The title of the page
Do Do Sol Sol La La Sol (2020) E03 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E03 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E03 Sinhala Subtitles | මුල සිට නැවත කිරීම | සිංහල උපසිරැසි සමඟ

Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය. කෙසේ වෙතත් KBS විසින් විකාශය කල් දැමුවා COVID-19 ව්‍යාප්තිය පැතිරීම වැලැක්වීම සඳහා. අන්තිමේ 2020 ඔක්තෝම්බර් 7 වෙනිදායින් විකාශය ඇරඹු මෙම කතා මාලාව නොවැම්බර් 26 දක්වා සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් රාත්‍රි 9.30 ට විකාශය ට පත් වුණා. මේ කතාවේ “ඩෝ-ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්” කියන්නෙ ඔයාලා පොඩි කාලෙ අහපු “Twinkle, Twinkle, Little Star” ගීතයේ පළමු පද පේළියේ සංගීත ස්වර කිහිපයයි. ඒක මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ගු රා-රාට විශේෂයි. ඒක නිසයි ඒක කතාවේ නම කරලා තියෙන්නෙ. එහෙම විශේෂ වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කතාව බලන්නකො.

මේ දක්වා කතාව

තාත්තා නැතිවුණාට පස්සෙ ගෙදරින් යන ඇය, ‘ඩෝ-ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්’ කියාගන්නා අබිරහස්ජනක පුද්ගලයෙක් හොයාගෙන යුන්පෝ නුවරට එනවා. එතනදි ඇයගේ කාර් එක ජූන්ගෙ බයිසිකලයේ ගැටිලා අනතුරකට ලක් වෙනවා. ඊට පස්සෙ රෝහලට ඇතුල් කරපු ගු රා-රාට උදව් කරන්නෙ ජූන්. රෝහලෙන් ටිකට් කපාගෙන යන රා-රාට ඉන්න තැනක් නැති නිසා නවතින්න තැනක් දෙන්නෙත් ජූන්. මේ අතර ගු රා-රා ඇතුලත් කළ රෝහලේ වැඩ කරන දොස්තර චා ඉයුන්-සියොක්, ජූන්, ගු රා-රාට කරදරයක් කරයි කියන සැකේට ජූන්ගේ ගෙදර හොයාගෙන යනවා. එතන ජින් රූපලාවන්‍යාගාරය ඉස්සරහ ඉඳිද්දි හා-යියොන්ග්ගේ අතට අහුවෙනවා. ඒත් ඒ වෙලාවෙ දෙන්නටම ජූන්ගෙ ගෙදර පැත්තෙන් කෑගහන සද්දයක් ඇහිලා ජූන්ගෙ ගෙදර ඇතුලට ගියාම දකින්න ලැබෙන්නෙ අමුතු දෙයක්. ඒ ගැන දැනගන්න පුලුවන් අද කොටසින්.

එහෙනම් මේ කොටස​ උපසිරැසියත් එක්ක බලන්නකෝ​. සුභ පැතුම්.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. මේ කතාවට sub දෙන්න ගත්තාට Thank you😍 ඔක්කොම episodes වලට පුලුවන් තරම් ඉක්මනින් sub දෙන්න හොදේ.😊

    • උදිත ඩිල්‍ෂාන්
      Cineru Family Member

      පුලුවන් තරම් ඉක්මණට දෙන්නම්.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍👍

  4. Machan thanks sub eka denawata , ane Ikmanata deepan bokka.

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login