The title of the page
7.2
81
89

Brand New Cherry Flavor (2021) S01E08 [END] Sinhala Subtitles | “සියල්ලම අවසන්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Brand New Cherry Flavor (2021) S01E08 Sinhala Subtitles) (Brand New Cherry Flavor 2021 Sinhala Subtitles)

සුභ දවසක් ඔයාලා හැමෝටම…

අද මම ගෙනාවේ Horror ගනයට අයිති ඇමරිකන් කතාමාලවක්..ඉතින් හොල්මන් ෆිල්ම් බලන හොල්මන් කතා මාලා බලන අයට මේක සුපියක් වෙයි කියලා මම හිතනවා…

Netflix ඔස්සෙ නිකුත් වුණ මිනි සීරිස් එකක් වෙන මේක 90 දශකයේ මුල් භාගයේ හොලිවුඩයට යන චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ලීසා නෝවා (Rosa Salazar) වටා තමයි ගෙතිලා තියෙන්නේ..එයා එයාගේ කෙටි චිත්‍රපටිය විකිනිමට ලූ බර්ක් (Eric Lange) වලට පැමිනෙනවා. කොහොම හරි ඇයට අවශ්‍ය වන්නේ එම චිත්‍රපටිය ලූ බර්ක් හට දී ඇය විසින් අධ්‍යක්ෂණය කරන්න. කොහොම හරි ලූ බර්ක් ලීසා නෝවාට අනවශ්‍ය දේ සිදු කිරිමත් එක්ක ලීසා නෝවා ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ලීසා නෝවගෙන් ඒ චිත්‍රපටිය උදුරා ගන්නා ලූබර්ක් වෙන කෙනෙක්ට අධ්‍යක්ෂණය කිරිමට දෙනවා. ඒකෙන් කෝපයට පත්⁣වෙන ලීසා එහි සිටින මායාකාරියක් වන බොරෝ (Catherine Keener) වෙතට ගොස් ලූ බර්ක් හට ශාපයක් සිදු කරනවා. එයින් ලූ බර්ක්ට මෙන්ම ලීසා නෝවාටද බොහො අත්භූත සිදු වීම් වලට මුහුන දීමට සිදු වෙනවා. ඒවගේම ඒ අත්භූත සිද්දි නිසා ලීසාගේ යාලුවන්ට වගේම ලූ බර්ගේ පුතාටද මැරෙන්න සිද්ද වෙනවා.. කොහොමහරි ලීසා දැනගන්නවා බෝරො කියන්නේ පරන මයාකාරියෙක්. එයා තමා මේ හැමදේම කරලා තියෙන්නෙ. එයා තමන් සිටින ශරිරය කාලෙන් කාලෙට වෙනස් කරගන්නවා ඊලගට පනින්න හදන්නෙ තමන්ගේ ශරිරයට කියලා.

“ඉතින් ලීසා නෝවා කොහොම මේ මායාකාරියව නවත්තයිද..?”

“නැත්තං ලීසාගේ ඇග ඇතුලට මේ බෝරො කියන මායාකාරි ඇතුල් වෙයිද…?”

“ලීසා නෝවට සහ ලූ බර්ක්ට මේ ශාපය නිසා මොන මොන අත්භූත සිදුවීම් සිද්ද වෙයිද…?”

“ලීසට එයාගේ එක යාලුවෙක් හරි බේරගන්න පුලුවන් වෙයිද..?

“ඇත්තටම බෝරො විදියට ඒ ශරිරයේ ඉන්නේ කව්ද….?”

මේ දේවල් ඔක්කොම දැනගන්න මේ සිරියස් එක බලන්න කියලා ආරාධනා කරනවා.. ආයි පාරක් මතක් කරනවා හොල්මන් ෆිල්ම් සිරියස් බලන අයට මේක සුපිරියක් වෙයි කියලා…ආයිත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු..එතකන් පරිස්සමින් ගෙදරට වෙලාම ඉන්න..Stay safe and stay home thanks all..

(Brand New Cherry Flavor Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

3 comments

  1. midnight mass and lock and key tv series ekt sub denwada

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ සීරීස් එකට සබ් කරාට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login