The title of the page
8.7
94

Mouse (2021) E20 END Sinhala Subtitle | ජන්ග් බරම්ගෙ අවසන් මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

ඉතින් එපිසෝඩ් 20කින් සමන්විත මවුස් කතා මාලාවේ අවසාන එපිසෝඩ් එක තමා අද ගෙනාවේ. මනෝ ව්‍යාධික ඝාතකයන් වටා ගෙතුනු කතාවක් තමා මවුස් කියන්නෙ.

මිනිසුන් ඝාතනය කර තම පරීක්ෂණ කර දරුණූ දාම ඝාතකයෙක් වෙන හෙඩ් හන්ටර්.
තමා හදාගත් මවගෙ ස්වාමිපුරුෂයා දාම ඝාතකයෙක් නිසා මුළු ජීවිත කාලය පුරාවටම මිනිසුන්ගෙ හිරිහැර වින්ද සන්ග් යො හන්,
කුඩා කල සිටම යක්ෂයෙක් යැයි පවසමින් සමාජයෙන් වෙන් කෙරෙනු ජන්ග් ජේ හූන්,
තම දෑස් ඉදිරිපිටම තම දෙමව්පියන් ඝාතනය වෙනවා, තම සොහොයුරාට හිරිහැර සිද්ධ වෙනවා දුටු කූ මූ චි,
මේ කතාවෙ අමතක නොවන ප්‍රධාන චරිත තමා ඒ,

අවසාන මොහොම දක්වාම ඉස්සරහට මොකක් වෙයිද කියලා අනුමාන කරන්න බැරි කතාවක් තමා මවුස් කියන්නෙ. ඒ වගේම කතාමාලාවට සාර්ථක වගේම තාත්වික අවසානයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

දරුණු දාම ඝාතක ජන්ග් බරම් වෙනස් වුවත් ඔහුගෙ වැරදි වලට සමාවක් දිය නොහැකියි, ඔහු දඩුවම් විදිය යුතුයි, නීතියෙන දඩුවම් ලැබුනේ නැතත් ස්වභාවධර්මයෙන් හරි ඔහුට දඩුවම් ලැබිය යුතුයි. ජන්ග් ජේ හූන්ට ලැබිය යුතු ආදරය ඔහුට ලැබුනා නම් ජන්ග් බරම් බිහි නොවන්න ඉඩ තිබ්බද? ඔහුගෙ මව මේ දරුණු දාම ඝාතක හෙඩ් හන්ටර්ගෙ පුතා යැයි නොසිතා ඔහුට ආදරය කරා නම්, සමාජය ඔහු දෙසින් වපර ඇසින් නොබලා ඔහුට සාමාන්‍ය විදිහට සලකා ආදරයෙන් කරුණු පැහැදිලි කර දුන්නා නම්, ජන්ග් බරම් බිහි නොවෙන්න තිබුනද?

එම ජානම තිබෙන සන්ග් යො හන් ඉතාමත් සාමාන්‍ය කෙනෙක් විදිහට ලොකු මහත් වෙද්දි ජන්ග් බරම් පමණක් ඒ ආකාරයට හැඩගැසුනේ ඇයි? ඔහුගෙ වටපිටාව, ඔහුට ආදරය සෙනෙහස අඩුවෙන් ලැබුනු නිසාද? එයට උත්තරයක් සෙවීම මෙම කතාව නරඹන ඔබට භාරයි.
අවසානයේදි ඔහුව සනසන්න සිටියේ ඔහු පමණයි. අවසානයේ ඔහුට සිටියේ ඔහු පමණයි.

