The title of the page
8.2
88

Nerkonda Paarvai (2019) Sinhala Subtitles|යුක්තිය උදෙසා|සිංහල උපසිරැසි සමග|

“පිරිමි ළමයෙක් තව ගැහැණු ළමයෙක් ව නරක අදහසකින් බලනවා නම්, ඒ පිරිමි ළමයා තමනගේ අම්මව නරක අදහසකින් බලනවට සමානයි. මොකද කිව්වොත් ඒ ගැහැණු ළමයත් අනාගතයේදී අම්මා කෙනෙක් වෙන්න පුලුවන්…”

ඔන්න එහේමනම් මේ පාර මම ගෙනාවේ අජිත්කුමාර්ගේ වෙනස්ම ෆිලුමක් . විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් විවිධ නීති රීති ඉන්දියාවේ ගෙන ආවත් ඔවුන්ට වෙන හිරිහැර කරදරවලින්නම් අඩුවක් දකින්න නෑ . ඒක ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේත් අඩුවැඩි නැතිව තියෙනවා. ඉතින් ඒම තත්වයක්දී මේ අලලා විවිධ ආකාරයෙන් චිත්‍රපටි නිෂ්පාදනය වුන ඒ ” දේවරාට්ටම් “ ” අයෝග්‍යා”  වගේ නිෂ්පාදනයන් හදුන්වා දෙන්න පුලුවන් . ඒ වුනත් එවා පලිගැනීම් හා සටන්වලින් පිරි නීති විරෝධි ආකාරයෙන් නීතියට පිටින් යුක්තිය සොයනා යන අන්දම පිළිබිඹුවිය. මෙවෙනි වාතාවරණයක නේර්කොන්ඩ පාර්වයි ෆිලුමෙන් පෙන්වා ඇත්තේ ප්‍රශ්න නීතිය මාර්ගයෙන් විසඳුමක්ලබා ගන්නා ආකාරයයි.

No (එපා)

එපා කියන්නේ එපා 

එහේමනම් ෆිලුම ගැන විස්තර සොයුරු මාෂල්ගෙන් දැන ගමු නේද 

H.vinoth Direction, screenplay එකෙන් සහ අජිත් කුමාර් ගේ රංගනයෙන් හා බොනි කපූර්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුන අපූරු චිත්‍රපටයක් .මෙකේ සංගීතය යුවන් සංකර් රාජාගෙන්මේ. චිත්‍රපටය අමිතාභ් භච්චන්ගේ පින්ක් චිත්‍රපටයේ official Remake එකක් කියලා හැමෝටම දන්නවා ඇති. ඒ නිසා ඒ ගැන විස්තර කරන්න ඕනේ නෑ. IMDb අගය 8.6/10 වගේම 92% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා..

Yuvan Shankar Raja exclusive HQ Photos Silverscreen.jpgBoney Kapoor (10) (cropped).jpgImage result for H. Vinoth

 යුවන්                                බොනි                                    විනෝද්

නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටය ජනතාවට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් චිත්‍රපටයක්. හැබැයි මාසාලා ගතිය නම් ගොඩක් අඩුයි. ඉන්දියන් සිනමාවේ ජනප්‍රිය සහා බලවත් චරිතයක් තමයි අජිත් කුමාර් කියන්නේ. ඒ වගේ ලොකු චරිතයක්, මේ වගේ ඇක්ෂන් කැටගරි එකෙන් 60%ක් ම අඩු චිත්‍රපටයක් තෝර ගෙන රගපනවා කියන්නේ, ඒක ඇත්තටම ගෞරව කරන්න ඕනේ. ඇයි කිව්වොත් අද කාලේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දුරට මාසාලා පැත්තට තමයි ගොඩක් කැමති.

හැබැයි අජිත් කුමාර් ඒ දේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන යනවා. සමාන්‍ය script එකක් වුනත්,හොඳ අධ්‍යක්ෂකවරයෙක් සහා හොඳ නළුවෙක් එකතු වෙලා ඒ චිත්‍රපටය නිර්මාණය කරොත්. ඒ චිත්‍රපටයටත් හොඳ ජයග්‍රහණයක් ලැබෙයි කියලා පෙන්නුම් කරලා තියෙනවා. මේ සම්පූර්ණ චිත්‍රපටයම ලොකු පණිවිඩයක් ලබා දෙනවා, අද කාලේ ඉන්න තරුණ තරුණියන්ට.

