The title of the page
Do Do Sol Sol La La Sol (2020) E04 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E04 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E04 Sinhala Subtitles | ලාලා පියානෝ ලන්තය | සිංහල උපසිරැසි සමඟ

Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ​ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය​. කෙසේ වෙතත් KBS විසින් විකාශය කල් දැමුවා COVID-19 ව්‍යාප්තිය පැතිරීම වැලැක්වීම සඳහා. අන්තිමේ 2020 ඔක්තෝම්බර් 7 වෙනිදායින් විකාශය ඇරඹු මෙම කතා මාලාව නොවැම්බර් 26 දක්වා සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් රාත්‍රි 9.30 ට විකාශය ට පත් වුණා. මේ කතාවේ “ඩෝ-ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්” කියන්නෙ ඔයාලා පොඩි කාලෙ අහපු “Twinkle, Twinkle, Little Star” ගීතයේ පළමු පද පේළියේ සංගීත ස්වර කිහිපයයි. ඒක මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ගු රා-රාට විශේෂයි. ඒක නිසයි ඒක කතාවේ නම කරලා තියෙන්නෙ. එහෙම විශේෂ වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කතාව බලන්නකො.

මේ දක්වා කතාව​
තාත්තා නැතිවුණාට පස්සෙ ගෙදරින් යන ගු රා-රා, ‘ඩෝ-ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්’ කියාගන්නා අබිරහස්ජනක පුද්ගලයෙක් හොයාගෙන යුන්පෝ නුවරට එනවා. එතනදි ඇයගේ කාර් එක ජූන්ගෙ බයිසිකලයේ ගැටිලා අනතුරකට ලක් වෙනවා. ඊට පස්සෙ රෝහලට ඇතුල් කරපු ගු රා-රාට උදව් කරන්නෙ ජූන්. රෝහලෙන් ටිකට් කපාගෙන යන රා-රාට ඉන්න තැනක් නැති නිසා නවතින්න තැනක් දෙන්නෙත් ජූන්. මේ අතර ගු රා-රා ඇතුලත් කළ රෝහලේ වැඩ කරන දොස්තර චා ඉයුන්-සියොක්ට​, ගු රා-රා පිළිබඳව හැඟීමක් ඇති වෙලා ඇයව යාලු කරගන්න උත්සහා කරනවා. අන්තිමේදි ගු රා-රාගේ අනිත් අතත් සනීප වෙනවා. ඉතින් ඇය ජූන්ගෙන් ගත්ත ණය ගෙවන්න ඕන නිසා ආයෙත් පියානෝ වාදනය කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක කරන්න වෙන්නෙ ටිකෙන් ටික​. අනතුර වෙලාවේ ගු රා-රා එක්ක හිටපු ඇගේ සුරතල් බල්ලත් පශු වෛද්‍ය සායනයෙන් නිදහස් වෙනවා. කතාව අන්තිම වෙද්දි වැඩ ඉවර වෙලා ගෙදර යමින් ඉන්න ජූන්, රා-රාගේ ප්ලැට් එක ළඟට වෙලා ඇය දිහා බලා ඉඳිද්දි, ඔහුගේ පිටි පසින් කවුද අමුත්තෙක් එනවා. ඒ කවුද? මොකද වුණේ කියලා දැනගන්න අද කතාවෙන්…

එහෙනම් මේ කොටස​ උපසිරැසියත් එක්ක බලන්නකෝ​. සුභ පැතුම්.
ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

5 comments

  1. Thanks bn…..Black and run on korean drama deketh sub dahnko

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login