The title of the page
Missing: The Other Side 2020 E02 Sinhala Sub
Missing: The Other Side (2020) E02 Sinhala Sub
98

Missing: The Other Side (2020) E02 Sinhala Subtitles | හා නියුල් සොයා | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E02 Sinhala Sub) ඔන්න දෙවනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා!
පලවෙනි කොටසට වඩා සෑහෙන්න සංවේදී එපියක් මේකනම්.thriller කියන label එක පොඩ්ඩක් පැත්තකින් තියලා,ආදරය,සෙනෙහස,කරුණාව වගේ සංවේදී මිනිස් හැගීම්, හිනිපෙත්තට අරගෙන යන කොටසක්.

කලින් කොටසේදී කිම් වූක් කියන කතාවෙ ප්‍රාදාන චරිතයට අහම්බෙන් හුරතල් ළමයෙක් මුණ ගැහෙනවා. එයා අම්මව බලාපොරොත්තු වෙන් අඩමින් ඉන්නකොට ,ඔහු පොරොන්දු වෙනවා ළමයට අම්මව මුණගස්සනවනවා කියලා.හැබැයි පලවෙනි එපිය ඉවර උනේ,මේ ළමයා දැනටමත් මැරුන කෙනෙක් කියල දැනගන්න තැනින්.ඉතින් මැරුනු කෙනෙක්ට වුන පොරොන්දුවක් ඉශ්ට කරන්නෙ කොහොමද? කිම් වූක් ගෙදර ගියාට ළමයාට වුනු පොරොන්දුව හිතට වධ දෙන නිසා,මෙයා ආයෙම අද්භූත ගමට යන්න තීරනය කරනවා.

එහෙදි,මේ මේ ගමේ ඉන්න මැරුනු අයගෙ ඇත්ත දැනගන්නව වගේම,හා නියුල් එක්කත් සුන්දර කාලයක් ගත කරනවා.අන්තිමේ හා නියුල් ව එයාගෙ අම්ම ගාවට එක්කගෙන යනවා.
හා නියුල් අම්මව හම්බවෙන කොටසනම් අතිශය සංවේදීයි.ඒ පුංචි හිනාව,මරන්න තරම් මනුස්සයෙක් ට කොහොමද හිතන්නෙ කියන ප්‍රශ්නෙ මතු කරන ගමන්,මිනිස්සුන්ගෙන් හිදිලා ගියපු උතුම් මානව ගතිගුණ, ඉතුරු කරගත් පරමාදර්ශී චරිත ලෝකෙ තාමත් ඉන්නවා කියන පණිවිඩේත් අපිට හිතන්න ඉතුරු කරනවා .කතාව පටන් ගත්තා විතරයි දැන්,ඉස්සරහට තවත් හැන්ගිච්ච සත්‍ය න් එලියට ඒවි.
“හැම මරණයකටම කතාවක් තියෙනවා”

මීලග කොටසෙන් හමුවෙමු.ඉතින් හැමෝමටම ජයවේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

5 comments

  1. G.W.Deshan Adithya

    දිගටම සබ් ගේන්න සුබ පතනවා! 🙂

  2. නියමයි සබ් එකට තෑන්ක්ස්
    ජය වේවා………….

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login