මේ චිත්‍රපටයේ කැපි පෙනෙන ලක්ෂණ ගොඩක් තියෙනවා.

• පලවෙනි එක තමයි බිල්ඩබ්, ඒ කියන්නේ ලොකු කම. එක මාස් නළුවෙක්ට දෙන ඒ ලොකු කම, මේ චිත්‍රපටයේ කොනකින් වත් ගෑවිලා නෑ. සමාන්‍ය නළුවෙක්ට දෙන Hero Entry එකටත් වඩා පොඩි Entry එකක් තමයි අජිත් කුමාර් ට දීලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු ගැන මම කියන්න ඕනේ නෑ. H.Vinoth, screenplay එකටම සම්මානයක් ලබා ගත් කෙනෙක්. ඔහුගේ චිත්‍රපටි වල Script එකට වඩා ගොඩක් බලවත් දෙයක් තමයි Screenplay එක. ඒකත් ඇක්ෂන් කැටගරි එක උපරිම ගැම්මට නිර්මාණය කරනවා ඔහු. නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටයට Screenplay H.Vinoth කියලා දැනුම් දීමක් සිදු කරාම. ගොඩක් දෙනෙක් සතුටු වුනා. මේ චිත්‍රපටයේ බලාපොරොත්තුව වැඩි වෙන්න හේතුවත් ඔහු තමයි. ඇයි කිව්වොත් ඔහුගේ Screenplay එකේ තියෙන විශ්වාසය. හැබැයි මේ චිත්‍රපටයේ ඔහුගේ Screenplay එක ගොඩක් වෙනස් කරලා. ඒ කියන්නේ එකම script එක, පින්ක් චිත්‍රපටයේ Screenplay එකට ඔහුගේ Screenplay එක එකතු කරලා. අලුත් Screenplay එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරපු අජිත් කුමාර් සමාන්‍ය චරිතයක් විදිහට පෙන්නුම් වෙන්නේ. ඒ වගේම ගොඩක් වෙනස් චරිතයක් විදිහට පෙන්නුම් වෙනවා.

• දෙවෙනි එක තමයි,  පින්ක් චිත්‍රපටයේ අමිතාභ් භච්චන් Supporting Role එකක් තමයි කරලා තිබුනේ. ඒ නිසාම ගොඩක් දෙනෙක් හිතුවේ. අජිත් කුමාර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නෙමෙයි කියලා. හැබැයි නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් ලීඩ් රෝල් එක ගෙනියන්නේ අජිත් කුමාර්.

