The title of the page
7
80
88

Dr.Brain (2021) S01E04 Sinhala Subtitles | “දෝ- යූන් ජීවතුන් අතරද?” | සිංහල උපසිරැසි සමඟ

 Apple TV+ හරහා නොවැම්බර් 4 වැනිදා විකාශය වුන Dr.Brain කියන වෙබ් ටූන් එක පදනම් කරගෙන නිර්මාණය කරපු එපිසෝඩ් 6ක Sci-fi/Mystery/Thriller කැටගරි එකේ සීරීස් එකක් තමයි Dr.Brain කියන්නේ.

ඒ වගේම මේක ගොඩක් විශේෂයි. I saw The Devil, Bittersweet Life, A Tale of Two Sisters වගේ දැවැත්ත කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වුන Kim Ji Woon  ගෙ පළවෙනි කතාමාළාව වගේම Apple TV+ ලගෙ පළවෙනි Korean Project එක වෙන්නෙත් මේ කතාමාලාවම තමයි.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි වෙච්ච දේ මතක ඇතිනෙ. මෙච්චර වෙලා තමන් එක්ක කතා කර කර හිටිය ලී කන්ග් මූ කියන්නෙ තමන්ගෙ පරීක්ෂණයේ පළවෙනි නිදර්ෂකය කියලත්, එහෙම සජීවි පුද්ගලයෙක් වගේ පෙනුනේ පළවෙනි වතාවට මොළයේ පිරිසිදු තත්වයකදී සමමුහුර්තකරණ පරීක්ෂණය කිරීමේදි ඇතිවුන දෝෂයක් කියලත් ඩොක්ටර් කෝ සේ වොන් දැනගත්තා. ඒ වගේම ඒ බොඩි එක සේ-වොන්ට හොයල දුන්නෙ ඩොක්ටර් හොන්ග් නාම්-ඉල්. මේ ගැන කතා කරන්න සේ වොන් , හොන්ග් නාම්-ඉල්ට තැනකට එන්න කියනවා. ඒත් එතනදි කෝ සේ-වොන්ට වුනේ හිතුවෙවත් නැති දෙයක්නෙ. කෝ සේ-වොන්ට මැරයො දෙන්නෙක් පහර දුන්නා.

ලිම් ජුන්කිගෙ ඝාතනයේ ප්‍රධාන සැකකාරයා ඩොක්ටර් කෝ සේ වොන් නිසා පොලීසීයත් කෝ සේ-වොන් ඉන්න තැන හොයාගෙන එතෙන්ට එනවා. ෂොපින් හෝල් එකේදී මැරයො දෙන්නයි පොලීසියෙ අයයි අතරෙ වුන වෙඩි හුවමාරුවකින් එක මැරයෙක් මැරුණ කියල ඔයාලට මතක ඇති. කොහොම හරි පොලිසියත් නම්මගෙන ඩොක්ටර් කෝ සේ-වොන් අර මැරුණ මැරයත් එක්කත් මොළය සමමුහුර්තකරණ පරීක්ෂණය කළා. ඒ ලිම් ජුන් කීගෙ දුව වුන අතුරුදහන් වුන හේ ජින් ගැන මතකයක් මැරුණ මිනිහගේ මොළයේ තියනව කියල හිතාගෙන. කොහොම හරි පොලිසියෙ උදව්වෙන් සේ-වොන්, ‍හේ-ජින්ව හොයාගන්නවා. හේ ජින් කියන්නෙ විශේෂ ළමයෙක්. එයාට පුලුවන් දෙයක් එකපාරක් දැක්කත් ඒ දේ මතක තියාගෙන චිත්‍රයට නඟන්න. ඉතින් සේ-වොන්, හේ-ජින්ගෙන්  ඉල්ලනවා දෝ-යුන් අන්තිමට දැක්ක තැන චිත්‍රයක් අදින්න පුලුවන්ද කියලා. හේ ජින් අදින්නෙ අමුතු චිත්‍රයක්. සමනළයෙක්ගෙ තටු අතරින් දෝ-යුන් දිහා නැමිලා බලාගෙන ඉන්න ගෑණු කෙනෙක් තමයි හේ-ජින් අදින්නේ. මේ චිත්‍රේ මොකක්ද? ඇත්තටම දෝ-යුන් ජීවතුන් අතරද? අද කොටසින් බොහෝ විට ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි.

ඉතින් උපසිරැසිය ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඉතුරු උපසිරැසි ටිකත් ඉක්මණටම ගේන්න උත්සාහ කරන්නම්. ඒ වගේම උපසිරැසියෙ අඩුපාඩුවක් තියේ නම් පහලින් දමාගෙන යන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. මොකද ඒක මට වගේම ඔයාලටත් වැදගත් වෙයි. 

එහෙනම් පස්වෙනි කොටසින් හම්බවෙමු.

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

6 comments

  1. Ammoh , tbx bro , denakan balagena hitiye 💓

  2. Thank You DH bro 🤜🤛

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login