The title of the page
Missing: The Other Side 2020 E01 Sinhala Sub
Missing: The Other Side 2020 E01 Sinhala Sub
98

Missing: The Other Side (2020) E01 Sinhala Subtitles | ද්යොන් ගම්මානයේ අභිරහස | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E01 Sinhala Sub)ආයුබෝවන් හැමෝටම.මේ මගේ පලවෙනි උපරැසි ගැන්වීම. අඩුපාඩු එහෙමත් ඇති .ඉතින් උපසිරැසිය ගැන ගුණ අගුණ කියන්න කියල කාරුනිකව ඉල්ලනවා. Missing The other side (2020) sinhala sub . මේක තාමත් විකාශනය වෙමින් පවතින කොරියානු කතාවක්.දැනට කොටස් 4යි විකාශය වුනේ.ඔක්කොම කොටස් 12යි.කතාව,Fantasy,thriller,mystery,ගනයට යි වැටෙන්නෙ. මේක විකාශය වෙන්නෙ OCN නාලිකාව මගින්.විශේෂයෙන්ම මෑතකාලීනව මේ නාලිකාව,මේ ශානරයේ කතාවලට ඉහල ප්‍රාසාදයක් ලබා ගනිමින් ඉන්නෙ.”OCN එකේ Thriller කිව්වොත්,ආයෙ සුපිරි”! කියන මට්ටමක ඉන්නෙ.මේකට google ratings 98% කුත් dramawiki ratings 87% කුත් තියෙනවා ,එපියෙන් එපිය 1% කින් වගේ nation wide viewers ලා ගාන වැඩි වෙලා තියෙනවා.

කොරියන් කතා නිතර බලන කෙනෙක් නම් Hotel Del Luna බලලා ඇති.මේ කතාවත් ඒකට ටිකක් සමානයි.වෙනසකට තියෙන්නෙ හෝටලයක් වෙනුවටමේකෙ තියෙන්නෙ ගමක්. කතාව කෙටියෙන් කිව්වොත්, එක ගමක් තියෙනවා.මේ ගමේ ජීවත් වෙන්නෙ මැරුනු අයගෙ ආත්ම.මේ හැමෝම අතුරුදහන් වුනු අය.මේ අය කොහොමද අතුරුදහන් වුනේ?ඒ අයව හොයාගන්නෙ කොහොමද කියන සත්‍ය හොයාගෙන යන මෙහෙයුම තමා කතාවට පදනම් වෙන්නෙ. කිම් වූක්, හොද පෙනුම තියෙන,හිත හොද මනුස්සයෙක්. දවසක් මෙයා අහම්බෙන් මේ ගමට එනවා. ආපු හැටියෙම, හිතාගන්න බැරි,අභිරහස් රැසකට මුහුණ දෙනවා.

ජැං පෑන්-සියොක් කියන්නෙ, අද්භූත චරිතයක් ..ඔහු රහසින් අතුරුදහන් වුනු අයව හොයනවා. ඩුඕන් ගමයි, බාහිර ලෝකයයි අතර සම්බන්ධය මෙයා යි.කිම් වුක් එක්ක එකතු වෙලා,ජෑං නඩු කියන්න හවුල්කාරයෙක් වෙනවා.ඔය අස්සෙ ෂින් ජූන්-හෝ කියල ප්‍රභූ රහස් පරීක්ෂකයෙක් ඉන්නවා.එයාගෙ පෙම්වතියවත් ,වෙඩින් එකට මාසයකට කලින් අතුරුදහන් වෙනවා.එයාව හොයාගන්න,අතුරුදහන් සෙවීමේ කණ්ඩායමත් එක්ක මෙයා එකතු වෙනවා. මේ අබිරහස විසදන එක කතාවෙ ප්‍රාදාන තේමාව උනත්,හරි ලස්සන හිතට වැදෙන කාරනාත්,හිනායන කෑලිත් එක්ක කුතුහලය එකසේ තියාගෙන බලන්න පුලුවන් කතාවක්.

වැඩිය හුරු නැති නලු,නිලි සෙට් එකක් හිටියත්,ඒ අයගෙ රංගනය නම් නියමයි. මේ කතා ශානරයට අකමැති කෙනෙක් උනත්,මේක බලන්න ආස වෙයි කියල හිතෙනවා මොකද හැමදේම සම සමව වගේ ඇතුලත් කරල තියෙන නිසා. ඉතින්හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනවා. දිගටම සිනෙරූ එක්ක රැදිලා ඉන්න..එහෙනම් මීලග එපියෙන් හමු වෙමු. අවස්තාව ලබා දුන්නට සිනෙරූ කණ්ඩායමට ස්තූතියි. හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

13 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊..
    සිනෙරු එකේ සබ් කරන අයගෙන් පොඩි යෝජනාවක් පුළුවන් නම් Ben 10 cartoonවලට සබ් කරන්න විනාඩි 15, 20 පොඩි episodeනෙ තියෙන්නෙත් season එකකට episode 13ක් 20ක් වගේ තමා තියෙන්නෙත් 😊 පුළුවන් නම් සලකා බලන්න 😊

  2. Niyamai sis.. ithuru tikath ikmnta denno💪💪💪❤❤

  3. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

  4. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  5. Thanks

  6. සබ් එකට තෑන්ක්ස්

  7. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  8. පලමු උපසිරසියට සුබ පතනවා සහෝදරි

  9. Hashan
    Top Fan ⭐⭐⭐

    මේක ගැන විස්තර හොයද්දි 2015 ආපු The Missing කියල korean drama එකක් ගැනත් දැක්කා ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියනවද චතුමි හේවාවිතාරණ 😊

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. Lahiru
    Cineru_users

    Session 2 denna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login