු පණිවිඩය තේරුම් ගත්තාම, මැරුනු මිනිස්සුන්ගෙ වලවල් උඩ ස්මාරක හදන්න එපා කියපු අල්ලාහ්ගේ පනිවිඩය හරියට වැටහුනාම මේ ලෝකේ හැදේවි. නැත්නම් තව අවුරුදු 20ක් 30ක් ඇතුලත යන්න වේවි හැමෝටම. මේ හැම තැනම තියෙන්නෙ සොබාදහම. “සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ’ කියන්නේ අන්න ඒකයි. මම මේ කියපු කාරනාවලින් කාගේ හෝ හිත රිදුනා නම් සමාවෙන්න. ඒත් මම කිව්වේ ඇත්ත. බොරුනම් ඔයාලම හිතලා බලන්න. 

මම මේ දාන්නේ මගේ 33න් වන උපසිරැසිය. අප්‍රේල් 19 ඉඳන් අද වෙනකොට ආව දුර නම් පුදුමයි. ලැබුනු දැනුම පුදුමාකාරයි. මේ හැම දේකම මගේ හෙවනැල්ල වගේ ඉන්නේ මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී. ඒ වගේම චූටි සදහම් පුතා. ඒ දෙන්නටම පණ වගේ ආදරෙයි, ඒ වගේම ගොඩක් පිං මේ වගේ යහපත් දෙයක් කරන් යන්න උදව් කරනවට. මගේ ලොකු බොස් සමිත රමේශ් මල්ලි, පොඩි බොස් අංජුල උමේශ් මල්ලි, චානක තිලංක මල්ලි හැමවෙලේම මතක් කරන්නේ මම මුල අම්තක නොකල යුතු නිසා. අද දර්ශන හෙට්ටිවත්ත කියලා උපසිරැසිකරුවෙක් ඉන්නේ මේ අය නිසයි. ඉතින් හැමෝටම ගොඩාක් පිං. දැන් නම් ෆිලුමක් බැලෙන්නේම නෑ, සබ් ගහන්නෙත් වෙලාව හදාගෙන. රෑ 12ට 1ට නිදියනවා, ආයේ පාන්දර 3ට ඇහැරෙනවා. ඔන්න ඕකයි තත්වේ. මේකේ 4K කොලිටියෙනුත් සීරීස් එක තියෙනවා. ගන්න පුලුවන් උපරිම එකෙන් අරන් බලන්න. හිමින් සැරේ වෙලාව අරන් බලන්න. අපිට කමෙන්ට් කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි. නම් නොකිව්වට තරහා වෙන්න එපා. මම පුලුවන් තරම් කමෙන්ට්වලට රිප්ලයි දානවා. ඔයාලා කමෙන්ට් කරා නම් ගිහින් බලන්න. රිප්ලයි එකක් ඇති. එහෙනම් ලිපිය ගොඩක් දික් උනා. ඊලඟට එන්නෙත් මේකෙම ඊලඟ එපිය. එහෙනම් ආයුබෝවන්, බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි! හැමදෙනාටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. දිල්ශාන් හෙට්ටිවත්ත

    Marvel Rising Initiation SHORTS S01 720p WEBRip x264 AAC අයියේ මෙන්න මේකට සබ් දෙන්න බැරිද? ඔයාම සබ් කරනවා නම් හොඳයි. විනාඩි 5හේ විතර පොඩි කොටස් තියෙන්නේ. සීසන් 01ම එක පාර දෙන්නකෝ. අනික මේක මාර්වල් වෙබ් සීරීස් එකක්.

    • හරි සහෝ, දෙන්නම්. මේ සතියේ දෙන්නම් බඩ අල්ලන් හිනාවෙන එකක්. දවස් පහක් ඇතුලත ඔයා ඉල්ලපු එකත් දෙන්නම්. ඒ ඔක්කොටම වඩා මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ වාසගමම තියෙන ඔයා කවුද???
      🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ වටින වාර්තාමය වැඩසටහනකට සබ් කරනවට 😊👊👊 හරි වටිනවා මේවා

  3. චානක තිලංක

    එල සබ දුන්නට ඉදිරි වැඩ වලට ජයවේවා🔥🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login