The title of the page
La Mante E02 Sinhala Sub
La Mante E02 Sinhala Sub
7.5
94

La Mante (2017) E02 Sinhala Subtitles |සෙවරන්ගේ පළිගැනීම| සිංහල උපසිරැසි සමඟ

(La Mante E02 Sinhala Sub) ඔන්න එහෙනම් දෙවෙනි කොටසක් එක්ක ආයෙමත් ආවා.පළවෙනි කොටස බලපු නිසා කතාව ගැන යම් විදිහක අදහසක් එන්න ඇති කියලා හිතනවා.එහෙනම් කලින් කොටසේ උන ටික මතක ඇතිනේ.මේ මැන්ටිස් කියන්නේ ගෑනු කෙනෙක් ඒ වගේම එයා මේ මිනී මැරීම් කලේ ඇයි කියලත් දැනගත්තා.මේකේ චරිත ගැන කලින් සඳහන් නොකරපු නිසා පොඩි විස්තරයක් කරන්නම්. මේ මැන්ටිස් කියන්නේ ජියෑන් කැරොට් කියන කාන්තාව.

මෙයා මේ මිනීමැරුම් නිසා අවුරුදු 25කට කලින් අත් අඩංගුවට ගන්නකොට මෙයාගේ පුතාගේ වයස අවුරුදු 10යි.ඒ කියන්නේ ඩේමියන් ඩේමියන් දැන් විවාහ වෙලා ඉන්නේ.මේ මැන්ටිස් තමන්ගේ දරුවා ආයෙමත් දකින්න ඕන නිසා තමයි ෆෙරාසිට මේ අපරාධකාරයා එහෙමත් නැත්තන් මෙයාගෙම කොපිකැට් එක අල්ලගන්න උදවු කරන්නේ.කවුද මේ ෆෙරාසි කියන්නේ ෆෙරාසි කියන්නේ අවුරුදු 25කට කලින් මේ මැන්ටිස්ගේ පස්සේ ආව අපරාධ විමර්ශන කණ්ඩායමේ හිටපු නායකයා.ජියෑන්ව අල්ලගත්තාට පස්සේ එයාව බලාගන්නේ එයාගේ සීයා එහෙමත් නැත්තන් චාල්ස්.මේ ගැන පොඩි විස්තරයක් කිවුවේ කතාව බලාගෙන යද්දි පොඩ්ඩක් චරිතවල සම්බන්දය පැහැදිලි වෙන්න ඕන නිසා. එහෙනම් පහුගිය කොටසේ මේ මැන්ටිස්ගේ කොපිකැට් එක කියලා හිතන සැකකාරයෙක් මතුවෙනවා.

එයාගෙයි මැන්ටිස්ගෙයි අතර හුවමාරු උන ඊ මේල් වගයක් ආචිලී හොයාගන්නවා.මේක නිසා,ජියෑන්ට එලියට එන්න ඕන නිසා එයා තමන්ගෙම කොපිකැට් එකක් හැදුවා කියලා හැමෝම තීරණයකට එනවා.මෙතනින් තමයි කලින් කොටස ඉවර උනේ…. අද කොටසින් අර කොපිකැට්ගේ පස්සෙන් මේ කණ්ඩායම පන්නගෙන යනවා.ඩේමියන් වගේම එයාගේ කණ්ඩායම එයාගේ තොරතුරු දැනගෙන මෙයාට වෙලා තියෙන ප්‍රශ්නේ ගැන හොයාගන්නවා.ප්‍රශ්නයක් කිවුවට වෙනස්ම සිද්දියක්.ඒ ටික බලාගන්න එහෙනම් ඊළග කොටසින් ඉක්මනටම හමුවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

2 comments

  1. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login