The title of the page
9.3
97

Our Planet S01E04 (2019) Sinhala Subtitles |නොගැඹුරු මුහුදේ අසිරිය| සිංහල උපසිරැසි සමග

“ඔක්සිජන් කන්නද?”
“විල්පත්තුවට වඩා සරණාගතයින් වටිනවා නේද?”
“අපිට කිලෝමීටර් හතරක් යන්න වෙන නිසා සිංහරාජේ කපන්න ඕනේ”
“පරිසර වේදියෝ එක්ක දියුණු වෙන්න බෑ”

“රැම්සා තෙත් බිමට වඩා ඉස්සෝ වගාව වටිනවා”
“ගෙවල් හදන්න වැලි ඕනේ, ඒ නිසා ගඟවල් හාරන්න වෙනවා”

හිනා වෙන්නවත්, තරහා ගන්නවත් එපා. මේ ඒවට කාලය නෙවෙයි. මේ මට පහුගිය අවුරුදු 10 ඇතුලත ඇහුනු දේවල් ටිකක්. ඔයාලගේ දේෂපාලනේ පැත්තකින් තියන්න. පාට කණ්නාඩි ගලවන්න. දැන් හිතන්න සොබාදහම රකින්න ඕනේ නැද්ද? ගහක් කැපුවත්, කැලෑවක් කැපුවත් සොබාදහම විනාශයි නම් ඊට දවසකට හෝ කලින් අපි විනාශයි. එ නිසා ඔයාලගේ ගෙදර කෙනෙක් කලත් ඒ විනාශ අනුමත කරන්න එපා. මොකද, වැහි කාලෙට එලියට වඩින්න එපා, සත්තුයි, අලුත හැදෙන ගහකොලයි විනාශ වේවි, කියලා දේශනා කරපු ලෝකයේ හොඳම සොබාදම්වේදියාගේ ධර්මය පිළිගන්න පිරිසක් අපි.

අපේ සයිට් එක සබ් 1000 සීමාව පැන්නුවා ඔන්න. ඉතින් මං අද වෙනකොට උපසිරැසි 51ක් කරලා. මං ආසම එක තමයි මේ. දැනට ඩවුන්ලෝඩ් අඩු වේවි! ඒත් මේ පොලව රත් වෙන්න වෙන්න මේවා හොයන් බලාවි මිනිස්සු. අද ලොකූ ලිපියක් ලියන්නේ නෑ. මම කොහොමත් ලිපිය ලියන්නේ වෙනස් විදිහට. මට ඕනේ මේ හැම සබකින්ම පණිවිඩයක් සමාජගත කරන්න. පරණ වයසට ගිය මිනිස්සුන්ට කියනවට වඩා අපි එක්ක ඉන්න කොල්ලෝ කෙල්ලෝ බුද්ධිමත්. උන්ව හදාගන්න ලේසියි. මේ කරන ඩොකියුමන්ට්‍රි එක ඉවර උනාම ආයේ එනවා ඩොකියුමන්ට්‍රි ෆිල්ම් ටිකක්. දිගටම ඩොකියුමන්ට්‍රි දෙනවා. මේක ඉවර උනාමත් ඩොකියුමන්ට්‍රි නවත්තන්නේ නෑ. හරිනේ ඕං? අනික මං දෙන මොන උපසිරැසියකට උනත් ඔයාලට පුලුවන් උපරිම කොලිටි වීඩියෝ පිටපතෙන් ගන්න. එතකොටයි මේවාගේ නියම ලස්සන පේන්නේ.

ඉතින් අපි මාලු කෑවට අපි කරපු හානිය තේරුනේ නෑනේ. ඔන්න දැන් පුලුවන් බලන්න. තේරුම් ගන්න. ඒ වගේම අපි දැකපු නැති නොගැඹුරු මුහුදේ ලස්සන දකින්න, ලෝකේ ලොකුම කොරල් පරය දකින්න, 2020 වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම මිය ගියේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන් වේවි. මං කියන්නේ මාලු කන්න එපා, ගෙයක් හදන්න එපා, ගහක් කපලා දොරක් හදාගන්න එපා කියලා නෙවෙයි. අපි සරල වෙමු. අපි වගේම; ක්ෂුද්‍ර ජීවීයාගේ ඉඳන් ඇතාට වෙනකල් ජීවත් වෙන්න තියෙන අයිතිය තේරුම් ගමු.

