The title of the page
6.8
90

Hostages (2019) S01E04 Sinhala Subtitles|වෙඩිල්ල|සිංහල උපසිරැසි සමඟ|

” ඔයා ලොකු වැරැද්දක් කරන්නෙ…”

” තුවක්කුව පහත දාන්න..”

” උබලගෙ තුවක්කු බිම දානවා…”

” නැත්නම් මම උණ්ඩ ඔක්කොම මුගෙ ඇගට බස්සනවා..”

” තුවක්කු බිම දානවා..”

ඔන්න එහෙනම් අද Hostages කතාමාලාවෙ 4 වෙනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ.. කලින් එපිසෝඩ් තුන හැමෝම බලන්න ඇති කියලා හිතනවා.. ඒත් අපි පොඩ්ඩක් බලලා ඉමු මොකක්ද කලින් එපිසෝඩ් එකේ උනේ කියලා..

පෙර කතාංගයෙන්…

දකින්න ඇති මීරගෙ මහත්තයාගෙන් සල්ලි ඉල්ලගෙන ඇවිල්ල කෙනෙක් ගහලත් යනවා.. කොහොමහරි ප්‍රිතිවි එයාට සල්ලි වගයක් දෙනවා ඒක හරි ගස්සන්න මොකද නැත්නම් එයාලා ගෙදරට ම හොයාගෙන එන නිසා.. ඔය අතරේ අර නාකි දොස්තරයට මීරා මහ ඇමතිගෙ සැත්කම කඩාකප්පල් කරන්න පාවිච්චි කරපු බෙහෙත් එයාගෙ කබායෙ තිබිලා හම්බවෙනවා.. කොහොමහරි මීරා මොලේ පාවිච්චි කරලා ඒක බේරුමක් කරගන්නවා.. මීරගෙ මහත්තා අර සල්ලි දෙන්න ගිහින් උන්ගෙන් තුවක්කුවකුත් සල්ලි වලට අරගෙන ගෙදර එන්නෙ.. ඒක එන ගමන් මල්පෝච්චියක් අස්සට විසික්කරනවා.. ඔතනින් තමා කලින් එපිසෝඩ් එක ඉවර වුනේ..

අද කතාංගයෙන්..

අද නම් කීයටවත් හිතන්නෙ නැති දෙයක් තමා වෙන්නෙ…මීරයි එයාගෙ මහත්තයයි කොහොමහරි ළමයි ව එළියට පන්නන්න තමා සැලසුම් කරන්නෙ.. ඔය අතරේ ෂෝවි ට ෆෝන් එකක් හම්බවෙනවා.. ඒකෙන් මොනාහරි කරගන්න පුළුවන් වෙයිද ? අද අමුත්තෙකුත් එනවා.. හැබැයි ඒ අමුත්තා කරන දේකින් ලොකු දෙයක් වෙනවා.. කවුද මේ අමුත්තා…? මොකක්ද වෙන බරපතල දේ …? ඒක දැනගන්න අද එපිසෝඩ් එක බලන්න..

විශේෂයෙන් ම කියන්න ඕනෙ.. එපිසෝඩ් එක නිකන් ම ඩවුන්ලෝඩ් කරගෙන යන්නෙ නැතුව.. කමෙන්ට් එකකින් හොද නරක මොනාම හරි කියලා යන්න.. ඔයාලා වෙනුවෙන් කාලය කැප කරලා මේ කරන දේ වෙනුවෙන් වත්..

එහෙනම් ඊළග එපිසෝඩ් එක ප්‍රියශාන් සහෝදරයා අරගෙන එයි.. එහෙනම් අදට සමුගන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

3 comments

  1. Godak sthuthi sahooo ..

  2. Family Man ithurutika dunne na neh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login