The title of the page
StarDog and TurboCat 2019 Sinhala Sub
StarDog and TurboCat 2019 Sinhala Sub
7
50
85

StarDog and TurboCat (2019) Sinhala Subtitles |වීර බල්ලා සමග වේගවත් පූසා| සිංහල උපසිරැසි සමගින්

(StarDog and TurboCat (2019) Sinhala Sub)කොහොමද හැමෝටම ඔන්න මං මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන ආව.. මේක ඇනිමේශන් ෆිල්ම් එකක් 2019දී ආපු සත්තුන්ට ආදරේ කරන ටීම් එකක්ද කොහෙද මේක හදල තියෙන්නෙ

කතාව ගැන

හොදයි මේ කතාව ගැන කියනවනම් මේකෙ ඉන්නව බල්ලෙක් එයාගෙ නම තමයි බඩී, ඉතින් මේ බඩීට ඉන්නවා අයිතිකාරයෙක් ඩේවිඩ් කියල. ඩේවිඩ් විද්‍යාඥයෙක් මෙයා බඩීව මෙහෙයුමකට අරගන්නවා. ඩේවිඩ් හොයාගන්නවා මිනිස් වර්ගයාට අහිතකර රසායන ද්‍රව්‍යයක් ඉතින් ඩේවිඩ් දැනගන්නවා මේක මිනිස්සුන්ට කොච්චර භයානකද කියල, පස්සෙ මෙයා පරීක්ෂන වලින් හොයාගන්නවා.

මේකෙන් බල්ලොන්ට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියල තව එයාලගෙ DNA මේකෙන් වෙනස්වෙලා බල්ලොන්ට සුපිරි බලයක් හම්බෙනව කියලත් මෙයා හොයාගත්තා. ඉතින් මෙයා තීරණය කරනවා රොකට් එකක් හදල ඒකට කලින් කිව්ව රසායන ද්‍රව්‍ය දාල අභ්‍යවකාශෙට යවන්න.ඒත් මෙයා මේක අවුරුදු කීපයකට පස්සෙ පොලොවට කඩා වැටෙන විදියට තමා සැලසුම් කලේ .

මං කලින් කිව්වනෙ මේ රසායන ද්‍රවයෙන් බල්ලොන්ට මුකුත් වෙන්නෙ නෑ කියල .ඉතින් ඩේවිඩ් මේකට යොදාගන්නෙ එයාගෙම සුරතල් බල්ලව.ඉතින් මේ බඩී කියන බල්ලා අර රොකට් එකෙන් අභ්‍යවකාශෙට යනවා.අවුරුදු 50කට පස්සෙ මේ රොකට් එක පොලොවට කඩන් වැටෙනවා.

ඉතින් අවුරුදු 50කින් පොලොවට ආපු බඩී එයාගෙ හාම්පුතා ඩේවිඩ්ව හොයාගන්න හැම උත්සහයක්ම ගන්නවා..බඩීට හම්බෙනවා තව වේගවත් පූසා කියල හදුන්වන පූසෙක්වත්..මේ දෙන්නට එකට වැඩ කරන්න බෑ.ඒත් අන්තිමේදී මෙයාල එකට වැඩ කරල නපුරොන්ව පරද්දනවා.

බඩී ඩේවිඩ්ව හොයනගමන් මේ නගරෙ සංවිධානෙකට බැදෙනවා.සත්තුන්ගෙ සංවිධානයක්.මේකෙ ඉන්නව ටොඩ් කියල නාකි පොරක් කෙනෙක් මෑන් හදන්නෙ බඩීගෙ යානෙ හංගපු රසායන ද්‍රව්‍ය පාවිච්චි කරල මේ නගරෙ ඉන්න මිනිස්සුන්ව අල්ලගන්න..

තව දෙයක් බඩීව කඩන්වැටෙන නගරෙ හැමදෙයක්ම වෙනස්වෙලා.මිනිස්සු සත්තුන්ට වෛර කරනවා මේ නගරේ.ඉතින් අපේ බඩී මේ හැමදේකින්ම බේරිලා අන්තිමේදී එයාගෙ හාම්පුතා ඩේවිඩ්ව හොයාගන්න එක තමා මේ කතාවෙ තියෙන්නෙ.

මං වැඩිය කියන්න යන්නෙ නෑ. මේකෙ මීට වඩා සුපිරි දේවල් වෙනවා.හොදයි ඔයාල ෆිල්ම් එක බලලම ඒවා දැනගන්නකෝ. සත්තුන්ට ආදරේ කරන්න තමා මේකෙ කියන්නෙ.මේක ඇවිත් තියෙන්නෙ 2019 අවුරුද්දෙ සිංහල සබ් තිබ්බෙ නැති නිසා මං හැදුවා. Bluray කොපියට තමා හැදුවෙ..

උපසිරැසිය ගැන,

මේක මගේ දෙවෙනි උපසිරැසිය පලවෙනි එක බලපු නැති අය පලවෙනි එකත් බලන්න. Upside down magic 2020 මං විශේෂයෙන්ම සමිත අයියට ගොඩක් ස්තූති කරනව.එයා හැමවෙලේම හැම දෙයක්ම කියල දෙනව තව ඕනෙ වෙලාවක උදව් කරනව..ගොඩක් ආදරෙයි සහෝදරයා..

අමතර දේවල්

මේකට IMDB අගය 6.0 කියල තමා තියෙන්නෙ.ඉතින්,මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනව මේ ලස්සන චිත්‍රපටය බලන්න කියල.ස්තූතියි! සිනෙරු වෙබ් අඩවියත් සමගම ඉන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

17 comments

  1. Udaya saman
    Cineru Family Member

    උපසිරසියට බොහොම තුති ස⁣ෝ …ඇනිමේෂන් නම් ඉතින් බැලිල්ලක් තමා.

    • G.W.Deshan Adithya

      ස්තූතියි සහෝ! මමත් හුගක්ම ආස ඇනිමේශන් වලට තමා 🙂

  2. Thanks sub ekata bro Ela ithin thawa anime walata sub danna please thx

    • G.W.Deshan Adithya

      ස්තූතියි සහෝ ! දිගටම ඇනිම් වලට සබ් දෙනව මචන්..
      කමෙන්ට් එකට බොහොම ස්තූතියි 🙂

  3. Thanks sub ekata bro Ela ithin thawa anime walata sub danna please thx

  4. Ishiraja
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata bro Ela ithin thawa anime walata sub danna

  5. Thanks bro sub ekata. Jaya weva. 🙏🙏🙏

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මං මේ දෙන්න හිතන් හිටියේ ඕක. අම්මෝ ලයින් එක්දාස් ගානක් තියෙයි. ඒ නිසයි ශේප් එකේ බලන් හිටියේ. මල්ලි එළම හොඳේ

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  8. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Shaun and sheep 2019 film sub bennko plz

    • G.W.Deshan Adithya

      ලබන සතියෙ දෙන්නම් අයියෙ 🙂

    • G.W.Deshan Adithya

      ඇත්තටම අයියෙ මේ ෆිල්ම් එකේ හදන්න දෙයක් නෑනෙ
      A Shaun the Sheep Movie: Farmageddon
      අයිය මේකද කිව්වෙ?

      • Ishirajanith
        Top Fan ⭐⭐⭐

        Ow kathakaranne nedda

        • නැහැ අයියෙ සබ් ඕනෙ නෑ ඒක බලන්න
          shaun and sheep 2015 එකටනම් අපේ සයිට් එකෙ අයියා කෙනෙක් සබ් දීල තියෙන්නෙ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login