The title of the page
minnale 2001 sinhala sub
minnale 2001 sinhala sub
7.6
92
94

Minnale (2001) Sinhala Subtitles | අකුණු ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

Minnale (2001) Sinhala Sub

මින්නලේ නොහොත් අකුණ 2001 Gautham Menon ගේ ප්‍රතම නිර්මාණයයි. මෙහි කතාවද ගෞතම් විසින්ම ලියා ඇත. Romance ලෙස වර්ගකර ඇති අතර මෙහි MadhavanAbbasReemaVivek and Nagesh රංගණයෙන් එක්වේ. ඒ වගේම මේකේ සංගීතය Harris Jayaraj විසින් මෙහේයවා ඇත. මෙය Harris Jayaraj ගේත් කුළුදුල් නිර්මාණයයි. මෙය 2001 පෙබරවාරි මස 02 වන දින තිරගතවිය. රෑන්කින්වලින්නම් IDMB 7.6 කුත්, ගූගල් 94% ක් හා Rotten Tomato 92% කුත් ලබාගෙන තියෙනවා. 

2000 දී ඕ ලයිලා ලෙස රූ ගතකිරීම් කිරීමට සිටියත් පසුව නිෂ්පාදක වෙනස්වීම තුලින් එය 2001 දී මාදවන් සමග මින්නලේ ලස වෙනස්විය. මේ ෆිලුමේ ආරම්භයේ සිටම ගෞතම්ට විශාල ගැටලුවලට මුහුණ දෙන්නවුනාලු. එකක් එයාගේ ටීම් එක එඩිටර් හැර අනෙක් සියලු දෙනාම අලුත්වීම. ඊට අමතරව මාදවන් මනිරත්නම්ගේ Alaipayuthey (අලයිපායුදේ) ෆිලුමෙ සාර්තකත්වය නිසා ජනප්‍රිය වී සිටි බැවින් මේ කතාව තම උපදේශකට කියන ලෙස අහල තියෙනවා. ඒකත් ගෞතම්ව පීඩනයට ලක්වෙලා තියෙනවා. පස්සේ මාදවන් ඒ ගැන කනගාටුවෙලා මේ ෆිලුම කරගෙන ගිහින් තියෙනවා. අලයිපායුදේ සා‍ර්තකත්වය නිසා ගෞතම් මුලින් ගත් තීරණය වෙනස්කලාද කියල මනිරත්නම් ටිකක් සිත් නරක්කරගෙන තියෙනවාලු. 

ඉතින් අපි බලමු අපේ දමිළ සිනමාව හා අපි බැලු චිත්‍රපටි Facebook  සමුහයේ ඇඩ්මින්වරිය වන Indeewari Herath මේ ෆිලුම ගැන මොනවද කියන්නේ කියල

බැංගලූර් නගරයට මහ වැස්සක් වැටෙන රාත්‍රියක්. වැස්සෙන් බේරෙන්නත් දුරකතන ඇමතුමක් ගන්නත් කියන කාරණා දෙකම නිසා, රාජේශ් දුරකතන ඇමතුම් කුටියකට දුවනවා. ඔහු දකිනවා වැස්සේ සෙල්ලම් කරන පොඩි ළමයි ටිකක්. ඒ ළමයි අසලින් කාර් එකක් නතර වෙනවා. කාර් එකෙන් බහිනවා රූමත් තරුණියක්. ඇයත් පොඩිවුන් ටික එක්ක වැස්සේ නටන්න ගන්නවා. රාජේශ්ගේ හිත දැන් තියෙන්නේ දුරකතන ඇමතුමේ නෙවෙයි, දුරකතන කුටියෙන් එළියේ සිද්ද වෙන සිදුවීමත් එක්කයි. ඔහු උත්සාහ කරන්නේ අර වැස්සේ නටන තරුණියගේ මූණ දැක ගන්නයි. 

එක් ක්ෂණයකදි විදුලි එළියත් එක්ක අකුණක් ඇතිවෙනවා. ඒ නිමේශයේදී රාජේශ් අර තරුණියගේ මුහුණ දැක ගන්නවා. ඔහුගේ හදවත එක මොහොතකට නැවතෙනවා.මේ තරම් කාලයක් ගැහැණු ළමයින් පේන්න බැරිව හිටපු රාජේශ් ඒ මොහොතේ තත්පර කීපයකට දැකපු අර සුන්දර මුහු⁣ණේ හිමිකාරිය සමග ප්‍රේමයෙන් බැඳෙනවා….

Minnale (2001) Sinhala Sub

මින්නලේ කියන්නේ GVMගෙ පළමුවැනි චිත්‍රපටිය. 2001 වසරේ තිරගත වුනු මේ චිත්‍රපටියත් එක්ක එතෙක් තිබුන දමිළ ප්‍රේමකතා සිනමාව උඩුයටිකුරු වුනා යැයි කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. මේක නොබලපු කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. එහෙම කවුරුහරි ඉන්නව නම් අනේ මේක බලන්න🙏🙏

