The title of the page
3.9
79

Cocktail (2020) Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග |

Cocktail (2020) Sinhala Sub මේ පාර ඔන්න ගෙනාවා අපේ යෝගිබාබුගේ කොමඩි ෆිල්ම් එක කොක්ටේල් . මේක කලේනම් කිහිප දෙනෙක්ගේ ඉල්ලීමත්, විශේෂයෙන් අපේ සිනෙරු එකේ Ashen Maduranga ගේ ඉල්ලීම නිසා නොකර බෑනේ .

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Ra.Vijaya Murugan විසින් . ඒ වගේම මේක Zee5 ෆ්ලැට්ෆෝම් හරහා විකාශනය වුනේ 10 ජුලයි 2020 දී. පැය 2 ක් හා විනාඩි 07 ක් පුරා දිග ඇරෙන මෙම සිනමාව සංගීතවත් කර ඇත්තේ Sai Bhaskar විසිනි .

අපි බලමු එහේමනම් අපේ සසිත් සහෝ ෆේස්බුක් එකේ දමිළ සිනමාව සමුහයේ මේ සිනමාව ගැන මොනවද කියල තියෙන්නේ කියල.නමින්ම තේරුම්ගන්න පුලුවන්නෙ මධ්‍යසාර සම්බන්ධ කරල නිර්මාණය කරපු චිත්‍රපටයක් කියල.😂 ඔව් මේකත් හරියට Semma Botha Aagathey සහ Bodhai Yeri Budhi Maari චිත්‍රපට වල කන්සෙප්ට් එකට අඩු මුදලක් වැය කරමින් නිර්මාණය කරපු හාස්‍යජනක දමිළ චිත්‍රපටයක්. මෙහි Yogi Babu, Mime Gopi, Sayaji Shinde, Rashmi Gopinathවගේ දමිළ නළුවන් පිරිසකුත් එක්ක අලුත් නළු නිළියන් පිරිසකුත් රංගනයෙන් දායක වෙනව.

චිත්‍රපටයෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත් දේව පිළිම හෙරකමක් සහ යාළුවො හතරදෙනෙක් දාගන්න ලෙඩක් ගැන තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ හතර දෙනාගෙන් එක යාළුවෙක්ගෙ විවාහ ගිවිසගැනීමේ සතුට සැමරීම සඳහා ඔහුගෙ නිවස තුල පාටියක් දෙනව. මෙහිදි මොවුන් Cocktail එකක් හදාගෙන තමයි බොන්නෙ. ඉතින් බීල වෙරිමරගාතෙ පහුවෙනිද උදේ නැගිටල බලද්දි මේ යාළුවො සෙට් එකේ ඉන්න Yogi Babu ගාව කෙල්ලෙක් නිදාගෙන ඉන්නවා.😂 හැබැයි ටිකවෙලාවක් මුන් සෙට් එන වාද කරල ඉවරවුනාම තමයි දැනගන්නෙ මේ කෙල්ල මැරිල කියල.😂 ඉතින් මුන් සේරම මේ මිනීමැරුම තුලින් බේරෙන්න ගහන ගේම තමයි ගොන් ආතල් සහ හාස්‍යජනක අවස්ථා එක්ක කතාව ඉදිරියට අරගෙන යන්නෙ. ඒ වගේම මේ විවාහ ගිවිසගන්න ඉන්න යාළුවගෙ කෙල්ලගෙ තාත්ත පොලිස් නිළධාරියෙක්.😂 ඒ වගේම මුලදි අපිට සැකයක් එනව මේ මරපු කෙල්ලට මේ පොලිස් නිළධාරියත් සම්බන්ධද කියල. ඉතින් කතාව ඉදිරියට යද්දි ඒ සියල්ල තේරුම්ගන්න පුලුවන්. කොහොමහරි අර මම මුලින් කිව්ව පිළිම කේස් එකත් මේ කතාව එක්ක ලස්සනට සම්බන්ධ කරල තියෙනව. අන්තිමට කියන්න තියෙන්නෙ චිත්‍රපටය අවුලක් නෑ බලන්න පුලුවන් කියල,😂 හැබැයි දුර්වල තැන් නම් ගොඩක් තියෙනව.

Sasith Sudarshana 

දමිළ සිනමාව

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Sthuthi obata…

  2. thanks sub ekata peter jayawewa………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login