The title of the page
7.4
85

Find Me in Your Memory (2020) E29-E30 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

මතකද කතාවේ අවසාන කොටස් දෙ ගේන්න සෑහෙන්න කාලයක් ගියා. ඇත්තටම අවසන් කරන් ආපු කොටස් එක්කම සේරම ටික මැකිලා ගියා. ඉතිං ආයේ හැම එකක්ම හදාගෙන වෙන වැඩකටයුතුත් තිබුන නිසා අවසන්  කර ගන්න බැරි වුනා. මේ ප්‍රමාදය සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා…

ඉතිං නැවතත් කතාවේ මේ කොටස ගැන සඳහන් කරනවා නම්, මිනිමරුවා හිරෙන් පැනලා ඇවිල්ලා කරන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. යෙයෝ හ ජින්ගෙ යාළුවා ඇන්කර් ලීගෙ පෙම්වතියගේ භෂාමාවශේෂ තිබෙන අළු බඳුන අරගෙනඑයා අවසන් වරට ජිවත් වෙලා හිටිය තට්ටු නිවාසයට ගිහින් ඇන්කර්ලීට (ලී ජියුන් හුන්ට) කතා කරනවා.

ඉතිං එතනදි දෙන්න අතර පොරබදයක් සිද්ධ වෙනවා. මානසික වියවුලෙන් ඉන්න මේ මිනී මරුවා තියුනු ආයුධයකින් ඇන්කර් ලීව තුවාල කරනවා.

පස්සේ ඒ මානසික වියරුවෙන්ම උඩුමහලෙන් පැන දිවි හානිකරගන්න හදනවා. සිදුකළ තුවාලය වඩාත් ගැඹුරට සිද්ධ වොවුන නිසා ඇන්කර් ලීගේ ජිවිතයට හානි වෙන්නේ නෑ, ඒත් ඒකෙන් අර මිනී මරුවව නම් මැරෙන්නෙත් නැ. මය යන තෙක්ම ඇඳකට වෙලා විඳව විඳව ඉන්න සිදු වෙනවා.

ඉතිං අනතුරින් පස්සෙ නම් දුරස් වෙව් තිබුන ආදරේ ලංවුනා කිව්වොත් නිවරදි. ඉතිං හා ජින් නම් ඇන්කර් ලී ගාවින් හෙල්ලුනේවත් නෑ. ඉස්පිරිතාලෙ ඉන්න කල් එයා ලඟටම වෙලා හිටියා. ඉතිං මේ අතර හිරෙන් නිදහස් වෙලා හිටිය රිපොටර්ට හොඳ මාර්තෘකාවක් වෙනවා ඇන්කර් ලී ගැන ඩොක්ටර් යූගෙ පියා ලියුව පොත. පලිගැනීමේ චේතනාවෙන් හිටපු රිපෝටර් සෙනඟ දෙනෝදාහක් ඉදිරියේදි අපහාස කරනවා.

ඒ පොතේ කරුණු කාරණා සසදමින් විශේෂ ප්‍රවෘත්ති සාකඡ්චාවක් තියලා කවුරු නොදැන හිටිය ඇන්කර් ලිගේ ආදර සම්බන්ධයත් හා ජින්ගේ හොඳම යෙහෙළිය මියගිය හනා බවත් ඇයගේ පෙම්වතා ඇන්කර් ලී බවත් ඒ ගැන නොතකමින් මොවුන් දෙදෙනා ආදරය කරන බවත් කියා පාමින් එයාලගෙ රසිකයින් අතර විෂ වපුරනවා. ඉතිං ඒකෙන් පස්සෙ හැම දෙයක්ම උඩු යටිකුරු වෙනවා.

ඩොක්ටර් යු තමන්ගේ පියා වෙනුවෙන් කල දේ සමිබන්ධව දැඩි නිති ක්‍රියාමාර්ගයකට යනවා. බලන්න මේ කොටසින් සිද්ධ වෙන්නේ මොනවද කියලා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. so i married an anti fan Akke meke ithuru tikatath sub eka dennako

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Ane SO I MARRIED AN ANTI-FAN drama 1ke ithuru episodes tikata sub dennko…🙏🙏🙏

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Thank You ❤️

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login