මින්නලේ චිත්‍රපටිය සඳහා මාධවන්, අබ්බාස් සමග රීමා සෙන් තමයි රංගනයෙන් දායකවී තිබෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය හැරිස් ජයරාජ්. මෙය හැරිස්, GVM දෙන්නගෙම පළවෙනි චිත්‍රපටිය වුනාට කාටවත්ම ඒම හිතෙන්නෑ. ඒ තරමටම සාර්ථකයි.
මාධවන් කියන්නේ හරි ලස්සනක් තියන නළුවෙක්. විශේෂයෙන්ම ඔහුගේ තරුණ කාලයේදී රඟපෑ චිත්‍රපටි නිසා මාධවන්ට තරුණියන් අතර ලොකූ ජනප්‍රියතාවයක් තිබුනා ඒ කාලෙදි. දෙමළ විතරක් නෙවෙයි හින්දි සිනමාවෙත් මාධවන් කියන්නේ ජනප්‍රිය නළුවෙක්. අබ්බාස් දැන් නම් චිත්‍රපට වලින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු මාධවන්ගේ සමකාලීනයෙක් සහ අනූව දශකයේ අග භාගයේ ඉඳපු ලීඩින් ඇක්ටර් කෙනෙක්. Kadhal Desam (කාදල් දේශම්)  මුස්තාෆා මුස්තාෆා ඩෝන්ට් වොරි මුස්තාෆා සිංදුව එහෙම මතක ඇතිනේ ? . ඒ වගේම බොහොම කඩවසම් පෙනුමක් තිබුන නළුවෙක් තමයි අබ්බාස් කියන්නේ.

රාජේශ්(මාධවන්) සහ සෑම්(අබ්බාස්) කියන්නේ එකම ඉන්ජිනියරින් කොලේජ් එ⁣කක මිකැනිකල් සහ කම්පියුටර් සයන්ස් ඉගන ගන්න දෙ⁣න්නෙක්. ඒ වගේම දෙන්නට දෙන්නා පේන්න බැහැ. සෑම් කියන්නේ හොඳ ළමයෙක්. රාජේශ් ඒකෙ අනිත් පැත්ත. චිත්‍රපටිය බලපු අයට මතක ඇති, එක දවසක් රෑ රාජේශ් යාලුවො එක්ක ගිහිල්ලා වෝඩ්න්ගේ රූම් එක ඇතුලට රතිඤ්ඤා දාලා දොරට චූ කරලා අන්තිමේට ඒකට සෑම්ව පටලවන සිද්දිය. GVM කියනවා ඒක එයා කොලේජ් එකේ ඉන්න කාලේ ඇත්තටම කරපු වැඩක් කියලා😂. වෝඩ්න් එක්ක තිබුන පොඩි ප්‍රශ්නයක් නිසාලු එහෙම කලේ. ෆිල්ම් එකේ පෙන්නන්නේ සෑම්ව සස්පෙන්ඩ් කරනවා කියලනේ. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ අපේ GVM සර්ව සස්පෙන්ඩ් වුන එක.

ඔය වගේ පොඩි පොඩි සිද්දි සම්බන්ධ අත්දැකීම් තියන අය මේක කියවනවා ඇති. ඇත්තටම කිව්වොත් මටත් තියනවා😁.
මෙන්න මේ සැබෑ ජීවිතේ දේවල් ෆිල්ම් එක තුලට ගැනීම නිසා මේ ෆිල්ම් බලන අයට දැනෙනවා තමනුත් මේ කතාව අස්සේ ඉන්නවා කියලා. ඒක දැනීමත් එක්ක තව පාරක් බලන්න හිතෙනවා ෆිල්ම් එක. ගැහැණු පිරිමි බේධයක් නැහැ ඒකට. මින්නාලේ ෆිල්ම් එක ඇතුලේ තමනුත් ඉන්නවා කියලා හිතුනෙ නැති කෙනෙක් නෑ කියලයි මම නම් හිතන්නේ. GVMගෙ secret එක තමයි ඒක. එයා කාගෙහරි අත්දැකීම් චිත්‍රපටයක් තුලට දාගන්නවා. බලන අයට දැනෙනවා තමන් මේ ෆිල්ම් එකේ ජීවත් වෙනවා කියලා. Enai Noki Paayum Thota එච්චර සාර්ථක නොවුනේ ඒකෙ එහෙම ගතියක් නැති නිසා වෙන්න ඕන.

මින්නාලේ චිත්‍රපටියට ගීත අටක හෝ නවයක් තියනවා. හැම සිංදුවක්ම හරිම ලස්සනයි. වසීගරා වගේ අතිශය ජනප්‍රිය ගීත මෙහි තියනවා.

බලපු නැති අය අනිවාර්යයෙන්ම බලන්න මේක. ආදර කතා කියන්නේ මේවට. බලපු නැති දෑස කුමටද කියල තමයි අවසාන වශයෙන් අහන්න තියෙන්නේ.

සිනමාව ගැන දැන ගැනීමට දමිළ සිනමාව හා අපි බැලු චිත්‍රපටි එක්වන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

6 comments

  1. තැන්ක්ස් මචං සබ් එකට

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයියෙ සබ් එකට 😊👊..
    ජය වේවා.!

  3. Udaya saman
    Cineru Family Member

    හම්මේ මේක දෙනකන් කොච්චර කල් බලන් හිටියද..බොහොම ස්තුතියි අයියා..මාදවන්ගෙ ආසම එකක් මේක….

  4. නිලාන්

    පට්ට මචන්…සබ් එකට බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login