The title of the page
4.3
87

Devarattam (2019) Sinhala Subtitles | හිතුවක්කාර නීතිඥයා | සිංහල උපසිරැසි සමග |

දැන් මේ තියෙන සමාජය ගොඩක් වෙනස් සමාජයක්, පහා වසර ඉගෙන ගන්න ළමයෙක් පවා දැන් ෆේස් බුක් ඉන්නවා, ඒ වගේම තමයි පොඩි කාලේ ඉදලම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති චිත්‍රපටි නරඹලා, තමන්ට කියලා එක තරුණ වයසක් එන කොට, තමන්ගේ ඒ හැගීම් කොයි විදියටද පිට කර ගන්න ඕනේ කියලා එයාලට තේරෙන්නේ නෑ, අන්තිමට ඒ දේ නරක විදිහට හරි පිට කරන්න ඕනේ කියලා තමයි, එයාලා හිතන්නේ. මේ නිසා ඒ පිරිමි ළමයගේ ජීවිතයත් නාස්ති වෙනවා, අහිංසක ගැහැණු ළමයින්ගේ ජීවිතයත් විනාශ වෙලා යනවා.

ඉන්දියාවේ නම් මේ වගේ සිදුවීම් දවසේ පත්තර එනවා වගේ, දවසට එක ගානේ සිදු වෙනවා. මේ දේ වැරදි කියලා පෙන්නුම් කරන්නත්, 2017 වර්ෂයේ ඉදන් දැන් මේ 2019 වර්ෂය වෙනකන්, ඉන්දියන් සිනමාවෙන් ගොඩක් චිත්‍රපටි තිරගත කරලා තියෙනවා, ඉතින් ඒ විදිහට මේ අවුරුද්දේ ආපු චිත්‍රපටි දෙකක් තමයි, විශාල්ගේ අයෝග්‍ය , ඒ වගේම ආතර්වා ගේ 100 මේ චිත්‍රපටි දෙකටම සාමාන්‍යයෙන් හොඳ ජයග්‍රහණයක් ලැබුනා.

ඉතින් මේ විදිහට ලොකු ජයග්‍රහණයක් ලැබුනා චිත්‍රපටයක් තමයි, දේවරාට්ටම්.

Devaratta mචිත්‍රපටය බැලුවොත්, මෙකේ පදාන චරිතයට පණ පොවන්නේ, Gautham Karthik, ගොඩක් දෙනෙක් දන්නවා ඇති, මෙයා karthi ගේ පුතා, තාත්තා වගේම හොඳ දක්ෂ නළුවෙක්. මේ Flim එකේ director, M. Muthaiah, එ වගේම මේ Flim එකේ producer K. E. Gnanavel Raja හොදට අරන් තියෙනවා flim එක. Flim එකේ script එක ඇවිල්ලා, එක ගැහැණු ළමයෙක්ට වෙන අපරාධයක් වෙනුවෙන්, සටන් කරන තරුණ කොල්ලෙක්.මේක තමයි, මේ Flim එකේ story line එක. හොඳ Social msg එකක් දීලා තියෙනවා. හැම කොල්ලෙක්ම බලන්න ඕනේ flim එකක්. එක කොල්ලෙක් ගැහැණු ළමයෙක්ට කොයි තරම් ගරුත්වයක් දෙන්න ඕනෙද කියලා පෙන්නුම් කරලා තියෙනවා.

#Screenplay
මේ චිත්‍රපටයේ screenplay එකට ලොකු බලයක් දීලා තියෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉදන් චිත්‍රපටය ඉවර වෙනකන්, චිත්‍රපටයේ screenplay එකේ ගැම්ම නැති වෙන්නේ ම නෑ. ඒ තරම් ගොඩක් ශක්තිමත් screenplay එකක්.

#Category
චිත්‍රපටයේ ගොඩක් දුරට ඇක්ෂන් සහා ඒමෝෂනල් කැටගරි දෙක මුල් කොට ගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇක්ෂන් කෝම උනත්, ඒමෝෂනල් කැටගරි එක නම් ගොඩක් හැගීම් බරව පෙන්නුම් කරලා තියනවා.
උදාහරණයක් ලෙස කිව්වොත්,

එක ගැහැණු ළමයෙක්ව කොල්ලෝ පස් දෙනෙක් විතර එකතු වෙලා, ඒ ගැහැණු ළමයගේ ජීවිතය නාස්ති කරනකොට, ඒ දේ අපි එතන ඉටගෙන බලනකොට අපිට කොයි වගේ හැගීමක් දැනෙයිද, අන්න එ වගේ එක හැගීමක් මේ චිත්‍රපටයේ ඒ සීන් එක බලනකොට අපිට දැනෙනවා.

#Strong
මේ චිත්‍රපටයේ ලොකුම අයියක් තමයි, gautham karthik , ඇක්ෂන් චරිතයට ගැලපෙන රංගනයක් ඉදිරිපත් කරලා තියෙනවා. Screenplay එකට ගැලපෙන හොඳ රංගනයක් ඒක. ඒ නිසා මේ චිත්‍රපටයට ලොකු අයියක් ලැබුනා gautham karthik ගෙන්.

