The title of the page
7
80
88

Dr.Brain (2021) S01E02 Sinhala Subtitles | “මායාව” | සිංහල උපසිරැසි සමඟ

 

Hangul – Dr. 브레인
Created by – Kim Jee-woon
Based on – Dr. Brain by Hongjacga
Written by – Kim Jin A, Koh YoungJae, Kim Jee-woon
Directed by – Kim Jee-woon
Composer – Mowg
Country of origin – South Korea
Original language – Korean
No. of episodes  – 6
Distributor Apple Inc.

 Release

Original network – Apple TV+

Original release – November 4, 2021

 

ලී සන් ක්‍යුන් – කෝ සේ-වොන් ලෙස…Lee sunKyun as Koh SeWon

තම පවුලට වුන දේ දැනගැනීමට මියගිය අයගේ සිතුවිලි හා මතකයන් සමඟ සම්බන්ධ වීමට පර්යේෂණ කරන වෛද්‍යවරයෙක් වගේම විද්‍යාඥයෙක්.

ලී යූ යන්ග් – ජන්ග් ජේ-යී ලෙස…Lee YooYoung as Jung JaeYI

සේ-වොන්ගේ බිරිද.

 

පාර්ක් හේ සූන් – ලී කන්ග්-මූ ලෙස…Park HeeSoon as Lee KangMu

පුද්ගලික විමර්ෂකයෙක්

සියෝ ජි-හයි – ලුතිනන් චෝයි ලෙස…Seo JiHye as Lieutenant Choi

විමර්ෂණ ඒකකයේ ලුතිනන්

ලී ජේ-වොන් – හොන්ග් නාම්ඉල් ලෙස…Lee JaeWon as Hong Nam-il

සේ වොන්ගෙ සගයෙක්.

කොහොමද යාළුවනේ..? ඔන්න මම අද ඔන්ගොයින් ඩ්‍රාමා එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. ඩ්‍රාමා එකේ දැනටමත් කොටස් තුනක් විකාශය වෙලා අවසන්. Dr.Brain කියන වෙබ්ටූනය පදනම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ.

එහෙනම් වැඩිය කතා කරන්නෙ නැතුව කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්…

මතකනේ පළවෙනි කොටසෙ වෙච්ච දේ. ඩොක්ටර් කෝ සේ-වොන්ගෙ මොළය සමමුහුර්ත කිරීමේ පරීක්ෂණය හිතපු නැති වෙලාවක සාර්ථක වුනා. එහෙම සාර්ථක වුනේ පරීක්ෂණයට ගත් එක මීයෙක් මියගිය නිසා. ඒ කියන්නෙ අපිට මොළය සමමුහුර්ත කරන්න පුලුවන් වෙන්නේ මිය ගිය කෙනෙක්ගේ පමණක් බව ඔහු තේරුම් ගන්නවා. ඊට පස්සෙ ඔහුට ඕන වෙනවා සායනික පරීක්ෂණයක් කරන්න. (නිදර්ෂක ලෙස මිනිසුන් භාවිතා කිරීම.) නමුත් ඔහුට අවසර හිමි වුනේ නම් නෑ. ඒ නිසා සේ-වොන් තමන්ගෙ සගයත් එක්ක හොර රහසේම මේ පරීක්ෂණය කරන්න මෝචරියට යනවා. පරීක්ෂණයේ ප්‍රතිග්‍රාහකයා වුනේ ඩොක්ටර් සේ-වොන්. කොහොමහරි පරීක්ෂණය කළත් සේ-වොන්ට වැඩි දෙයක් මතක් වෙන්නෙ නෑ. සේ-වොන් ගෙදර යනවා. ඔන්න එතනදි කතාවට තවත් අලුත් චරිතයක් එනවා. ඒ තමයි  ලී කන්ග් මූ. පුද්ගලික විමර්ෂකයෙක් කියලයි කියන්නෙ. ඔහු සේ-වොන්ගෙන් අහනවා, “ලිම් ජුන්-කී කියල කෙනෙක් දන්නවද?“ කියලා. සේ වොන් කියන්නෙ දන්නෙ නෑ කියලා.