එසේ නම් මෙම අතිවිශිෂ්ට කතාමාලාවේ අවසානයෙ එසේ සනිටුහන් කරමින් මෙසේ සමුගනිමි.
“දෙවියන් වහන්සේට ඔයාගෙ යාච්ඥා ඇහුනා. ඔයා තවදුරටත් යක්ෂයෙක් නෙමේ”

තවත් රසබර කතාමාලාවකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

26 comments

  1. චතුනිකා මංචනායක, විසූ රාජපක්ෂ දෙන්නටම ගොඩාක් ස්තූතියි මේ කතාමාලාවට සිංහල උපසිරැසි ලබාදුන්නාට. අලුත් කොරියන් කතා දෙකක්ම ගේමු. 🔥❤😍😘🤘🙏

  2. ස්තූතියි . තවත් සුපිරි කොරියන් ඩ්‍රාමා එකකට සබ් ගේන්න . පුළුවන්නම් Itaewon Class කොරියන් ඩ්‍රාමා එකට සිංහල subtitles දෙන්නකෝ

  3. දෙන්නටම බොහොම ස්තූතියි ඩ්‍රාම එක ඉවර වෙනකම් සබ් ගෙනාවට ..තව සුපිරි ඩ්‍රාම එකක් ගේමු

  4. 🙏ස්තූතියි🙏 තවත් සුපිරි කොරියන් ඩ්‍රාමා වලට සබ් ගේන්න. පුළුවන්නම් Itaewon Class කොරියන් ඩ්‍රාමා එකට සිංහල subtitles දෙන්නකෝ

  5. ස්තූතියි 🙏 තවත් සුපිරි කොරියන් ඩ්‍රාමාවලට සබ් ඕනේ. පුළුවනම් Itaewon Class කොරියන් ඩ්‍රාමා එකට සිංහල subtitles දෙන්නකෝ

  6. Thank you so much ඔයාලා දෙන්නාටම මේ කතා මාලාව අවසන් වෙනකම් sub දුන්නාට😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම 🤗

  7. කියලා වැඩක් නෑ.අති සුපිරි💥..ගොඩාක් ස්තුතියි ..😘😘

  8. කතාව අවසානය වෙනකම්ම කරගෙන ආවට හදවතින්ම ස්තූතිවන්ත වේනවා..
    තව කතාවක් ගේනවාන්ම් පොඩි Idea එකක් දෙන්නම්..

    Name – Something in the Rain
    IMDB – https://www.imdb.com/title/tt8078816/

    මම බලපු ලස්සනම කතාවක්..

    බොහෝම ස්තූතියි උපසිරැසි වලට..❤

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    මේකට සබ් කරපු දෙන්නටම තෑන්ක්ස් තව ඩ්‍රාමා එකකට සබ් ගේන්න

  10. Sub ekata thanx

  11. දෙන්නටම ගොඩක් ස්තුතියි 🤗❤️.., අනේ doom at your service කියන drama එකටත් sub දෙන්නකෝ 😊😊

  12. tharuki pindeniya

    Thank you soo much

  13. මේකට ගැලපෙන වීඩියෝ එක ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්නකෝ..

  14. මේ drama එකට sub දුනට tanx

  15. සබ් වලට තෑන්ක්ස් ..
    අනේ ඒත් 19 තියෙන්නෙ විස්ස එපියෙ සබ් එකනෙ.19 සබ් එක හොයාගන්න නැහැනෙ

  16. kalekin balapu hodama series ekak sinhala sub hodatama thibba. godaak sthuthi

  17. සුපිරිම TV series එකකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.🔥🔥🔥😘

  18. Penthouse war in life season 1 eke subtitles dennako

  19. දෙන්නටම තෑන්ක්ස් මේ වගේ Exceptional ඩ්‍රාමා එකකට සබ් කරල ගෙනාවට..ජය !!

  20. Krishani
    Cineru_users

    Balapu drama walin kutuhalaya wadipurama tibba drama eka. Godaaak sanwedi end 1k tibbe. Eyata samawa denna bari unat godak dukai predator gana 😥😥 godaaaak thank you oya dennatama 💜️💐

  21. 20 episode eke sub eka ganata yan nane

  22. me series ekata sama karanna series ekak nathi wunata me wagema thawa series ekak recommend karannako korean

  23. me series ekat sub dunnata thank you

  24. thnqq soo much sub ekata.. godak pin oylata

  25. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login