The title of the page
Upside Down Magic (2020) Sinhala Sub
Upside Down Magic (2020) Sinhala Sub
4.5

Upside Down Magic (2020) Sinhala Subtitles |වැරදි-අමුතු මායාකාරයෝ|සිංහල උපසිරැසි සමග

කතාව ගැන
(Upside Down Magic (2020) Sinhala Sub) හොදයිකතාව ගැන කියනවනම් මේකෙ ඉන්නව එක එක මැජික් බල තියෙන ලමයි වගයක් තව මේකෙ තියෙනව එයාලට එයාලගෙ මැජික් හරියටම ඉගෙනගන්න කියල දෙන පාසලක්.කතාව මෙහෙමයි වෙන්නෙ නෝරි කියල පොඩි ගෑණු ළමයෙක් ඉන්නවා.මේ නෝරි තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ.නෝරි පොඩි කාලෙදි එයාගෙ අම්ම නැතිවෙනව.එයයි එයාගෙ තාත්තයි විතරයි අන්තිමට ඉතුරුවෙන්නෙ.ඉතින් මේ නෝරි එකපාරටම දවසක් හොයාගන්නව එයාට අමුතු මැජික් බලයක් පිහිටල තියෙනවයි කියන එක.හැබැයි මේ මැජික් එක ටිකක් අමුතුයි.ඉතින් මේ නෝරිට ඉන්නව රීනා කියල සම වයසෙම මිතුරියකුත්,එයාටත් මැජික් බලයක් තියෙනව.ඉතින්,මේ දෙන්න එකතුවෙලා තමා අර මං කලින් කිව්ව පාසලට යන්නෙ,මැජික් පුලුවන් ළමයින්ට විශේෂයෙන් හදපු පාසලක් ඒක.

ඉතින් මේකෙදි මේ යාලුවො දෙන්නව වෙනම පන්ති දෙකකට තමා වැටෙන්නෙ.මේක නිකන් හරියට අපේ ස්කෝලෙ පන්ති කඩනව වගේ තමා..:( ඔයාල දන්නවනෙ ඔයාලට ඔයාලගෙ හොදම යාලුවොන්ව කොච්චර මතක් වෙනවද කියලා.ඉතින්,මේ යාලුවො දෙන්නටත් ඒ දෙන්නව නිතරම මතක් වෙන්න ගත්තා.මේ කතාවෙ නෝරි හරිම කටකාර කෙල්ලෙක්.ඒත් එයාගෙ යාලුවා එහෙම නෑ.ඉතින් නෝරි එයාගෙ පන්තියෙ ඉන්න හැමෝ එක්කම යාලු වෙනව.එයා හරිම සතුටින් ඉන්නව එයාල එක්ක.ඒත් රීනා ගොඩක් දුකින් එයාගෙ පන්තියෙ ඉන්නෙ.මෙහෙම ඉද්දි රීනාව අමුතු මායාවක් විසින් අල්ලගන්නව.පස්සෙ නෝරි හා එයාගෙ යාලුවො එකතුවෙලා එයාගෙ හොදම යාලුවව බේරගන්නව.හොදයි මේක තමා මේ කතාවෙ වෙන්නෙ. මං මේ කතාවෙ වෙන දේ කෙටියෙන් ඔයාලට කිව්වෙ.මීට වඩා ගොඩක් ලස්සන දේවල් මේ කතාව ඇතුලෙ වෙනවා.ඒව මං කියන්න යන්නෙ නෑ ඔයාල කතාව බලලම ඉන්නකෝ. මං මේකතාව දැන් සෑහෙන පාරක් බැලුව හරිම ලස්සනයි.මේක ආවෙ මේ අවුරුද්දෙමයි 2020.තාම ඇවිත් තියෙන්නෙ webrip විතරයි.ඉතින් මං ඒකට උපසිරැසි හැදුව ඔන්න.

උපසිරැසිය ගැන,
හොදයි මේක මගෙ පලවෙනි උපසිරැසිය.ගොඩක් වැරදි තියෙනව.සමාවෙන්න ඕනෙ ඒවට.මං ගැන කිව්වොත් මට වයස 17 මං උපසිරැසි හදන්න ගොඩක් ආසයි.ඒ දවස්වල මං හුගක් ෆිල්ම් බලද්දි සින්හල සබ් අනිවාරෙන්ම දාගෙනමයි බලන්නෙ.ඉතින් මං හිතුව කවදහරි උපසිරැසි හදනව කියල.අනික තමා මේකෙ ඉන්න සමිත අයියා ගොඩක් හොදයි.එයා ඕනෙවෙලාවක උදව් කරන්න බලාගෙන ඉන්නෙ.

අමතර දේවල්
දැනට මේකට IMDB අගය 4.5 වගේ තමා තියෙන්නෙ ඒත් මං හිතනව ඒක ඉක්මනටම ඉහලයයි කියල.ඉතින්,මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනව මේ ලස්සන චිත්‍රපටය බලන්න කියල.ස්තූතියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

7 comments

  1. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. තෑන්ක්ස් කාවින්ද අයියෙ 🙂

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ශා මෙන්න තවත් ඇනිමේශන් කොල්ලෙක්. මචෝ, අපිත් ඉතින් ඉංග්‍රීසි, ඇනිමේශන් සීන් එකේ තමයි. සුභ පැතුම් මල්ලී 1වෙනි සබට. නවතින්න එපා, ඇනිමේශන් අය අඩුයි හොඳටෝම

    • G.W.Deshan Adithya

      ස්තූතියි අයියෙ! ඇනිමේශන් ලස්සනයි දිගටම ඉන්නො 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login