The title of the page
8.5
96

Our Beloved Summer (2021) E02 Sinhala Subtitles | “අපේ ආදරණීය ගිම්හානය ” | සිංහල උපසිරැසි සමඟ

(Our Beloved Summer 2021 Sinhala Subtitles)

Native Title: 그해 우리는
Also Known As: That Year We Are , That Year, We ,Us That Year , Geu Hae Woorineun , Geu Hae Woolineun , Geuhae Urineun , Geuhae Ulineun
Screenwriter: Lee Na Eun
Director: Kim Yoon Jin
Genres: Comedy, Romance, Youth, Drama
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Dec 6, 2021 – Jan 25, 2022
Aired On: Monday, Tuesday
Original Network: Netflix SBS
Duration: 1 hr. 10 min
IMDb: 9.1/10
MyDramaList: 8.7/10
Google Users: 99%
Content Rating: 15+ – Teens 15 or older

ඉතින් ඔයාලාට මේ සැරේ අරගෙන ආවේ ලස්සන ආදර කතාවක්, නම තමයි “Our Beloved Summer” එහෙමත් නැත්තම් “අපේ ආදරණීය ගිම්හානය.” පහුගිය දෙසැම්බර් 6 වෙනි දින SBS නාලිකාව හරහා විකාශනය ආරම්භ වුන අතර අන්තර්ජාතිකව Netflix හරහා ඔයාලාට නරඹන්න පුලුවන්. මෙම කතාමාලාව සතියේ සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි 2022 වර්ශයේ ජනවාරි 25 දක්වා කොටස් 16කින් විකාශනය වෙනවා. මේකේ තිර රචනය කරලා තියෙන්නේ Lee Na Eun, ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Yoon Jin අධ්‍යක්ෂකවරයා. Comedy, Romance, Youth, Drama යන කාණ්ඩ වලට අයත් වන මෙම කතාමාලාව පැයයි මිනිත්තු 10ක කාලයක් පුරාවට ධාවනය වෙනවා. ඒ වගේම මේකට 9.1 ක IMDb අගයක් මෙන්ම 99% ක ගූගල් පරිශීලකයින්ගේ කැමැත්ත ලැබිලා තියෙනවා.

මේ කතාමාලාවෙන් අපිට හම්බෙන නළු නිලියන් කවුද කියලා බලමු.

●Choi Woo Shik – චෝයි වුන්ග්

මොහු The Witch (2018), The Boy Next Door (2017), Ho Goo’s Love (2015) යන කතාමාලාවන්ට සහ Time to Hunt (2020), Parasite (2019) යන චිත්‍රපට වලට ප්‍රධාන චරිතයෙන් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

●Kim Da Mi – ගුක් යොන්-සු

ඇය Itaewon Class (2020), The witch (2018) යන කතාමාලාවන්ගෙන් ඔයාලාට බලාගන්න පුලුවන්.

●Kim Sung Chul – කිම් ජි වුන්ග්

 
මොහු Do You Like Brahms (2020), The Wind Blows (2019) යන කතාමාලාවන්ට සහ Search Out (2020), Too Hot To Die  (2018) යන චිත්‍රපටය වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

●Roh Jeong Eui – “NJ”

ඇය The Great Show (2019), Kill It (2019), යන කතාමාලාවන්ට සහ The Day I Died: Unclosed Case (2020) වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත්,

චෝයි වුන්ග් කියන්නේ හ්වියොන්ග් උසස් පාසලේ අන්තිමයා, එතකොට ගුක් යොන්-සු කියන්නේ පළවෙනියා. දවසක් රූපවාහිනි නාලිකාවකින් මෙයාලගේ ඉස්කෝලෙට වාර්තාමය වැඩසටහනක් කරන්න එනවා. ඉතින් එතනදි පාසලේ පළවෙනියා වෙන යුන්-සුටයි අන්තිමයා වෙන චෝයි වුන්ග්ටයි එකට මේකට සහභාගි වෙන්න වෙනවා. ඒත් මේ දෙන්නට දෙන්නා පේන්න බෑ. ඉතින් මෙයාලාගේ මේ වැඩත් එක්ක වැඩසටහනට ඉහල ප්‍රතිචාර හම්බෙනවා. හැමෝම වැඩසටහනේ දෙවෙනි කොටසකුත් පටන් ගන්න කියනවා.

ඔන්න එතනින් තමයි කතාව පටන් ගන්නේ. මුලින්ම මේ දෙන්නාගෙන් අහනවා එයාලා අවුරුදු දහයක් ගියාට පස්සේ කොහොම ඉන්නද කැමති කියලා. යොන්-සු කියනවා එයා හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න කැමතියි කියලා. චෝයි වුන්ග් කියන්නේ නම් නිදහස් ජීවිතයක් එයා ගත කරන්න කැමතියි කියලා. ඔය අතරතුරේ මෙයාලාගේ උසස් පාසලේ වාර්තාමය වැඩසටහන කරපු නිෂ්පාදකවරයාට හිතෙනවා මේ දෙන්නාගේ අවුරුදු දහයකට පස්සේ ජිවිතය රූගත කරන්න. ඒක කරන්න කියන්නේ ඔහු යටතේ වැඩ කරන කිම් ජි වුන්ග්ට, චෝයි වුන්ගේ යාලුවට. හැබැයි ඒක කරන්න කිව්වාම එයා කියනවා අවුරුදු පහකට කලින් නම් ඒ දෙන්නා ආදරෙන් හිටියා දැන් නම් හැබැයි මූණවත් බලන්නේ නෑ කියලා.

දෙන්නට දෙන්නා මරාගන්න  ඔන්න මෙන්න වගේ හිටියට ආදරේ කරලා වෙන් වෙලත් එක්ක. ඉතින් මේ දෙන්නා ආයිත් මේ වැඩසටහන කරන්න එකතු වෙයිද, ඒකෙන් මේ දෙන්නාගේ සම්බන්දේ මොන විදිහට වෙනස් වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ.

ඒ වගේම තව ආරංචියක් ඒක නම් හැමෝටම නෙමෙයි, BTS Armyලාට.

Our Beloved Summer කතාමාලාවට BTS කොරියානු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන V (Kim Taehyung) ගේ OST එකක් තියෙනවා.ඉතින් එහෙනම් ඔයාලා කතාව බලලා උපසිරැසි වල හොඳ නරකත් කියන්න.

මම මේධාවි ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ❤️ උපසිරැසියට බොහෝම ස්තූතියි ❤️

  3. ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කතාවක් .

  4. උපසිරැසියට ගොඩක් ස්තූතියි අක්කේ.

  5. Sub ekata thanx

  6. Thanks nanga its beautiful
    Thank you so much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login