මං අවසානෙදී ඉල්ලන්නේ ලෝකයක් වෙනස් කරපු, ලෝකේ මුල්ම ගුවන් යානේ හදපු, ලෝකෙටම ධර්මය කියලා දීපු, මුල්ම න්‍යෂ්ටික අවි හදපු, එකා පිට එකා මැරෙද්දී ජාතිය ආගම පාවා නොදුන්නු, ලෝක යුද්ධයක් නවතින තැනට උපදෙස් දීපු, වැව් කියලා දෙයක් ලෝකෙටම කියලා දීපු, ලෝකේ ලොකුම ස්මාරකය හදපු, ලෝකෙටම අකුණු සන්නායක තාක්ෂනය කියලා දීපු, අංශක 23.5 අයින් උනාම ලෝකයේ හරි මැද බවට පත්වුනු අපිට පුලුවන් මේ ලෝකේ සුටුස් ගාලා වෙනස් කරන්න. අන්න ඒකට තියෙන්නේ පොඩි දෙයයි. උපාසකයෙක් වෙන්න ඕනේ නෑ, මනුස්ස ගති ටික හදා ගන්න.

ආ තව දෙයක්, මම මේ අවර් ප්ලැනට් සීසන් 01 සම්පූර්ණ කරනක් වෙන මුකුත් පරණ ඒවා ගේන්නේ නෑ. හැබැයි මේකෙන් පස්සේ ඒ ටික ආයේ පටන් ගන්නම්.

>>>>>අහක බලං නොයා දාන්නකෝ කමෙන්ට් එකක් කට්ටියම<<<<<

ඉතින් එහෙනම් 52න් හමුවෙමු. සමිත සහෝ, අංජුල සහෝ, ලක්ෂ්මී මගේ බිරිඳ හා සදහම් මගේ පුතාවත් ආදරයෙන් මතක් කරනවා. ඇයි අර චානක ලොක්කා? ඔන්න මම බාරගත්තු මිනි සීරීස් එකක් එයා ගෙනල්ලා . බැලින්නම් ඒකේ තියෙන්නේ කෙල්ලෝ කණ්ඩායමක් ගැන. පවු ඉතින් තනිකඩයනේ! කොලපාට මොකක් හරි සීන් එකකුත් ගේනවලු චානක තිලංක. හැමෝටම එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

ඉතින් එහෙනම් 52න් හමුවෙමු. සමිත සහෝ, අංජුල සහෝ, ලක්ෂ්මී මගේ බිරිඳ හා සදහම් මගේ පුතාවත් ආදරයෙන් මතක් කරනවා. ඇයි අර චානක ලොක්කා? ඔන්න මම බාරගත්තු මිනි සීරීස් එකක් එයා ගෙනල්ලා . බැලින්නම් ඒකේ තියෙන්නේ කෙල්ලෝ කණ්ඩායමක් ගැන. පවු ඉතින් තනිකඩයනේ! කොලපාට මොකක් හරි සීන් එකකුත් ගේනවලු චානක තිලංක. හැමෝටම එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 😊👊.. ආයෙ කතා දෙකක් නෑ මේක මරු documentaryය ආයෙමත් ඉස්කෝතුයි ඉතිං මගෙ කීමකට documentaryයකට සබ් දෙන්න කිව්වම මේකට සබ් දෙනවට 😊👊.. ඒ වගේම සිනෙරූ එකේ කාටහරි පුළුවන් නම් Ben 10 එකට සබ් කරන්නකො විනාඩි 15, 20 episode තියෙන්නෙ season එකකට episode 13යි mlwbd site එකේ මේ ලඟදි දැක්ක Ben 10 පොඩි කාලෙ cartoon සෙට් එක දාලා තිබ්බා ඒක දැකල තමා Ben 10 එකටත් සබ් තිබ්බ නම් කියල හිතුනෙ පුළුවන් නම් සලකා බලන්න සිනෙරූ එකේ කවුරුහරි 😊😊

    • ස්තූතියි හශාන් සහෝ. පුලුවන් නම් මේ වගේම වාර්ථාමය සීරීස් එකක් හොයලා දෙන්න මට. සබ් නැති එකක්. නම ඩෙන්නකෝ. ලින්ක් මං හොයා ගන්නම්. මොකද සමහර ලොකු ලොකු සයිට්වල අයියලා මට සඩ්ග්ඩ්ගේ දැම්මා මං සබ් දෙකක් වෙන අයගෙන් අරන් කියලා. මම ඉතින් ඒ දෙක , මගේ සබ් දෙකත් එක්ක යවලා කිව්වා බලන්න කියලා. එකෙක් ඊට පස්සේ කියලා එවලා සොරි බං කියලා. ඒ නිසා ඉංග්‍රීසි වාර්ථාමය සීරීස් එකක් හොයලා දෙන්න මට. ස්තූතියි සහයෝගෙට සහෝ

      • Hashan M.
        Top Fan ⭐⭐⭐

        අනිවාරෙන් දර්ශන බ්‍රෝ මං හොයල බලල comment එකක් දාන්නම් 😊😊

      • Hashan
        Top Fan ⭐⭐⭐

        [email protected] කියන email address එකට මං mail එකක් දැම්මා දර්ශන බ්‍රෝ series කීපයක්

  2. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තූතියි මේ විදිහට මහන්සි වෙලා සබ් කරනවට බලන්න වටින ෂෝ එකක් මේක පට්ට හොදේ.

  3. thank you brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login