#Music
චිත්‍රපටයට ලැබුණු තවත් ලොකු බලයක් තමයි, සංගීතය. ඒ ඒ විශුවල් වලට ගැලපෙන හොඳ සංගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම BGM music එකත් උපරිම හොදට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ටිකක් විතර කන රිදෙන ගතියක් දැනෙනවා, ඒ ඇයි කිව්වොත්, සංගීතයේ ශබ්දය ගොඩක් වැඩි, නිර්මාණයෙන් ම ශබ්දය ගොඩක් වැඩි කරලා. හැබැයි සංගීතයේ කිසිම අවුලක් නෑ ඒ නිසා. BGM MUSIC එක තමයි ටිකක් විතර ශබ්දය වැඩි.

මේ චිත්‍රපටයෙන් දෙන අර්ථය පැහැදිලිව බලන්න උත්සාහ කරන්න, ඒ වගේම තේරුම් ගන්න. මේ වගේ චිත්‍රපටි වලින් අනිත් ඇක්ෂන් චිත්‍රපටි වලට වඩා ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් අපිට. ඒ නිසා හදවතේ හොද රසාස්වාදයක් විතරක් තියාගෙන මේ චිත්‍රපටය රස විදින්න.

ලිපියේ අයිතිය Mʌʀsʜʌɭ Jʌŋsz සහෝදරයා සතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


191
Total Subtitles

27 comments

  1. මයිකි

    තැන්ක්ස් ජයවෙවා bro

  2. ලහිරු

    හම්මේ එලම එලම සහෝ… ගොඩාරියක් ස්තූති සබ් එකට… ජය වේවා !!! Virus මලයාලම් එකටත් සබ් දෙන්න පුලුවන් නම්…

    • Peter Barthelot
      Cineru Family Member

      ස්තූතියි, වයිරස් සබ් එක මේකේ මලයාලම් කැටගරියේ බලන්න තියෙනවා

  3. එල🔥

    • Achi
      Top Fan ⭐⭐⭐

      තැන්ක්ස් බොක්ක…ෆිල්ම් එක බලලා ඇවිත් කමන්ට් කරන්නේ..අම්මෝ එක දිගටම බැලුවා ෆට්ට ෆිල්ම් එක…අනිවා බලපල්ලා මේක…ටැමිල් සබ් දෙනවා දැන් ඇටි හැලෙන්න…ටැමිල් සබ්නම් ඉතිං මේ සයිට් එක තමා…ආදරේයි

  4. ගොඩාක් ස්තුතියි අය්යා ..ගොඩාක් පිං .මලයාලමි චිත්රපට වලට subtles දෙන්න ..

  5. Godak sthuthi broooo…. virus movie ekata sub demuu…

  6. ❤️❤️❤️ අයියන්ඩි

  7. Thx sheep and wolves 2019 anime movie ekata sub dennko

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  9. thanx aiyee

  10. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  11. thanx loku aiye

  12. Thank you bro

  13. Kasun Widusha
    Cineru_users

    tnxxxxxxxxxx

  14. english sub ekawat thawama ne, sinhala hadala, maru site eka ban.
    thanks

  15. Milinda priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .the lost bladesman film එකට සිංහල උපසිරස පුළුවන් නමිි දෙන්ඩ.

  16. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක…ෆිල්ම් එක බලලා ඇවිත් කමන්ට් කරන්නේ..අම්මෝ එක දිගටම බැලුවා ෆට්ට ෆිල්ම් එක…අනිවා බලපල්ලා මේක…ටැමිල් සබ් දෙනවා දැන් ඇටි හැලෙන්න…ටැමිල් සබ්නම් ඉතිං මේ සයිට් එක තමා…ආදරේයි

  17. Achi
    Top Fan ⭐⭐⭐

    මේ නලුවගේ තවත් ෆිල්ම් වලට සබ් කරන්න කියලා ඉල්ලනවා ආදරේයි

  18. Achi
    Top Fan ⭐⭐⭐

    May 25, 1977 (age 42 years),තාත්ත karthi
    September 12, 1989 (30year) පුතා karthik
    තාත්තයි පුතයි අතර අවුරුදු 12ක වෙනසක්…මේවා ගැන හිතනකොට ඔලුව කුරුවල් වෙනවා බන්

    • Peter Barthelot
      Cineru Family Member

      තාත්තා 1960
      නම : කාර්තික් ( මුර්ලි කාර්තිකෙයන් මුත්තුරාමන්)
      මෙයාගේ තාත්තාත් (ගෞතම්ගේ සීයා) ඇක්ටර් කෙනෙක් ආර්. මුත්තුරාමන් ( රාදාක්‍රිෂ්ණන් දේවර් මුත්තුරාමන් )

  19. Peter Barthelot
    Cineru Family Member

    කොමන්ට් කල හැමෝටම ස්තූතියි

  20. uba nan dewalayak
    patta film eka yako

  21. පට්ටමයි බං මං මේ site එකට අව පලවෙනි දවස සුබ පතනවා මේ ෆිල්ම් එකේ සැබෑ කොහෙවත් තිබුන්නෑ මේ ෆිල්ම් එක මට සෙට් උනෙත් මේකෙන් ජය වේවා මේ වගේ හැංගිච්ච සුප්පා ෆිල්ම් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login