7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E02 Sinhala Subtitles | තුවාල වු පියානෝ වාදිනිය | සිංහල උපසිරැසි සමඟ

Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය. කෙසේ වෙතත් KBS විසින් විකාශය කල් දැමුවා COVID-19 ව්‍යාප්තිය පැතිරීම වැලැක්වීම සඳහා. අන්තිමේ 2020 ඔක්තෝම්බර් 7 වෙනිදායින් විකාශය ඇරඹු මෙම කතා මාලාව නොවැම්බර් 26 දක්වා සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් රාත්‍රි 9.30 ට විකාශය ට පත් වුණා. මේ කතාවේ “ඩෝ-ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්” කියන්නෙ ඔයාලා පොඩි කාලෙ අහපු “Twinkle, Twinkle, Little Star” ගීතයේ පළමු පද පේළියේ සංගීත ස්වර කිහිපයයි. ඒක මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ගු රා-රාට විශේෂයි. ඒක නිසයි ඒක කතාවේ නම කරලා තියෙන්නෙ. එහෙම විශේෂ වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කතාව බලන්නකො.

මේ දක්වා කතාව​

ගු රා-රා පියානෝ වාදිනියක්. ඇය ඇගේ තාත්තා ගු මන්-සු නැති වුණාට පස්සේ ණයකාරයන් ගෙන් බේරෙන්න ගෙදරින් යනවා. එහෙම ගිහින් සල්ලිවලට ගන්න අපාර්ට්මන්ට් එකත් නැතිවෙනවා වංචාවකට අහුවෙන නිසා. ඊළඟට කරන දෙයක් හිතාගන්න බැරුව ඉන්න ඇයට අබිරහස් පුද්ගලයෙක් එවපු කෙටි පණිවිඩයක් නිසා ඇය තීරණය කරනවා යුන්පෝ නගරයට යන්න. එතනදි ඇයට මුහුණ දෙන්න වෙන්නෙ හිතන්නෙවත් නැති අකරතැබ්බියකට. ඒ මොකක්ද කියලා දැනගන්න දෙවන කොටස බලන්න. කතාව ඉවර වුණ හැටියේ යන ලබන සතියේ කොටසේ කෑලිවලට පස්සෙ පසු දසුන කියලා එකක් යනවා. ඒක මේ කොටසෙත් තියෙනවා. ඒකෙ වැදගත් සිදුවීම් යන්නෙ. පළමු කොටසේ පසු දසුන බැලුවනම් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇති ඉයුන්-සියොක් කොහොමද ගු රා- රා ගැන කළින්ම දැනගෙන හිටියේ කියලා. මේ කොටසෙත් ඒ වගේ දෙයක් පෙන්වනවා. මතක ඇතුව ඒකත් බලන්න.

එහෙනම් මේ කොටස උපසිරැසිත් එක්ක බලන්නකෝ. සුභ පැතුම්. ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|373

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

6 comments

  1. ane love in the moonlight drawn by clouds kdrama eke sub eka dennko

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Meke ithuru ep sub dennathda ?

  4. Deshani Hansima Rajamanthri

    Meke ituru episode waltath sub dennko

  5. අනේ මේකේ ඉතුරු කොටස් වල සබ් දෙන්නේ නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *