The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E02 Sinhala Subtitles | අලුත් සතුරෙක් සටනට සැරසෙයි | සිංහල උපසිරැසි සමඟ

හලෝ ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න මායි “ෂෙහාන් සචින්ත” මල්ලියි එකතු වෙලා අරන් ආව සුපරි මිනිහා සහ එයාගේ බිරිඳගේ කතා මාලාවේ සීසන් 02 එකේ 02වෙනි එපිය අරන් ආවා. මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි දන්නවනේ DC සහ MARVEL අතර තියෙනවනේ තරඟයක්. අහන්න දෙයක් නෑ, මාර්වල් අය තමන්ගේ සීරීස්, ෆිල්ම් ගොඩනඟනවා සුපිරියටම. ඒකෙන් කියවෙන්නේ නෑ ඩීසී අසාර්ථකයි කියලා. ඒත් මාර්වල් එක්ක තරඟ කරන්න තරම් ජවයක් තියෙන නිර්මාණ කීපයයි ඩීසී අයගෙන් එළියට ආවේ. ඉතින් මෙහෙම ටිකක් හති වැටිලා, මැලවිලා හිටිය ඩීසී ලට ජවයක් දෙමින් ආව සුපිරිය තමා මේ කතා මාලාව. අර ෆිල්ම්වල හිටිය හෙන්රි ලොක්කාට ආයේ සුපර්මෑන් චරිතයක් ඩීසී යුනිවර්ස් එකෙන් දෙන්නේ නෑ ලු. ඒ කියන්නේ අපේ මේ කතා මාලාවේ කෙනා ඒවි බොහෝවිට. හරි ඔන්න ඔහොමයි මේ කතා මාලාවේ වටපිට. මේ එපිය ගැහුවේ නම් “Superman.And.Lois.S02E02.720p.WEB.h264-GOSSIP[eztv.re]” කියන පිටපතට. ඒත් ඕනේ WEB එකකට සෙට් ඈ.

#මෙන්න මෙතනින් ගිහින් අද එපියේ ස්ක්‍රීන් ශොට්ස් ටික බලන් එන්න. එන ගමන් කමෙන්ට් එකකුත් ලියන් එන්න. #මෙතනින් ගිහිල්ලා ට්‍රේලර් බලන් එන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තාම සීසන් 02 එකේ ට්‍රේලරයක් නම්දැම්මේ නෑ හොඳේ😬. ඒ ඔක්කොමත් හරි, සබ් එක බාගෙන යනකොට හිස් අතින් නොයා “කමෙන්ට්” එකක් ලියන්ගියා නම් අපිටත් සතුටුයිනේ. අද මං මේඋපසිරැසි කෙරුවාවේ අංක 01ට එන්න එකම හේතුව තමා මගේ සදහම් පුතා. එයා නිසයි මං කාලය නිකරුනේ විනාශ නොකර වැදගත් විදිහට සබ් එකක් ගහගෙන ඉන්නේ. ඉතින් බොහොම පිං සදහම් පුතේ. මගේ බිරිඳවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මහ රෑටත් තේ එකක් දීලා නිදිමත නැති කරන්නේ එයා. ඊලඟට, මගේ සබ් කෙරුවාවේ මුල්ම ගුරුතුමා, සමිත රමේෂ් බොස්ව ආදරෙන් මතක් කරනවා. අංජුල, අශේන්, ෂෙහාන්, දරේ, විසූ, නිත්‍යා, සංදීප , උදය සමන් ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඇයි අර මෙලෝ රහක්නැති පිස්සු “චානක තිලංක”වත් මතක් කරන්න ඕනේ. සහෝදරයා වගේ ඉන්නේ ඌ තමා.

අද එපියෙන් අපේ සුපර් මෑන්ගේ අම්මව හමු වෙනවා. තනියම නෙවෙයි සහෝදරයත් එක්කයි යන්නේ. ඒ වගේම අපේ ජෝර්ඩන් පුතා පොඩී සටනක් කොරනවා. හ්ම්… ආ ඇයි දෙයියනේ අර භුමිකම්පා වෙන්නේ ඇයි කියලා හොයා ගන්නවා වගේම අලුත්ම සතුරා කලඑළි බහිනවා. පරණ වළදාපු කුණු ගොඩක් ආයෙත් උඩ මතුවෙලා ලොයිස්ව අන්දමන්ද වෙනවා. ඔක්කොටම වඩා හොඳ දේ තමා, “ලනා කුශිං” කෑල්ල නගරාධිපති වෙන්නයි සූදානම. ඉතින් මේ කිව්වේ විනාඩි 50කට කිට්ටු එපියක තත්පර කීපයක් දිග දෙයක් විතරයි. ඉතුරුවා ඔයාලම අරන් බලන්න. එහෙනම් ඊලඟ එපිය සෙහානයා ගෙනේවි. එතකල් සාලෙම් අරන් එන්නම්. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! ඔයාලා හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Akhanda 2021 ai kauruth mekata sub denne neththe

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ලිපියත් හැමදාම කියවනවා…. ඊල්ඟ එපියෙන් හමුවෙමු… ජය වේවා….❤️❤️❤️

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ලිපියත් හැමදාම කියවනවා…. ඊල්ඟ එපියෙන් හමුවෙමු…. ජය වේවා….❤️❤️❤️

  5. Thanks sub ekata.anithwa ikmanta denna.

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. priya
    Cineru_users

    thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login