 

ඊට පස්සෙ දවසෙ ලුතිනන් චෝයි සහ තවත් මනුස්සයෙක් සේ-වොන්ගේ ගෙදරට එනවා. ඒ දෙන්නා ඇවිත් අහන්නෙත් “ලිම් ජුන්-කී කියල කෙනෙක් දන්නවද?, ලිම් ජුන්-කී කියන කෙනා දවස් දෙකකට කලින් ඝාතනය කරලා. එයා ඔයාගෙ නෝනත් එක්ක හුඟ කාලයක් තිස්සෙ සමීපව ඉඳල තියනවා.“ කියලා. සේ-වොන්ට ප්‍රශ්නයක්. “ඇයි මේ හැමෝම මගෙන් ලිම් ජුන්-කී ගැන අහන්නේ. මං ඒ මොකද කියල හොයාගන්න ඕන.“ සේ-වොන් කොහොම හරි ලිම් ජුන්-කීගෙ මළසිරුර හොයාගෙන මොළය සමමුහුර්ත කිරීමේ පරීක්ෂණය කරනවා. ඊට පස්සෙ ඉදන් සේ-වොන්ගෙ චර්යා රටා වෙනස් වෙනවා. මොළය සමමුහුර්ත කිරීමෙන් මතකයන් පමණක් නෙවෙයි; චර්යා රටා, විකාර පුරුදු පවා මාරු වෙනවා කියල ඔහු තේරුම් ගන්නවා. ඒ වගේම මොළය සමුහුර්ත කිරීමේ පරීක්ෂණයේ අතුරු ආබාධත් තියනවා කියලා ඔහුට දැනෙනවා. ඔහුට එක එක මායාවන් වගේ දේවල් පේන්න ගන්නවා. එහිදි ඔහුට එක පොඩි ගෑණු ළමයෙක් පේනවා. ඇය කියනවා “දෝ-යූන් මැරුණෙ නෑ…“ කියලා. දෝ-යූන් කියන්නෙ සේ වොන්ගෙ පුතා. ගෑස් අනතුරකින් පොඩි කාලෙදිම මැරෙනවා. කවුද මේ ලිම් ජුන්-කී, දෝ-යූන් තාමත් ජීවත් වෙනවද? ඉතින් සේ-වොන්ට ඕන වෙනවා මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න. මේ ගැන දන්නෙ එකම එක්කෙනයි. ඒ තමයි තමන්ගෙ නෝනා ජන්ග් ජේ-යී. ජේ-යී ඉන්නෙ කෝමා එකක. ඉතින් සේ-වොන්, ජේ-යීටත් මොළය සමමුහුර්ත කිරීමේ පරීක්ෂණය කරනවා.

– පරීක්ෂණය සාර්ථක වුනාද?

– සේ-වොන්ට ඇත්ත දැනගන්න පුලුවන් වෙයිද?

 

ඉතින් කුතුහලය උපරිම තියන කතාවක් නිසා මං වැඩිය විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වගේම උපසිරැසියෙ අඩුපාඩුවක් තියේ නම් පහලින් දමාගෙන යන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා. මොකද ඒක මට වගේම ඔයාලටත් වැදගත් වෙයි.

 

එහෙනම් තුන්වෙනි කොටසින් හම්බවෙමු.

 

– Dark LoverDH

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

9 comments

  1. ගොඩක් ස්තූතියි සහෝ.

  2. සබ් එකට බොහෝම ස්තූතියි 🤜🤛

  3. සබ් එකට බොහොම ස්තුතියි. පට්ට💖💖💖💖

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thnx for the sub

  6. Madusara Manawasinghe

    thanks machan

  7. Thanks , ඊලග sub ටිකත් ඉක්මනට දාන්න පුලුවන්ද

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login