The title of the page
kootithila-oruthan
6.7
94

Kootathil Oruthan (2017) Sinhala Subtitles |මිනිසුන් අතර උතුම් මිනිසෙක්|සිංහල උපසිරැසි සමග

සාමාන්‍ය විදිහට ඉන්න අය ගැන,
අඩුතක්සේරු කරන්න එපා.
එයාලා නැති වුණොත් මේ ලෝකය නෑ..

පරාර්ථකාමි අදහස් තියෙන අය ලග තියෙන්නේ සෙනෙහස හා කරුණාව විතරයි..

මරණය, පරාජය, වෙන්වීම්. මේ සියල්ලෙන්
මොනවා වුණත් ජීවිතය වෙනස් වෙනවා.

මගේ ජීවිතයේ මේ දේවල් තුනම , කම දිනේ සිදු වුණා.
හැමදෙයක්ම නැති වුණා.

 

ඔන්න එහෙනම් cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන දෙවැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. චුට්ටක් විතර පරණ ෆීල්ම් එකක් වුනාට IMDb අගය 6.7 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් නිසයි ඔයාලටත් රසවිදින්න දෙන්න හිතුනේ. උඩ ෆීල්ම් එකට දාල තියෙන මාතෘකාව දිහා බලපුවාම ඔයාලටත් චන්ද්‍රෙල්ඛා මහත්මිය ගායනා කරන මේ සිංදුව හොදට පුරුදු ඇති. ඉතින් එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ පලවෙනි උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

අංක එක විතරයි ජයග්‍රහණය කියලා හිතුවොත් කාටවත් සතුටින් ඉන්න බෑ..
ඊයෙ දවසට වඩා අද දවස අඩියක් ඉදිරියෙන් ඉන්නවා නම් ,
ඒක ජයග්‍රහණයක් නේ..
ලකුණු 50ක් ගත්ත මම ලකුණු 60ක් ගද්දි,
කවුරුත් ජයග්‍රහණයක් හැටියට දකින්නේ නෑ..
ඇයි 90 ක් ගත්තේ නැත්තේ කියලයි ඇහුවේ..
අනිත් අය එක්ක සන්සන්දනය කළා..
එතනයි මගේ සතුට නැති වුණේ…

Kootathil oruthan sinhala sub

ජයග්‍රහණය තමයි ජීවිතේ කියලා හිතන් ඉන්න මිනිස්සු ඒ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිතේ පුරාම දුවනවා. ඒ සැබෑ ජයග්‍රහණය කියන්නේ මොකක්ද කියලා නොදැනයි..ඉතින් අරවින්ද් කියන්නෙත් එයා පොඩි කාලයේ ඉදන් එයාගෙ තිබුන දුර්වලතා එක්ක දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා මිතුරන්ගෙන් වැඩි අවධානයක් නොලැබුන කෙනෙක්. දවසක් පංතිභාර ගුරුතුමාත් මෙයා මොන පංතියේද කියලා අහන්නේ, එයා ඒ පංතියේ ඉන්නවා කියලවත් මේ ගුරුතුමා නොදන්න තරමට එයා කෙරේ තියෙන අවධානය අඩු නිසයි.

ඉතින් අරවින්ද්ට ගෙදර අයත් ඒ තරම් කැමැත්තක් නෑ. එයාගේ අක්කලා, මල්ලිලා ගොඩක් හොදට ඉගෙන ගත්තත්, මෙයාටනම් ඒ දේ කර ගන්න බැරි වුන නිසා ගෙදර අයත් මෙයා එක්ක ටිකක් දුරස් වෙලයි ඉන්නේ. ඔහොම ඉන්න දවසක දවසක් රූපවාහිනියේ මෙයා දකිනවා උසස් පෙළින් මුළු රටෙන්ම පලවෙනියා වෙලා මාධ්‍යට කතා කරන ජනනිව. ඉතින් එයා අහන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්නේ මොනවද ඉගෙන ගන්න කැමති කිව්වම ජන මාධ්‍ය කියලා.

Kootathil oruthan sinhala sub

කොහොම හරි අරවින්ද් අර ජනනිව ජනමාධ්‍ය ඉගෙන ගන්න යන කොලේජ් එකටම ඇතුල් වෙනවා.ඉතින් මෙයා ටිකක් අමුතු කෙනෙක්නෙ. කොහොමින් හරි මෙයා ජනනිගෙන් කැමැත්ත අහනවා. ඒත් ජනනි මෙයාට කැමති වෙයිද..?

ඉතින් ජනනිත් මෙයාට නැති වුනා කියන දුකට දවසක් මෙයා ලොකු තීරණයක් අරගන්නවා. ඒ තීරනේ නිසා මෙයාට සත්‍යා Samuthirakani ව මුණ ගැහෙනවා.මෙයාගේ පුතාව අනතුරකින් බේරගත්ත නිසා අරවින්ද්ට කියනවා එයා කැමති ඕන දෙයක් කියන්න ඕනම දෙයක් කරල දෙන්නම් කියලා. ඉතින් මෙයා මොකුත් ඉල්ලන්නේ නෑ. කොහොම හරි සත්‍යා මෙයා ආදරය කරන්නේ ජනනිට කියලා දැනගන්නවා. ඒත් ජනනිගේ හිතේ එයා ගැන ආදරයක් නෑ කියලත් දැන ගන්නවා. එතනින් එහාට සත්‍යා සුපිරිම ගේමක් දෙනවා. ආදරෙන් පරාද වුනා කියලා කිසි කෙනෙක් ජීවිතෙන් පරාද වෙන් නෑ කියලා පෙන්වන්න හොද අවස්ථාවක් අරන්, අරවින්ද්ව වෙනම මගකට ගේනවා. කතාව ඔක්කොම කියන්න යන් නෑ. එහෙනම් අරගෙන බලලා රසවිදින්න කියන ගමන් වැඩ රාජකාරි අස්සෙ වුනත්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමු වෙනතුරු මියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

මිනිසුන් අතරින් කෙනෙක්-

Kootathil oruthan sinhala sub

Directed by – T. J. Gnanavel
Produced by – S. R. Prakashbabu , S. R. Prabhu
Written by – T. J. Gnanavel
Starring – Ashok Selvan , Priya Anand
Music by – Nivas K. Prasanna
Cinematography – P. K. Varma
Edited by – Leo John Paul
Production company  – Ramaniyam Talkies
Distributed by – Dream Warrior Pictures
Release date – 28 July 2017
Running time – 118 minutes
Country – India
Language – Tamil

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

    • udaya saman
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝදරයා. වචනෙකින් හරි මෙහෙම පින් කරාට..

  2. tanx macho sub ekata. parana lassana tawa film tiyenwa. ewta sub karanna. love story , family , drama wage film walta sub den wediya kattiya. a nisa a wage ewa toran sub karanna. mn asa a wage film walta. tanx mekata sub dunnata

    • udaya saman
      Cineru Family Member

      ela kollo .ඉදිරියේදී ඒවගේ ලස්සන ලව් ස්ටෝරි ටිකකට සබ් දෙන්න බලන්නම්..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login