• තුන් වෙනි එක තමයි. මේ චිත්‍රපටයේ ලොකුම අයියක් තමයි. අධ්‍යක්ෂක වරු H.Vinoth, සංගීතය නිර්මාණය කරපු යුවාන් සහා අජිත් කුමාර්. මේ තුන් දෙනා තනි කණ්ඩායමක් ලෙස වැඩ කරලා තියෙනවා. දැන් අපි Drama චිත්‍රපටයක් බලනකොට අපිට පොඩි කම්මැලි ගතියක් දැනෙනවා. ඒ දේ තමයි මේ නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටය බලනකොට දැනෙන්නේ. උපරිම විනාඩි 30ක් විතර එකම කැටගරි එකෙන් චිත්‍රපටය බලන් ඉන්නකොට, එක සැරේ මේ චිත්‍රපටයට අදාළ නැති කැටගරි එකක් ඇතුලත් කරනකොට, අපිට අමුතු හැගීමක් දැනෙනවා. ඒ දේ හොදට තේරුම් අරන් මොළේ පාවිච්චි කරලා. අධ්‍යක්ෂක වරු විනෝත් පටන් ගත්ත ගමන් සමාන්‍ය Screenplay එකක් ගෙනියනවා, ඒ Screenplay එකට ගැලපෙන විදිහට යුවාන් නෝර්මල් සංගීතයක් ලබා දෙනවා, මේ දෙකටම ගැලපෙන විදිහට අජිත් සයිලන්ට් රංගනයක් පෙන්නුම් කරනවා. හැබැයි මේ දේ ටික වෙලාවක් තමයි ගෙනියන්නේ. චිත්‍රපටය නරඹන අයගේ අවධානය වෙනත් දිශාවකට හැරී යනකොටම. චිත්‍රපටයේ screenplay එක වෙනත් කැටගරි එකකට මාරු වෙනවා. ඒ Screenplay එකට ගැලපෙන විදිහට සංගීතයේ ලෙවල් එකත් ටික ටික උඩට යනවා. මේ දෙකටම ගැලපෙන විදිහට අජිත් ගේ රංගනය සයිලන්ට් එකෙන් ඈත් වෙලා, වයිලන්ට් එක පැත්තට හැරෙනවා. මේ දේ උපරිම විනාඩියක් ඇතුලත සිදු වෙනවා. පින්ක් චිත්‍රපටය වගේ නෙමෙයි, මේ චිත්‍රපටය වෙනත් විදිහකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා. එක සැරේ ජනතාවගේ හිතට ඇතුල් කරන්නේ නැතුව, පටන් ගත්ත ගමන් සමාන්‍ය කැටගරි එකක් පෙන්නුම් කරලා Intervel එකට විනාඩි 20ක් තියෙනකොට. ඇක්ෂන් කැටගරි එකට මාරු කරලා, මේ චිත්‍රපටය පින්ක් චිත්‍රපටයට වඩා ටිකක් විතර වෙනස් කියලා පෙන්නුම් කරලා තියෙනවා.
Remake චිත්‍රපටයක් තමයි කියලා හිතාගෙන ඉන්න හැමෝටම. මේ චිත්‍රපටය ටිකක් විතර වෙනස් තමයි කියලා දැන ගත්තම. චිත්‍රපටය නරඹන්න ඕන කියන ආසාව වැඩි වෙනවා. ඒ දේ තමයි මෙතන වෙලා තියෙන්නේ.

ඒ වගේම තමයි මේ චිත්‍රපටය නරඹන අයගේ හදවත සම්පූර්ණයෙන්ම, විනෝත්, යුවාන් සහා අජිත් මේ තුන් දෙනාගේ යටතේ තමයි තියෙන්නේ. කෙනෙක් ව කොයි විදිහට ද සතුටු කරන්න ඕනේ, කොයි විදියටද කෙනෙක් ව ඒමෝෂනල් කරන්න ඕනේ. නිශ්ශබ්දව තියා ගන්න ඕනේ කියලා හොදට තේරුම් අරන්, ඒ විදිහට Screenplay එකක්, සංගීතයක් සහා රංගනයක් පෙන්නුම් කරලා තියෙනවා.

මේ චිත්‍රපටයේ වැරදුන පැත්තක් තමයි. 1ST Part Screenplay එක. 1st part screenplay එක ගොඩක් වේගයෙන් යනවා.  ඒ වගේම තමයි 2nd part එකේ පොඩි අතීත මතකයක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ දේ ටිකක් තේරුම් ගන්න අමාරුයි.  හරි විදිහට ඒ හරිය තේරුම් කරලා නෑ. චිත්‍රපටය බලනකොට ඔයාට ඒක දැන ගන්න පුළුවන් වෙයි.

මේ චිත්‍රපටය ගැහැණු ළමයින්ට සාධක වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා ගොඩක් දෙනෙක් හිතුවා.  හැබැයි මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ගැහැණු ළමයින්ට සහා පිරිමි ළමයින්ට හොඳ පණිවිඩයක් දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගැහැණු ළමයෙක් සමාජයේ හැසිරෙන විදිහ සහා පිරිමි ළමයෙක් තව ගැහැණු ළමයෙක් ව බලන විදිහ තමයි, මේ චිත්‍රපටයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට පෙන්නුම් කරලා තියෙන්නේ 

ලිපි සැකසුම :  මාෂල් ජෑන්ස් 

එහෙනම් ඔයාලා චිත්‍රපටය බලන්නකෝ…

තවත් උපසිරැසියකින් හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

8 comments

  1. Sthuthi obata sahoo…

  2. thanks අයියා සබ් එකට 😘😘

  3. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම අයියේ❤

  4. තෑන්ක්ස් අයියේ ❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. Thanks sub ekata pitar gurkha tmail sub dennko please download site eke thiyenawa

  7. Thanks ..🤜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login