The title of the page

Jodi (2019) Sinhala Subtitles|ජීවිතයත් එක්ක කරන ඔට්ටු සෙල්ලම|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ පිරිහීමට පත් වෙලා තියෙන්න බලපාපු කාරණා බොහොමයක් තියෙනවා.ඒ අතරින් මත්ද්‍රව්‍ය ,සූදුව කියන දෙකට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවා.ඔබත්,මමත් ගැවසෙන සමාජයට මේ පිළිලය පතුරවා හරින්න එකම එක පුද්ගලයෙක් හොඳටම ඇති.ඉතින් මේ අතරින් සූදුව ගත්තම එක ක්ෂණයකින් මිනිහෙක්ගේ ජීවිතේ කණපිට පෙරලන්න පුලුවන් භයානකම සෙල්ලමක් තමා ඒ.කොහේවත් දුවන අශ්වයෙක් වෙනුවෙන් , කවුරුන්වත් ගහන ක්‍රිකට් මැච් එකක් වෙනුවෙන් , දේශපාලනඥයෙක්ගේ ජයග්‍රහණයක් වෙනුවෙන් තමන් අමාරුවෙන් හම්බ කරන හැම සතයක්ම ඔට්ටු අල්ලගන්න පුරුදු වුනු බොහොමයක් දෙනා අද පාරට බැස්සම ඕනි තරම් ඉන්නවා..

හිතන්න ඒ වගේ අයගේ පවුල් තත්වය කොහොම ඇත්ද..? හැම සතේම සූදු කෙලින කෙනෙක්ගෙ ළමයෙක්,බිරිඳක්,නෑයො ආර්ථිකව හා මානසිකව කොච්චර පීඩාවිදිනව ඇත්ද ?…හිතන්න….

ආයුබෝවන් ! සිනමාලෝලී ආදරණීය මිතුරන් හැමෝටම..ඔන්න එහෙනම් තෙලිඟු සිනමාවට එක්වුනු තවත් අපූර්ව සිනමාපටයක් සඳහා උපසිරැසි අරගෙනයි මම ආවේ..එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු..

2019 සැප්තැම්බර් 6 ඇමරිකාවෙන් තිරගත කිරීම ආරම්භ කල Drama / Romance කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක් තමා Jodi කියන්නේ..8.4 ක ඉහළ IMDB අගයකුත් 91% ක ගූගල් පරිශීලකයන්ගේ මනාපයත් මේ සඳහා හිමි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ..Vishwanath Arigella විසින්.ප්‍රධාන නලුවා ලෙසින් රංගනයෙන් එකතුවෙන්නේ Burra katha 2019, Operation Gold Fish 2019, වගේ සිනමාපට කිහිපයකම රංගනයෙන් දායක වුනු Aadi විසින්.

Jersey (2019) සිනමාපටයෙන් තෙලිඟු සිනමාවට පිවිස ඔබ අප කාගෙත් සිත් වසග කල සොදුරු යුවැත්තිය Shradda Srinath තමයි ප්‍රධාන නිලියගේ කාර්‍ය් ඉටු කරන්නේ..

හරි එහෙනම් පොඩ්ඩක් කතාව මතක් කරන්නම්..

කපිල් (Aadi) තමා අපේ කතාවේ නායකයා.ඉතින් මෙයාගෙ තාත්තට තියෙන නරක පුරුද්ද තමා ඔට්ටු අල්ලන එක.එයාට තියෙන ක්‍රිකට් පිස්සුව නිසාමයි කපිල්ට ඒ නම වැටිලා තියෙන්නේ ..ඉතින් කපිල් ඉස්කෝලේ යන කාලෙම තාත්තා ඔට්ටු අල්ලල ක්ලබ් එක තිබ්බ  පොල්ලක් හින්ද ගමෙනුත් යන්න වෙනවා..ඒ එක්කම කපිල්ට එයාගෙ First Love එකට බායි බායි කියන්නත් වෙනවා..

ඉතින් කපිල් ලොකුවෙලා රස්සාවක් කරද්දිත් තාත්තා ඔට්ටු අල්ලන්න එයාගෙන් තමා සල්ලි ඉල්ලන්නේ..ඔය අතරෙ දවසක් කපිල්ට කාංචන මාලව හම්බෙනවා..ඔන්න එතන ඉදන් තමා එයාලගෙ ආදර කතාව පටන් ගන්නේ..

ඉතින් මෙතනින් එහාට ෆිල්ම් එකම බලන්න ඔයාලට භාරයි..ඉතින් මං උඩින් සඳහන් කල බරපතල කාරණා මේ ලස්සන කතාවට විටින් විට බාධා කරනවා.

” සිගරැට් , මත්පැන් බොනවනම් බොන මිනිහ මැරෙනවා ..
ඒත් ඔට්ටු ඇල්ලුවොත් එයාගෙ වටේ ඉන්න අයගෙ ජීවිතත් විනාශ වෙලා යනවා “

මේ හැම නරක පුරුද්දකින්ම මගෑරිලා ලස්සනට ජීවිතය විදින්න..
ජීවිතය ජයගන්න බවට තමන් එක්කම ඔට්ටු අල්ලන්න..
ජීවිතය ඔට්ටුවකට අල්ලන්න එපා..!

 

තවත් උපසිරැසියක් සමඟ නුදුරේදිම හම්බෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. ස්තුති සහෝ ඔබට

  2. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  3. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම මචන්😍❤

  4. Thnx bn

  5. Download site ekata log nennenra

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Pattaaaaaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login